ආසියාවේ ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකාවට

කාන්තා ක්‍රිකට් තරගයක් නැරඹීමට දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණි අතිවිශාල ජනකාය ඉදිරියේ ඉතිහාසයේ පළමු වරට ආසියානු කුසලාන කාන්තා ශුරතාවය අපරාජිතව තමන් සතුකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (ජුලි 28) සමත් විය. ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් කරමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Cricket

කාන්තා ක්‍රිකට් තරගයක් නැරඹීමට දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණි අතිවිශාල ජනකාය ඉදිරියේ ඉතිහාසයේ පළමු වරට ආසියානු කුසලාන කාන්තා ශුරතාවය අපරාජිතව තමන් සතුකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (ජුලි 28) සමත් විය. ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් කරමිනි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වසර 20 කට පසුව ආසියානු කුසලානය පළමු වරට ජයග්‍රහණය කිරීමට සමත් වුයේ විස්සයි 20 තරගයකදී සිය හොඳම ලකුණු හඹා යෑම සනිටුහන් කරමින් වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට පෙර අවස්ථා 5 කදී ආසියානු කුසලානයේ අනු ශුරියන් බවට පත්ව තිබුණි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වසර 20 කට පසුව ආසියානු කුසලානය පළමු වරට ජයග්‍රහණය කිරීමට සමත් වුයේ විස්සයි 20 තරගයකදී සිය හොඳම ලකුණු හඹා යෑම සනිටුහන් කරමින් වීම විශේෂත්වයකි.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Cricket

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වසර 20 කට පසුව ආසියානු කුසලානය පළමු වරට ජයග්‍රහණය කිරීමට සමත් වුයේ විස්සයි 20 තරගයකදී සිය හොඳම ලකුණු හඹා යෑම සනිටුහන් කරමිනි

කාසියේ වාසිය සහ වෙනස්කම

කසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ නායිකා හර්මන්ප්‍රීට් කාවුර් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළාය.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකරමින් අචිනි කුලසුරිය වෙනුවට සචිනි නිසංසලා කණ්ඩායමට කැඳවා තිබිණි.

සාර්ථක ආරම්භය අත්හැරුණු අවස්ථා

පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකාරීනියන් වන ෂෆාලි වර්මා සහ ස්ම්‍රිතී මන්දනා තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ.

ඔවුන් දෙදෙනා පළමු පන්දු වාර 6 තුළදී ලකුණු 44ක සාර්ථක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.

ඉන්දීය ඉනිමේ පස්වන පන්දු වාරය ක්‍රියාත්මක කළ කවීෂා දිල්හාරි හමුවේ ස්ම්‍රිතී මන්දනා ලබා දුන් උඩ පන්දු දෙකක් ශ්‍රී ලංකා පන්දු රකින්නියන් අතින් ගිලිහි ගියේය.

කෙසේ වුවත් 7 වන පන්දු වාරයේදී කවීෂා දිල්හාරි ලකුණු 16ක් රැස් කර ගෙන සිටි ෂෆාලි වර්මාගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුවාය.

ඉන්දීය ඉනිමේ 9 වන පන්දු වාරය ක්‍රියාත්මක කළ නායිකා චමරි අතපත්තු විසින් උමා චෙට්රී ලකුණු 9 කට දවා ගැනීමට සමත් වුවාය. ඒ වන විට ඉන්දීය පිලේ ලකුණු පුවරුව දිස්වුයේ ලකුණු 58 කට කඩුලු දෙකක් ලෙසය.

උමා චෙට්රී ගේ දැවී යෑමෙන් පසුව පිටියට එක්වූ ඉන්දීය කණ්ඩායමේ නායිකා හර්මන්ප්‍රීට් කාවුර් සහ ස්ම්‍රිතී මන්දනා එක්ව 3 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 29ක සබඳතාවයක් එක් කරනු ලැබූහ.

12 වන පන්දු වාරයේදී සචිනි නිසංසලා විසින් ලකුණු 11ක් රැස් කරගෙන සිටි ඉන්දීය කණ්ඩායමේ නායිකා හර්මන්ප්‍රීට් කාවුර් ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය.

කෙසේ වුවත් 7 වන පන්දු වාරයේදී කවීෂා දිල්හාරි ලකුණු 16ක් රැස් කර ගෙන සිටි ෂෆාලි වර්මාගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුවාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉන්දීය කණ්ඩායමේ 17 වන පන්දු වාරයේ දී ලකුණු 29ක් රැස් කරමින් සිටි ජෙමීමා රොඩ්‍රීගස් දුවද්දී දැවී ගිය අතර එම පන්දු වාරයේදීම ලකුණු 60ක් රැස් කරගෙන සිටි ස්ම්‍රිතී මන්දනා දැවී ගියේ කවීෂා දිල්හාරී ගේ පන්දුවක් හමුවේය.

