නත්තල: 'දිළිඳුන් සමග වේලක් වළඳන්න'

වීඩියෝ ශීර්ෂ වැකිය, කොළඹ නත්තල් අසිරිය සහ නත්තලේ පණිවුඩය
නත්තල: 'දිළිඳුන් සමග වේලක් වළඳන්න'

''දිළිඳුන් සමග වේලක් වළඳන්න'' යන තේමාව මුල් කරගෙන මෙවර නත්තල සමරන ලෙස කොළඹ අගරදගුරු ඇති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

දැඩි ආර්ථික අර්බුදයකින් ජනතාව පීඩා විඳින පසුබිමක ආටෝපවලට නොරැවටී නත්තල් දිනය දිළිඳුන් සමග ගත කරන ලෙස උන්වන්සේ ඉල්ලීමක් කළහ.

මේ අතර නත්තල සහ 2024 නව වසර උදාව නිමිත්තෙන් කොළඹ ගාලු මුවදොර අවට සැරසිලි රැසක් දක්නට ලැබේ. සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ඒවා ඉතා වැදගත් බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.