'කළු ජනවාරිය': ශ්‍රී ලංකාවේදී ඝාතනයට ලක් වූ, අතුරුදහන් කරවූ, පැහැරගෙන ගිය හා වධ හිංසාවට ලක් වූ ජනමාධ්‍යවේදීන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කියවීමේ කාලය: මිනිත්තු 2
ඝාතනයට ලක් වූ, බලහත්කාරයෙන් අතුරුදහන් කරවූ, පැහැරගෙන ගිය හා වධ හිංසාවට ලක් වූ මෙන් ම ප්‍රහාරයන්ට ලක් වූ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ව ජනවාරි මාසයේදී සිහි කරයි.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන කිහිපයක් ජනවාරි මාසය 'කළු ජනවාරිය' ලෙස නම් කර, සෑම වසරක ම සැමරීම සිදු කරන්නේ, මාධ්‍යවේදීන් මර්දනය කිරීමේ කැපී පෙනෙන සිදුවීම් කිහිපයක් ජනවාරි මාසයේදී සිදුවීම හේතුවෙනි.
එලෙස ජනවාරියේ සිදු වූ මර්දන කිහිපයක් පහතින් දැක්වේ.
- 2006 ජූනි 24 – සුබ්‍රමණියම් සුගීර්ධරාජන් ත්‍රිකුණාමලයේදී වෙඩි තබා ඝාතනය කිරීම.
- 2008 ජනවාරි 23 – ජාතික රූපවාහිනයේ ප්‍රවෘත්ති නිෂ්පාදකයෙකු ලෙස සේවය කළ හේමන්ත මාවලගේට පහර දීම.
- 2009 ජනවාරි 6 – සිරස මාධ්‍ය ආයතනයේ දෙපානම මැදිරි සංකීර්ණයට බෝම්බ ප්‍රහාරයක් සහ මැර ප්‍රහාරයක් එල්ල වීම.
- 2009 ජනවාරි 8 – සන්ඩේ ලීඩර් පුවත් පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග වෙඩි තබා ඝාතනය කිරීම.
- 2010 ජනවාරි 24 – ප්‍රදීප් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම.
- 2011 ජනවාරි 30 – රිවිර පුවත්පතේ සංස්කාරක උපාලි තෙන්නකෝන්ට පහර දීම.
- 2011 ජනවාරි 31 – Lanka E News වෙබ් අඩවියේ කාර්යාලය ගිනි තැබීම.
කළු ජනවාරි සැමරුමේ අරමුණ එක් එක් කාලවලදී එලෙස අසාධාරණයට ලක් වූ මාධ්‍යවේදීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කර දීමයි.
මේ, ඒ පිළිබඳව බීබීසී සිංහල තබන දෘෂ්‍යමය සටහනකි.






























