ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වෛද්‍ය ෂාෆි : 'සමස්ත සිංහල අය වෙනුවෙන් මගෙන් සමාව ඉල්ලපු කිහිපදෙනෙක් ඉන්නවා'
කුරුණෑගල අවට ජනතාව අදටත් සිසේරියන් සැත්කම් සිදු කර ගැනීමට තමන් ළඟට පැමිණෙන බවත් වඳ සැත්කම් කළ බවට නැගු චෝදනාවන්ට සමාව ඉල්ලා සිටින බවත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි පවසයි.
ශ්‍රී ලංකාව තුළ අනාගත පරපුරට සතුටින් ජීවත් වීමට අවස්ථාව සැලසිය යුතු බවට විශ්වාස කරන තමන් රට හැර යෑමේ සුදානමක් නොමැති බවත් කවදා හෝ මේ බෞද්ධ රට වෙනත් රටවලට ආදර්ශයක් වෙන රටක් බවට පත කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
'අවස්ථාවාදී අරමුණු උදෙසා නීතිය, විද්‍යාව සහ ජනමධ්‍ය අවභාවිත කිරීම' යන තේමාව යටතේ මැයි 21වෙනිදා කොළඹ දී 'අයිතිය උදෙසා මාධ්‍යවේදීන්' විසින් සංවිධානය කළ සංවාදයකට එක්වෙමින් වෛද්‍ය ෂාෆි මේ අදහස් පළ කළේය.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී සිංහල මව්වරුන්ට වඳ සැත්කම් කළ බවට චෝදනා ලබා, අනිවාර්ය නිවාඩු ගන්වා අත්අඩංගුවේ සිටි වෛද්‍ය ෂාෆි පසුව එම චෝදනාවලින් නිදහස් වී නැවත කුරුණෑගල රෝහලේම සේවය කරයි.