මසූද් පෙසෙෂ්කියාන්: ඉරානය සලිත කළ ප්‍රතිසංස්කරණවාදියාගේ ජයග්‍රහණය

ඡායාරූප මූලාශ්‍රය, STR/EPA-EFE/REX/Shutterstock
- Author, කේවන් හොසේනි
- Role, බීබීසී පර්සියානු
දින 50කට ත් අඩු කාලයකදී ඉරානය දැඩි මතධාරී, බටහිර විරෝධී ජනාධිපතිවරයෙකුගේ සිට ප්‍රතිසංස්කරණවාදී ජනාධිපතිවරයෙකු වෙත මාරු විය. එය කිසිවෙකු අපේක්ෂා නොකළ දෙයකි. සෙනසුරාදා තේරී පත් වූ මසූද් පෙසෙෂ්කියාන් වසර 19කට පෙර ඉරානයේ අවසන් ප්‍රතිසංස්කරණවාදී ජනාධිපතිවරයා යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.
එතැන් සිට, ප්‍රතිසංස්කරණවාදීන්ට ජනාධිපතිවරණ තරගවලදී විවිධ තහංචි වැටිණි. පෙසෙෂ්කියාන් පවා ඔවුන්ට සුදුසු ම අපේක්ෂකයා නොවිණි. කෙසේ වෙතත්, තමන්ට මෙවර ඉතා සුළු අවස්ථාවක් ඇති බව වටහා ගත් ප්‍රතිසංස්කරනවාදීහු, එම අවස්ථාව සම්පූර්ණයෙන් ම පාහේ තමන් සතු කර ගැනීමට කටයුතු කළහ.
මෙය 'කම්පනයක්' වන්නේ ඇයි?
ඉරාන ව්‍යවස්ථාවට අනුව, සියලු ම ජනාධිපති අපේක්ෂකයින් එරට සැලකිය යුතු බලයකට හිමිකම් කියන භාරකාර කවුන්සිලයේ පරීක්ෂාවට භාජනය විය යුතු ය. 1997 සිට 2005 දක්වා පරිපාලනය පවත්වාගෙන ගිය ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායමට අපක්ෂපාතීව භාරකාර කවුන්සිලය කටයුතු කළ බවට කවුන්සිලයට චෝදනා එල්ල වී ඇත. පසුගිය මැතිවරණ තුනේදී, ප්‍රතිසංස්කරණවාදීන් චෝදනා කළේ, ඔවුන්ගේ ඉහළ පෙළේ අපේක්ෂකයින් සියල්ලන් ම කවුන්සිලය විසින් නුසුදුස්සන් කරනු ලැබ ඇති බව ත්, ඔවුන්ගේ කඳවුරේ එතරම් ප්‍රසිද්ධියක් නොමැති පුද්ගලයින්ට පමණක් අපේක්ෂකයින් ලෙස මැතිවරණයට සහභාගී වීමට අවස්ථාව ලබා දුන් බව ත් ය. එබැවින්, එවැනි අසමාන තත්ත්ව පැවති භූමියක ඔවුන්ට ඔවුන්ගේ ගතානුගතික ප්‍රතිවාදීන් සමග සටන් කර මැතිවරණ ජයග්‍රහණය කිරීමට නොහැකි විය.
හිටපු ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මේ වසරේ මැයි 19 වන දා හෙලිකොප්ටර් අනතුරකින් මිය ගිය අවස්ථාවේදී ද බොහෝ දෙනෙකු අපේක්ෂා කළේ, එවැනි ම තත්ත්වයකි. භාරකාර කවුන්සිලය ජූනි 9 වන දින සිය පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පවා, ප්‍රතිසංස්කරණවාදීන් යපහත් ප්‍රතිඵල අත්කර ගනු ඇතැයි යන අපේක්ෂා ඉතා අඩු විය. මූලධර්මවාදී අනෙක් කණ්ඩායම සමග දේශපාලන ස්ථාවරය නොගැළපෙන, අපේක්ෂකයින් හය දෙනා අතර සිටි එක ම අපේක්ෂකයා මසූද් පෙසෙෂ්කියාන් විය: ප්‍රතිසංස්කරනවාදීන් හා සසඳන විට වඩා ගතානුගතික වන සහ පාලන තන්ත්‍රයේ ඉස්ලාමීය දෘෂ්ටිවාදයේ වඩා ත් රැඩිකල් ආකාරයකට මූලධර්මවාදීහු සහය දක්වති. ඉරානයේ උත්තරීතර නායකයා වන අලි කමේනි එම පාර්ශවයෙන් පැමිණි අයෙකු වන අතර, එබැවින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) ප්‍රතිසංස්කරණවාදීන්ට වඩා ඔවුන්ට සමීප ය.
