'ගර්භණී සමයේ දුම්පානයෙන් වැඩිපුර ම පීඩාවට පත්වන්නේ පිරිමි දරුවන්'- අධ්‍යයනයකින් හෙළිවෙයි

Pregnant woman in blue and white striped top with right hand resting on baby bump and left hand holding a lit cigarette.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගර්භණී සමයේදී දුම්පානය පිළිබඳ අධ්‍යයනය සඳහා පුද්ගලයින් 500,000 කගේ දත්ත පරීක්ෂා කරන ලදී.
    • Author, කෙන් බෑන්ක්ස්
    • Role, බීබීසී ස්කොට්ලන්තය, ඇබර්ඩීන්

ගර්භණී සමයේදී දුම් පානය කරන කාන්තාවන්ගේ පිරිමි දරුවන් ඔවුන්ගේ ගැහැනු දරුවන් වඩා දිගුකාලීන අතුරු ආබාධ අත්විඳින බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

ඇබර්ඩීන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් ජාන සම්බන්ධතා අධ්‍යනය කිරීම සඳහා එක්සත් රාජධානිය පුරා පුද්ගලයින් 500,000 කගේ දත්ත අධ්‍යයනය කළහ.

ගර්භණී සමයේදී දුම්පානය කළ කාන්තාවන්ට උපදින පිරිමි දරුවන්, තමන්ද දුම්පානය කළහොත් අඩු වයසින් මියයාමට වැඩි ඉඩක් ඇති බව ප්‍රතිඵලවලින් පෙනී යන බව ඔවුහු පැවසූහ.

දුම් පානය කරන්නන් සඳහා නව උපදේශන සහ උපාය මාර්ග නිර්මාණය කිරීමට වෛද්‍ය ප්‍රජාවට උපකාර කිරීමට ඔවුන්ගේ මෙම සොයාගැනීම් උපකාරී වනු ඇතැයි පර්යේෂණ කණ්ඩායම පැවසීය.

මෙම කණ්ඩායම මව්වරුන් සහ ඔවුන්ගේ වැඩිහිටි දරුවන් අතර ජානමය සම්බන්ධතාවය සොයා බැලීය.

ස්කොට්ලන්තය, එංගලන්තය සහ වේල්සයේ පිහිටි මධ්‍යස්ථාන 22 ​​ක පුද්ගලයින් 500,000 කගේ දත්ත ඒ සඳහා භාවිතා කරන ලදී.

ගර්භණී සමයේ මාතෘ දුම්පානය කාන්තාවන්ට වඩා පිරිමි කලල සහ වැඩිහිටි පිරිමි දරුවන්ට බලපාන බව ඔවුන් සොයා ගත්හ.

පිරිමි කළලවල අක්මාවේ ඇතැම් ජානවල වෙනස්කම් ගැබ්ගැනීමේ සති 17 සිට ම දක්නට ලැබුණි. මෙම වෙනස්කම් වැඩිහිටි විය දක්වා ම පවතින අතර, පිරිමින්ට මේ හේතුවෙන් ආයු අපේක්ෂාව කෙටි වීම සිදුවන බව ද මෙමඟින් පෙන්නුම් කළ බව ඔවුහු පැවසුහ.

වැඩිහිටි පුරුෂයෙකු දුම්පානය නතර කළහොත් හෝ කිසි විටෙකත් දුම්පානය නොකරන්නේ නම්, එම ජාන වෙනස්කම් හා සම්බන්ධ අවදානම් අඩු කිරීමට හෝ ඉවත් කිරීමට ඔහුට හැකි වන බව කතුවරුන් සඳහන් කළහ.

Man with grey beard and black-rimmed glasses, wearing a white medical jacket, arms folded, smiling, in a laboratory setting.

ඡායාරූප මූලාශ්‍රය, University of Aberdeen

ඡායාරූප ශීර්ෂ වැකිය, මහාචාර්ය පෝල් ෆවුලර් පර්යේෂණ කණ්ඩායමට නායකත්වය දුන්නේය.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ඇබර්ඩීන් විශ්ව විද්‍යාලයේ පරිවර්තන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන මහාචාර්ය පෝල් ෆවුලර් විසිනි.

"ගර්භණී සමයේදී දුම්පානය ශරීරයට අණුක මට්ටමින් බලපාන ආකාරය ගවේෂණය කිරීමට අපගේ සොයාගැනීම් උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු, එමඟින් විද්‍යාඥයින්ට නිශ්චිත රෝග ඇති කරන හෝ වෙනස් කරන ආකාරය තේරුම් ගැනීමට ඉඩ සලසයි," ඔහු පැවසීය.

