සමගි ජන බලවේගයේ අම්බලන්ගොඩ නගරාධිපති අපේක්ෂකයා වෙඩි තබා ඝාතනය කෙරේ

අම්බලන්ගොඩ නගරාසන්නයේ පිහිටි ප්‍රසිද්ධ වෙළඳ සමාගමකට අයත් ශාඛා කළමනාකරුවෙකු අද (දෙසැම්බර් 22 වැනිදා) පෙරවරු 8.05ට පමණ එම වෙළඳ සැල තුළදීම වෙඩි තබා ඝාතනය කර තිබේ.
    • Author, බීබීසී සිංහල

අම්බලන්ගොඩ නගරාසන්නයේ පිහිටි ප්‍රසිද්ධ වෙළඳ සමාගමකට අයත් ශාඛා කළමනාකරුවෙකු අද (දෙසැම්බර් 22 වැනිදා) පෙරවරු 8.05ට පමණ එම වෙළඳ සැල තුළදීම වෙඩි තබා ඝාතනය කර තිබේ.

හිරාන් කෝසල නැමති 47 හැවිරිදි මොහු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයේ අම්බලන්ගොඩ නගර සභා කණ්ඩායම් නායකයා ලෙස හා නගරාධිපති අපේක්ෂකයා ලෙස තරගකොට ඇත.

අම්බලන්ගොඩ ගාලු පාර ආසන්නයේ පිහිටි එම වෙළඳසැල තුළ දී ඔහු වෙඩි තබා ඝාතනය කොට ඇත්තේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු බවට මේ වන විට අනාවරණය වී තිබේ.

වෙළෙඳ සැල තුළට පැමිණි එක් පුද්ගලයෙකු වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් සඳහන් කළේය.

ඔහු පැවසුවේ ඒ සඳහා පිස්තෝලයක් භාවිත කර ඇති බවයි.

කෙසේවෙතත් මෙම වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය හෝ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

වීඩියෝව නරඹන්න
වීඩියෝ ශීර්ෂ වැකිය, සමගි ජන බලවේගයේ අම්බලන්ගොඩ නගරාධිපති අපේක්ෂකයා වෙඩි තබා ඝාතනය කෙරේ

තුවක්කුකරුවන් පැමිණි යතුරු පැදිය

වෙඩික්කරුවන් පැමිණී යතුරු පැදිය

පොලිසිය පසුව කළ පරීක්ෂණයේදි වෙඩික්කරුවන් පැමිණ ඇති බවට සැක කරන යතුරු පැදිය අම්බලන්ගොඩ ආඳාදොල කුරුඳුවත්ත ප්‍රදේශයේ අතහැර දමාගොස් තිබියදි සොයාගෙන ඇත. යතුරු පැදියේ අංකය ව්‍යාජ අංකයක් බවට අනාවරණයවි තිබේ.

මෙය පුද්ගලික එදිරිවාදිකමක් පිරිමසා ගැනීමට සිදුකළ ප්‍රහාරයක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල වෙත සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසියේ කණ්ඩායම් තුනකින් විමර්ශන ආරම්භ කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.