පන්දුවාර 17ක් වන විට ඉන්දියානු කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 5 කට ලකුණු 133ක් ලෙස සටහන් විය.

අවසන් පන්දු වාර 03 තුළදී රීචා ගෝෂ් පන්දු 14 කදී රැස් කළ වේගවත් ලකුණු 30 නිසා ඉන්දීය කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කළේය.

පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි ලකුණු 36 කට කඩුලු දෙකක් දවා ගන්නා ලදී.

ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගණයට කැඳවා ගත් ක්‍රීඩිකාවෝ

ආසියානු කුසලාන තරගාවලියේ අර්ධ අවසන් වටය දක්වා අපරාජිතව පැමිණිමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වීමත් සමග මීට පෙර නොවූ විරූ ආකාරයෙන් ප්‍රේක්ෂකයින් කාන්තා ක්‍රිකට් කණ්ඩායම වටා රොක්වන ආකාරය දක්නට ලැබුණි.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Cricket

ඡායාරූප ශීර්ෂ වැකිය, ආසියානු කුසලාන තරගාවලියේ අර්ධ අවසන් වටය දක්වා අපරාජිතව පැමිණිමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වීමත් සමග මීට පෙර නොවූ විරූ ආකාරයෙන් ප්‍රේක්ෂකයින් කාන්තා ක්‍රිකට් කණ්ඩායම වටා රොක්වන ආකාරය දක්නට ලැබුණි

මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට නොමිලේ අවස්ථාව ලබාදී තිබුණ ද තරගාවලිය ආරම්භයේදී තරග නැරඹීම සඳහා එතරම් ප්‍රේක්ෂකයින් පිරිසක් ක්‍රීඩාංගණය වෙත පැමිණ සිටින අයුරු දිස්වූයේ නැත.

එහෙත් ආසියානු කුසලාන තරගාවලියේ අර්ධ අවසන් වටය දක්වා අපරාජිතව පැමිණිමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වීමත් සමග මීට පෙර නොවූ විරූ ආකාරයෙන් ප්‍රේක්ෂකයින් කාන්තා ක්‍රිකට් කණ්ඩායම වටා රොක්වන ආකාරය දක්නට ලැබුණි.

ඒ අනුව පසුගිය සිකුරාදා ( ජුලි 26) පකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති අර්ධ අවසන් වටය තරගය නැරඹීමට ද විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණියහ.

මෙම තරගාවලියේදී තරග 5 කදී ලකුණු 303ක් වාර්තා කිරීමට සමත් වුවාය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තරගාවලියේ තරග 5 කදී ලකුණු 303ක් වාර්තා කිරීමට චමරි අතපත්තු සමත් වුවාය

සුපිරි ලකුණු හඹා යෑම

විශ්මිගේ දැවී යෑමෙන් පසු පිටියට එක්වූ හර්ශිතා සමරවීරවික්‍රම සහ නායිකා චමරි අතපත්තු දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක සබඳතාවයක් එක් කිරීමට සමත් වූහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විශ්මිගේ දැවී යෑමෙන් පසු පිටියට එක්වූ හර්ශිතා සමරවීරවික්‍රම සහ නායිකා චමරි අතපත්තු දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක සබඳතාවයක් එක් කිරීමට සමත් වූහ

ලකුණු 166ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස විශ්මි ගුණරත්න එක් ලකුණකට දැවී ගියේය.

විශ්මිගේ දැවී යෑමෙන් පසු පිටියට එක්වූ හර්ශිතා සමරවීරවික්‍රම සහ නායිකා චමරි අතපත්තු දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක සබඳතාවයක් එක් කිරීමට සමත් වූහ.

තරගාවලිය පුරාවට ලකුණු අතර සිටි නායිකා චමරි අතපත්තු පන්දු 43 කදී වේගවත් ලකුණු 61ක් රැස් කරගෙන සිටියදී ශ්‍රී ලංකා ඉනිමේ දෙවන කඩුල්ල ලෙස දැවී ගියාය.

ඒ වන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දිස්වුයේ පන්දු වාර 12ක් අවසානයේදී ලකුණු 94ක් ලෙසයි.

චමරි ගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි කවීෂා දිල්හාරි සමග එක්වූ හර්ශිතා සමරවික්‍රම ඉන්දීය පන්දු යවන්නියන්ට එරෙහිව වේගවත් ලකුණු 73ක සබඳතාවයක් එක් කලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහි කඩ ඉම පසුකරමින්ය.