කමේනිගේ ආධාරකරුවෙකු නොවන ඕනෑ ම අයෙකු ඔහුගේ සෙසු ගතානුගතිකයින් විසින් ප්‍රතිස්ථාපනය කරනු ලබන, එනම් මාධ්‍ය මගින් හඳුන් වන"සමජාතීයකරණය" නම් සම්බන්ධීකරණ ක්‍රියාවලියක් යටතේ මූලධර්මවාදීන් මෑත වසරවලදී ප්‍රතිසංස්කරණවාදීන් බලයෙන් ඉවතට තල්ලු කළ ආකාරය රට තුළ දක්නට ලැබිණි. මෙය සැලකිය යුතු ප්‍රතිරෝධයක් ඇති කළ අතර, විශේෂයෙන් 2009දී ප්‍රතිසංස්කරණවාදීන් විසින් ජනාධිපතිවරණය දූෂිත වූ බව ප්‍රකාශ කිරීම ත් සමග එය මිලියන ගණනක් විරෝධතාවල නිරත වීමට තුඩු දුන්නේ ය.

ඡායාරූප මූලාශ්‍රය, khamenei.ir
2021 වසරේදී ඊබ්‍රහිම් රයිසි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ විට, ඇතැම් විශ්ලේෂකයින් ප්‍රකාශ කළේ, එම ක්‍රියාවලිය [සමජාතීයකරණය] සම්පූර්ණ බව ය. ඉරානයේ "ඉස්ලාමීය ජනරජයේ" සෑම අංගයක් ම උත්තරීතර නායකයාගේ සමාන අදහස් ඇති ගතානුගතිකයින්ගේ පාලනය යටතට පත් වූ අතර, ඔවුන් දැන් ඔවුන්ව 'විප්ලව පෙරමුණ' (Revolution Front) ලෙස හඳුන්වා ගනී. රයිසිට, කමේනි හා සමාන පෙනුමක් තිබුණා පමණක් නොව ඔහුගේ ප්‍රතිපත්ති - අභ්‍යන්තර හා බාහිර යන දෙඅංශයෙන් ම - කමේනි සැමවිට ම පෙනී සිටි ප්‍රතිපත්තිවලට සමාන විය: චීනය සහ රුසියාව සමග වඩා ත් සමීප සබඳතා පවත්වා ගැනීම එනම්, "නැගෙනහිර දෙස බලන්න" නම් විදේශ ප්‍රතිපත්ති මූලධර්මයක් සමග යුගලනය කරන ලද ස්වයංපෝෂිත ආර්ථිකයක් සඳහා උත්සහ කිරීම ඒවා අතර වේ.
ඇත්ත වශයෙන් ම, සමාජය මත වැඩි වැඩියෙන් "ඉස්ලාමීය" සීමා මායිම් පැනවීම ඔවුන්ගේ ප්‍රතිපත්තිවල ප්‍රධාන අංගයක් විය. එනම්, කාන්තාවන්ට දැඩි ලෙස සැලකීම ය; එය 2022 සැප්තැම්බරයේදී අත්අඩංගුවේ සිටි තරුණියකගේ මරණයට සහ ඉරානයේ සමස්ත "ඉස්ලාමීය ජනරජ" පාලන තන්ත්‍රයට එරෙහි විශාලතම මහජන විසම්මුතිය ඇති වීමට හේතු වූ ප්‍රතිපත්තියක් විය. පාලක පූජකයන් දැක්වූ ප්‍රතිචාරය 2009 විරෝධතාවලටත් වඩා ප්‍රචණ්ඩ විය. මානව හිමිකම් සංවිධානවලට අනුව, මාස හයක පමණ වීදි පුරා පැවති උද්ඝෝෂණ අතරතුර, අවුරුදු 18ට අඩු දරුවන් 60කට වැඩි සංඛ්‍යාවක් ඇතුළුව 500කට වැඩි පිරිසක් මිය ගියහ. ඉන්ටර්නෙට් වාරණ වැඩි වීම, සමූහ අත්අඩංගුවට ගැනීම්, තරුණ විරෝධතාකරුවන් සඳහා නඩු පැවරීම්, සහ ඔවුන්ගෙන් හතර දෙනෙකුට මරණ දණ්ඩනය පැනවීම පවා 2022-2023 පාලන-විරෝධී විරෝධතාවලින් පසුව සිදු විය.
