ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'විදුලි කාන්දුවක් හෝ ආගමික කටයුත්තක් නිසා ඇති වූ ගින්නක් වෙන්නත් පුළුවන්'
කොළඹ, පිටකොටුවේ පිහිටි මහල් අටකින් යුත් රෙදිපිළි අලෙවි කරන වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලක අද (ඔක්තෝම්බර් 27) ඇති වූ ගින්න සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන බව කොළඹ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගිනි නිවීමේ නිලධාරී පී.ඩී.කේ.ඒ විල්සන් BBC සිංහල සේවයට පැවසුවේය.
''මේක විදුලි කාන්දුවක් හෝ ආගමික කටයුත්තක් කරන්න ගිහිල්ලා පත්තු කරපු පොල්තෙල් පහනක්, හඳුන් කූරක් නිසා වෙන්නත් පුළුවන්. අපිට තොරතුරු කිහිපයක් ලැබිලා තියෙනවා. නමුත් නිශ්චිත හේතුව කියන්න පුළුවන් විමර්ශනයෙන් පස්සේ'' යනුවෙන් ප්‍රධාන ගිනි නිවීමේ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම ගින්න නිසා පුද්ගලයන් විසි තුන්දෙනෙකු මේවන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.