"අවසානයේදී, දුම්පානය නැවැත්වීම සඳහා වඩාත් හොඳ උපදේශන උපාය මාර්ග සහ ව්‍යාපාර සංවර්ධනය කිරීමට වෛද්‍ය ප්‍රජාවට එය උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා."

මිහයිල් මිහොව් ආචාර්ය උපාධියක් සඳහා වූ ඔහුගේ අධ්‍යයන කටයුතුවල කොටසක් ලෙස මෙම පර්යේෂණයට සහභාගී විය.

"ගර්භණී සමයේදී මව දුම්පානය කිරීම ළදරුවන්ට බොහෝ සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට හේතු වී තිබෙනවා," ඔහු පැවසීය.

"කෙසේ වෙතත්, මවගේ දුම්පානය ගර්භාෂය තුළ සිදුවන ක්‍රියාවලීන්ට බලපාන්නේ කෙසේද සහ ඒවා ජීවිතයේ පසුකාලීනව සෞඛ්‍යය පිරිහීමට හේතු වන්නේ කෙසේද යන්න පිළිබඳව අපට මීට පෙර තිබුණේ සීමිත දැනුමක් විතරයි."

"ගර්භණී සමයේදී දුම්පානය කිරීම ළදරුවෙකුගේ සෞඛ්‍යයට බලපාන බව අපගේ සොයාගැනීම්වලින් පෙනී යනවා, විශේෂයෙන් පිරිමින් තුළ, දෙවන ත්‍රෛමාසිකයේ සිට වැඩිහිටිභාවය දක්වා පවතිනවා."

Silhoutte of a pregnant woman smoking.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "ගර්භණී සමයේදී දුම්පානය කිරීම ළදරුවෙකුගේ සෞඛ්‍යයට බලපාන බව අපගේ සොයාගැනීම්වලින් පෙනී යනවා, විශේෂයෙන් පිරිමින් තුළ, දෙවන ත්‍රෛමාසිකයේ සිට වැඩිහිටිභාවය දක්වා පවතිනවා."

ජර්මනියේ සෞඛ්‍ය හා වෛද්‍ය විශ්වවිද්‍යාලයේ වසංගත රෝග විද්‍යාව සහ ජෛව සංඛ්‍යාලේඛන පිළිබඳ මහාචාර්ය ෆීලික්ස් ග්‍රාස්මන් මෙම පර්යේෂණයට සම නායකත්වය දුන්නේය.

බොහෝ පර්යේෂණ සඳහා ඉතා සුළු පිරිසක් සම්බන්ධ වී ඇති බැවින්, දුර්ලභ සම්බන්ධතා සොයා ගැනීමට එයට සංඛ්‍යානමය බලයක් නැහැ," ඔහු පැවසීය.

"මෙම පර්යේෂණයේදී, අපි පුද්ගලයින් 500,000 කට වැඩි පිරිසකගේ ජානමය, ජෛව රසායන විද්‍යාව සහ වෛද්‍ය ප්‍රශ්නාවලියේ දත්ත භාවිතා කළා, ඒ ගර්භණී සමයේදී මාතෘ දුම්පානයේ බලපෑම් පිළිබඳව වාර්තා වූ විශාලතම අධ්‍යයනයන්ගෙන් එකක් බවට පත් කිරීමටයි."

"කෙටියෙන් කිවහොත්, ගර්භණී සමයේදී මවක් දුම් පානය කරන විට එය ඇගේ පුතාගේ අක්මාවට, ඇගේ දියණියගේ අක්මාවට වඩා බලපාන බව අපට පෙනී ගියේ." ඔහු තවදුරටත් පැවසීය.

"මෙම වෙනස සහ මරණ අවදානමේ ස්ත්‍රී පුරුෂ වෙනස්කමේ වෙනස මැදිවිය දක්වාම පවතී."

"සෑම කාන්තාවකටම දුම්පානය නොකොට තම ගර්භණී සමය ගත කිරීමට උපකාර කිරීමේ වැදගත්කම" අවධාරණය කිරීම සඳහා Action on Smoking (Ash) පුණ්‍යායතනය පර්යේෂණයට සිය ස්තුතිය පළ කර තිබේ.