එලෙස සිදු වූ දේශපාලන මර්දනයේ ප්‍රතිඵලයක් ලෙස වීදි පුරා පැවති උද්ඝෝෂණ නතර විය. ඒ අතර ම, රටෙන් පිටත මෙම ආගමික රෙජීමයට විරුද්ධ පිරිස් සංවිධානය වීමට අසමත් වූ අතර ඒ වෙනුවට දරුණු එදිරිවාදිකම් සහ මතභේදවල පැටලී ගියේ ය. 1979දී එය පිහිටුවීමෙන් පසු රෙජීමය සිය පැවැත්මට එල්ල වූ වඩා ත් බරපතළ ම තර්ජනය සාර්ථකව හසුරුවා ඇති බව ඉන් පෙනී ගියේ ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කෙසේ වෙතත්, අවසාන ප්‍රබල විරෝධතා රැල්ලෙන් පසු මතුපිටින් සන්සුන් බවක් දිස්වන්නට විය. දැඩි පීඩා කිරීම්වලින් ඇති වූ කෝපයට අමතරව, ආර්ථික දුෂ්කරතා ද අතෘප්තිය ඇතිවීමට බලපෑ වැදගත් මූලාශ්‍රවලින් එකකි. එබැවින්, හිටපු ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරට ලක් වීම පිළිබඳ ආරංචිය ලැබුණු විට, ජනාධිපතිවරණයක් පැවැත්වීම පාලනයට නපුරු සිහිනයක් මෙන් විය. තම විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට නොහැකි පුද්ගලයින්ට සහ විපක්ෂ කණ්ඩායම්වලට (මේ වන විට නොබෙල් ත්‍යාගලාභී නාර්ගෙස් මොහොමදී ඇතුළු බොහෝ වැදගත් පුද්ගලයෝ සිරගතව සිටිති) ඡන්දය වර්ජනය කිරීමෙන් තම විරෝධය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණය සාමකාමී ස්ථානයක් ලෙස පෙනිණි.
එසේ වුව ද, ප්‍රතිසංස්කරණවාදීන් - විශේෂයෙන් ම හිටපු ජනාධිපති මොහොමඩ් ඛටාමි වැනි ඔවුන්ගේ ඉහළ ම පුද්ගලයෝ මසූද් පෙසෙෂ්කියාන්ට උද්යෝගීමත් ලෙස සහයෝගය දැක්වීමට පසුගාමීව සිටීමේ ඔවුන්ගේ මෑත කාලීන මැතිවරණ උපක්‍රමය වෙනස් කිරීමට තීරණය කළහ. මේ අනුව, මැතිවරණය මුලදී ඡන්දය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අය සහ වර්ජනයකට සහය දෙන අය අතර සහභාගීත්වය පිළිබඳ සටනක් බවට පත් විය. එහි ප්‍රතිඵලය වූයේ, එරට ඉතිහාසයේ ජනාධිපතිවරණයකදී වාර්තා වුණු අඩු ම ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය වාර්තා වීම ය. පළමු වටයේදී 40%ක් පමණ ඡන්දය ප්‍රකාශ කළ අතර ඉන් ප්‍රමුඛ අපේක්ෂකයින් දෙදෙනෙකු දෙවන වටය සඳහා සුදුසුකම් ලැබූහ. මසූද් පෙසෙෂ්කියාන් සහ 2013 දක්වා මොහොමඩ් අහමදිනෙජාඩ්ගේ ජනාධිපති ධූර කාලය තුළ ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික සාකච්ඡාකරුවා වූ සුප්‍රසිද්ධ දැඩි මතධාරියෙකු වන සයීඩ් ජලීලී එම අපේක්ෂකයින් දෙදෙනා වූහ.
ජලීලීගේ අදහස් උත්තරීතර නායකයා සමග බොහෝ සෙයින් ගැළපෙන ආකාරය සහ මැතිවරණයේ අවංකභාවය පිළිබඳ විවිධ අදහස් පළ වුව ද සෙනසුරාදා ලෝකය අවදි වූයේ, ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස මිනිසුන්ගේ ජීවිතවලට බලපාන සියලු ම ප්‍රතිපත්ති සඳහා සැලකිය යුතු වෙනස්කම් සිදු කරන බවට පොරොන්දු වූ මිනිසෙකු වන පෙසෙෂ්කියාන් තේරී පත් වූ බව දැන ගනිමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Photo by ABEDIN TAHERKENAREH/EPA-EFE/REX/Shutterstock
පෙසෙෂ්කියාන් පොරොන්දු වූයේ මොනවා ද?