පන්දු 51 කදී ලකුණු 69ක් රැස් කරමින් හර්ශිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි පන්දු 16 කදී නොදැවී ලකුණු 30ක් රැස් කරමින් තරගය ජයගහ්‍රණය කරා රැගෙන ගියහ.

අවසන් මහ තරගයේදී තරගයේ ක්‍රීඩිකාව ලෙස සම්මානය දිනා ගනු ලැබුවේ නොදැවී ලකුණු 69ක් රැස් කළ හර්ශිතා සමරවික්‍රමය.

අවසන් මහ තරගයේදී තරගයේ ක්‍රීඩිකාව ලෙස සම්මානය දිනා ගනු ලැබුවේ නොදැවී ලකුණු 69ක් රැස් කළ හර්ශිතා සමරවික්‍රමය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අවසන් මහ තරගයේදී තරගයේ ක්‍රීඩිකාව ලෙස සම්මානය දිනා ගනු ලැබුවේ නොදැවී ලකුණු 69ක් රැස් කළ හර්ශිතා සමරවික්‍රමය

"අද ගොඩක් සතුටුයි මට. අද ෆිල්ඩින් වලදී මගේ අතින් උඩ පන්දු දෙකක් අත් හැරුණා. මම හිතා ගත්තා ඉන්දීය කණ්ඩායම ලකුණු කොච්චර ගැහුවත් ඒක මම ඉදලා ගහනවා."

"ඒ වගේම චමරි දැවී යෑමෙන් පසු මම කවීෂා එක්ක පොසිටිව් ප්ලේ කරමු කියලා කතා වුණා." ඇය පැවසුවාය.

එමෙන්ම තරගාවලියේ ක්‍රීඩිකාව ලෙස සම්මානය හිමිකර ගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ නායිකා චමරි අතපත්තුය.

"මම මගේ කණ්ඩායම ගැන සතුටු වෙනවා. ඒ වාගේම අපේ ක්‍රීඩිකාවෝ හොඳින් පිතිකරණයේ යෙදුණා."

"විශේෂයෙන්ම හර්ශිතා සහ කවීෂා අද හොදින් පිතිකරණයේ යෙදුණා."

"මේක තනි කෙනෙක්ගේ ජයග්‍රහණයක් නෙමේ. මේක කණ්ඩායමේ ම ජයග්‍රහණයක්."

"නායිකාව ලෙසට මගේ වගකීම ඉදිරියෙන් හිදිමින් කණ්ඩායම මෙහෙයවීම. මම ඒක කරනවා."

"අපේ මීලඟ ඉලක්කය ලබන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය. එක් එක් තරගය බැගින් ක්‍රීඩා කරමින් ඉදිරියට යන එකයි අපේ බලාපොරොත්තුව."

"ගොඩක් ස්තුතියි අපිව දිරි ගන්වන්න ක්‍රීඩාංගණයට ආපු සියළු දෙනාටම." ඇය පැවසුවාය.

කාන්තා ක්‍රිකට් තරගයක් නැරඹීමට දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණි අතිවිශාල ජනකාය ඉදිරියේ ඉතිහාසයේ පළමු වරට ආසියානු කුසලාන කාන්තා ශුරතාවය අපරාජිතව තමන් සතුකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (ජුලි 28) සමත් විය. ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් කරමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගාවලියේ දී දැක්වූ දක්ෂතා

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වුයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුය.

ඇය මෙම තරගාවලියේදී තරග 5 කදී ලකුණු 303ක් වාර්තා කිරීමට සමත් වුවාය.

තරගාවලිය තුළ ඇය එල්ල කළ 6 පහර සංඛ්‍යාව 15කි.

ආසියානු කුසලාන තරගාවලියකදී ශතකයක් වාර්තා කළ පළමු පිතිකාරිනිය බවට ද චමරි අතපත්තු වාර්තා පොත් අතරට එක්වුයේ මැලේසියානු කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 119ක් රැස් කරමිනි.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී වැඩියෙන්ම ලකුණු රැස් කළ 06 වන ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ හර්ශිතා සමරවික්‍රම ඉනිම් 04 කදී ලකුණු 140ක් රැස් කළාය.

පන්දු යැවීමේදී මෙවර තරගාවලියේ දී දෙවන වැඩිම කඩුලු ලාභිනිය බවට පත් වුයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කවීෂා දිල්හාරිය.

ඇය තරග 05 කදී කඩුලු 09ක් දවා ගනු ලැබිය.

මේ අතර ආසියානු කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක ත්‍යාග මුදලක් ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.