පකිස්ථානයේ ජල ගැලීමෙන් වැඩි ම හානියක් සිදුවූ බුනේර් වෙත ගිය BBC කණ්ඩායමට දැක ගත හැකි වූයේ මොනවා ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, සිය ගණනකට මරු කැඳවූ පකිස්ථානයේ ගංවතුරින් පසු තත්ත්වය
පකිස්ථානයේ ජල ගැලීමෙන් වැඩි ම හානියක් සිදුවූ බුනේර් වෙත ගිය BBC කණ්ඩායමට දැක ගත හැකි වූයේ මොනවා ද?

දරුණු මෝසම් ගංවතුර සහ නාය යාම් හේතුවෙන් වයඹදිග පකිස්ථානයේ දිස්ත්‍රික්කයක පුද්ගලයින් 200කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන් වී තිබේ.

පසුගිය දිනවල පකිස්ථානයේ සහ පකිස්ථානය පාලනය යටතේ පවතින කාශ්මීරයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 300කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, ඉන් වැඩි ම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කඳුකර කයිබර් පක්තුන්ක්වා පළාතේ ය.

දරුණුතම බලපෑමට ලක් වූ බුනේර් ප්‍රදේශයේ නිලධාරියෙකු බීබීසීයට පැවසුවේ, අවම වශයෙන් පුද්ගලයින් 209 දෙනෙකු තවමත් එහි අතුරුදහන් වී ඇති නමුත් එම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව යි.

බීබීසී පුවත් කණ්ඩායමක් එහි සංචාරයක යෙදුණේ ය.