පෙසෙෂ්කියාන්ගේ මැතිවරණ මූලෝපායේ හරය වූයේ, ගතානුගතික දේශපාලනඥයින්ගේ බටහිර විරෝධී විදේශ ප්‍රතිපත්තියට පහර දීම ය. ප්‍රතිසංස්කරණවාදී දේශපාලනඥයන්ගේ සංකීර්ණ ජාලයට අමතරව ඔහු 2015දී සිදුවුණු දැවැන්ත ගනුදෙනුවක් සමග පැවති න්‍යෂ්ටික සාකච්ඡාවල කැපී පෙනෙන කාර්යභාරයක් සිදු කළ එරට විදේශ අමාත්‍ය මොහොමඩ් ජාවාඩ් සරීෆ් ද බඳවා ගත්තේ ය. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී, පෙසෙෂ්කියන්, පසෙකින් සරීෆ් ද තබා ගෙන ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය "බටහිර විරෝධී හෝ පෙරදිග විරෝධී" නොවන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ය. රට රුසියාවට සහ චීනයට සමීප කිරීම සඳහා වූ රයිසිගේ ප්‍රතිපත්ති දෙදෙනාගේ විවේචනයට ලක් වූ අතර, ආර්ථික අර්බුදය විසඳිය හැකි එක ම කණ්ඩායම තමන් බව ත්, රටේ න්‍යෂ්ටික අර්බුදය සඳහා විසඳුමකට එළඹීමට සහ සම්බාධක ලිහිල් කර ගැනීමට බටහිර සමග සාකච්ඡා කිරීම වැදගත් බව ත් ඔවුහු අවධාරණය කළහ.
අනෙක් අපේක්ෂකයා සහ උත්තරීතර නායකයා මෙම අදහස් විවේචනය කළහ. ඉරානයේ කොන්දේසි නොතකා එක්සත් ජනපදය ඉවත් කරගත් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ගැන සඳහන් කරමින් කමේනි, එක්සත් ජනපදය සමග මිත්‍රශීලී සබඳතා තුළින් සමෘද්ධිය අත්කර ගැනීමට විශ්වාස කරන අය "මුලා වූවන්" ලෙස හැඳින්වීය. ඔහුට ඇති ව්‍යවස්ථාපිත අධිකාරිය සහ ජාත්‍යන්තර සබඳතා කෙරෙහි ඇති පෞද්ගලික උනන්දුව හේතුවෙන් විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ඔහුගේ අදහස් ඉතා වැදගත් වේ.
ඉරානයේ දේශපාලන ව්‍යුහය තුළ ජනාධිපතිවරයාට විදේශ ප්‍රතිපත්තිය නැවත සකස් කිරීමට බලයක් නොමැති බව පැවසූ මැතිවරණය වර්ජනය කරන ලද කණ්ඩායමෙන් පෙසෙෂ්කියාන්ට සහ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට සැලකිය යුතු අභියෝගයක් එල්ල විය. ඒ බව පැවසීමට මැතිවරණය වර්ජනය කිරීම වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම සතුව ප්‍රබල සාක්ෂි තිබිණි. කලාපයේ ඉරානයේ ප්‍රතිපත්තිවල වැදගත් ම අංගයක් වන්නේ, කුඩ්ස් බළකාය (IRGCහි බාහිර හස්තය) කරන්නේ කුමක් ද යන්න ය. ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් ඍජු බලයක් නොමැති අතර ඔවුන් කළ යුතු හෝ නොකළ යුතු දේ තීරණය කළ හැක්කේ, උත්තරීතර නායකයාට පමණි. කමේනි නැවත නැවතත් මෙම මැතිවරණයේ පළමු වටයට දින තුනකට පෙර ද පැවසුවේ, රටේ ආරක්ෂක ප්‍රතිපත්ති සඳහා කුඩ්ස් බළකායේ ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍ය බව ය.
ඔක්තෝබර් 7 වන දා මැද පෙරදිග සිදුවූ සිදුවීම්වලින් පසුව ඉරාන පාලන තන්ත්‍රය වෙනුවෙන් ක්‍රියා කරන කණ්ඩායම් ජාලයේ සහ ලෙබනනය, සිරියාව සහ ඉරාකය වැනි රටවල ඉරාන හමුදාවන්ගේ ක්‍රියාකාරකම්වල වෙනස්කම් සිදු කිරීම අභියෝගාත්මක විය. පසුගිය මාස අට තුළ, ඉරානය කලාපයේ හමාස් සංවිධානයේ ප්‍රධාන ආධාරකරු වූ අතර, යේමනයේ හූති වැනි ඔවුන්ගේ අධාර ලබන කණ්ඩායම් ඊශ්‍රායල සහ බටහිර අවශ්‍යතාවලට හානි කිරීම සඳහා රතු මුහුදේ වෙළෙඳ මාර්ගය කඩාකප්පල් කිරීමට උත්සහ කළේ ය. දෙරට අතර ඇති වූ පෙර නොවූ විරූ ගැටුමකදී ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ඍජුව ම ඊශ්‍රායලයට පහර දුන්නේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
එසේ වුව ද, ජනාධිපතිවරයා ඉහළ ම ශ්‍රේණියේ ඉරාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා වන අතර, ඔහුගේ කාර්යාලය පමණක් නොව, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී සහ ඒවා හැඩගැස්වීමේදී පවා විදේශ අමාත්‍යංශය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. 2015දී එවකට මධ්‍යවාදී ජනාධිපති හසන් රොහානි, කමේනි ඇතුළු දැඩි මතධාරීන්ට න්‍යෂ්ටික ගනුදෙනුව පිළිගැනීමට ඒත්තු ගැන්වීමේදී සිදු වූ පරිදි, පෞද්ගලිකව ඒත්තු ගැන්වීමෙන් ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව ඇත. එපමණක් නොව, පරිපාලනයට මහජන කතිකාවට සැලකිය යුතු ලෙස බලපෑම් කළ හැකි අතර, කමේනිගේ ස්ථාවරය සමග 100%ක් නොගැළපෙන ප්‍රතිපත්ති ද ප්‍රවර්ධනය කළ හැකි ය. එවැනි සූක්ෂ්ම තැන් ප්‍රතිසංස්කරනවාදීන්ට ඔවුන් පොරොන්දු වූ දේ කිරීමට ත් "දැඩි මතධාරීන් විසින් රට වටා ගොඩනගනු ලැබ ඇති තාප්ප" ලෙස පෙසෙෂ්කියන් හැඳින්වූ දේ අවසන් කිරීමට ත් ඇති එක ම අවස්ථාව වනු ඇත.
එහෙත් මෙවර - පෙර පැවති ප්‍රතිසංස්කරණවාදී පරිපාලනය මෙන් නොව - වඩා නිදහස් හා වඩා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා වූ පොරොන්දු බොහෝ දුරට නොතිබිණි. දැඩි මතධාරීන් විසින් ප්‍රධාන චින්තකයන් ඝාතනය කරනු ලැබීම, පුවත්පත් වසා දැමීම් සහ ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකරුවන් සඳහා මහා පරිමාණයෙන් නඩු පැවරීම ඇතුළුව, ප්‍රතිසංස්කරණවාදීන් දැඩි දේශපාලන පීඩා කිරීම්වලට මුහුණ දී ඇත. උත්තරීතර නායක කාර්යාලය, භාරකාර කවුන්සිලය සහ උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලය වැනි තීරණාත්මක බල මධ්‍යස්ථාන කෙරෙහි ඔවුන්ට එතරම් බලපෑමක් කළ නොහැක. ඔවුන්ට නිදහස් මැතිවරණ පැවැත්වීමට, වාරණ නීති වෙනස් කිරීමට හෝ සදාචාර පොලිසිය පාලනය කිරීමට නොහැකි ය. වැදගත් ම දෙය නම්, මිලියන 20කට වඩා (මිලියන 35න්) ඡන්දය දුන් මීට වසර 27කට පෙර මෙන් නොව, පෙසෙෂ්කියාන් ජයග්‍රහණය කළේ, සුදුසුකම් ලත් ඡන්ද දායකයින් මිලියන 62කින් මිලියන 16ක් පමණ ඡන්ද ලබා ගනිමිනි. ඉරානය තම අරමුණු සුරක්ෂිත කර ගැනීම සඳහා තව තවත් බටහිර විරෝධී විය යුතු බවට තර්ක කළ ඔහුගේ වඩා ත් රැඩිකල් ප්‍රතිවාදියා වන සයීඩ් ජලීලීට මිලියන 13කට වැඩි පිරිසක් ඡන්දය ලබා දුන්හ. එය වෙනසක් සඳහා පෙසෙෂ්කියාන්ට ලැබෙන ජන වරම තක්සේරු කිරීමේදී ප්‍රධාන සාධකයකි.












