පාස්කු ඉරුදින ප්‍රහාරය: ගම්මන්පිල හෙළිදරව් කළේ මොනවා ද?
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධානම චූදිතයෙකු ලෙස විමර්ශන කමිටු වාර්තාවකින් නම් කර ඇති හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලෙකම් ධුරයෙන් ඉවත් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අවධාරණය කළේය.
එමෙන්ම බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජාතියෙන් සමාව ගත යුතු බවත්, මෙම කාරණා දෙක ඉටු නොකළ හොත් ඉදිරි පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බවටත් ඔහු අවධාරණය කළේය.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීම වෙනුවෙන් අද (ඔක්තෝබර් 21වැනිදා) පෙරවරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
මාධ්‍ය හමුව ආරම්භයේදීම ගම්මන්පිල පැවසුවේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීම සඳහා ජනපතිවරයාට අද උදෑසන 10 වනතෙක් කාලය ලබා දුන් බවය.
අනතුරුව මිනිත්තු 20ක සහන කාලයක්ද ලබා දුන් බවත් එම කාලසීමාව තුළද වාර්තා ප්‍රසිද්ධ නොකිරීම හේතුවෙන් ජනාධිපතිතුමා ම පවසා ඇති පරිදි මෙම වාර්තාවල තොරතුරු දැන ගැනීමට ජනතාවට ඇති ශුද්ධ වූ අයිතිය අනුව තමන් ඒවා ප්‍රසිද්ධ කරන බව ඔහු කියා සිටියේය.
මෙම වාර්තා ප්‍රසිද්ධියට පත් නොකර සිටීමෙන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝණය කර ඇති බවට උදය ගම්මන්පිල චෝදනා කළේය.
"මම කතා කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් පත්කරපු මෙතෙක් ප්‍රසිද්ධ නොකරපු ජනාධිපතිතුමා සිතාමතා ප්‍රසිද්ධ කිරීමට පැකිලෙමින් සිටින කමිටු වාර්තා දෙක ගැනයි."
"පළවෙනි වාර්තාව විශ්‍රාමික විනිසුරු එස්. අයි. ඉමාම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත්කරලා මේ කමිටුවේ වාර්තාව 2024 ජූනි මාසේ 25 වැනිදා එවකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දුන්නා. මේ වාර්තා වේ විෂය පථය වන්නේ චැනල් 4 නාලිකාව මගින් එල්ල කළ චෝදනා 25ක් පිළිබඳ අත්ත නැත්ත විමර්ශනය කිරීමයි."
"මේ තියෙන දෙවැනි වාර්තාවේ විෂය පථය වෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසියෙන් හෝ බුද්ධි අංශයෙන් යම් අතපසුවීමක්, වැරැද්දක් සිදුවුණාද කියන එක විමර්ශනය කරන එක. විශ්‍රාමික විනිසුරු ඒ.එම්.ජේ ද අල්විස්ගේ ප්‍රධානත්වයෙන් පත්කළ මේ කමිටුව 2024 සැප්තැම්බර් 14 වැනිදා ඒ කියන්නේ වර්තමාන ජනාධිපතිවරයා පත් වෙන්න හරියටම සතියකට කලින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට භාරදුන්නා."
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වාර්තා සඟවා තබන්න උත්සහ කරනවා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"දැන් මේ වාර්තා සඟවා තබන්න ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව උත්සහ දරන්නේ ඇයි?" උදය ගම්මන්පිල විමසා සිටියේය.
"අන්න ඒකට උත්තරය මේ වාර්තාවේ තියෙනවා. මේ වාර්තාවේ 40 වැනි පිටුවේ කියෙනවා රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ විසින් 2019 අප්‍රේල් 09 වැනිදා මොහොමඩ් සහරාන් ඇතුළු ජාතික තව්හිද් ජමාත් ත්‍රස්තවාදීන් ප්‍රසිද්ධ කතෝලික පල්ලි ඇතුළු ස්ථාන කිහිපයකට මරාගෙන මැරනෙ ප්‍රහාරයක් එල්ල කරන බවට කටයුතු කරන බව විදේශීය බුද්ධි අංශයකින් දැනුම්දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දෙනවා."
"කවුද මේ ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයා වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා."
"මේ ලිපියේ ප්‍රහාරය එල්ලකරන ත්‍රස්තවාදීන්ගේ නම්, ජාතික හැඳුනුම්පත් අංක, දුරකථන අංක, ලිපිනයන්, සාමාන්‍යයන් ගැවසෙන තැන්, ඇසුරු කරන අය, සමහරු නම් රෑට රෑට ඉඳලා හිටලායන තැන් යන වෙලාවන් සහ එන වෙලාවන් සඳහන් කරලා තියනවා. එතරම් විස්තරාත්මක වාර්තාවක්."
"මේ කොමිෂන් සභා වාර්තාවේ රවී සෙනවිරත්නට එරෙහිව බරපතළ චෝදනා නගන නිසාම එතුමාගේ පැත්තෙන් එතුමාගේ නිර්දෝෂිභාවයට එතුමාට කියන්න තියන කරුණු මොනාද බලන්න එතුමා තමන්ව අත්අඩංගුවට ගන්න පොලීසිය උත්සාහ කරනවාය, එහෙම කරන්න එපාය කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරපු මූලික අයිතිවාසිකම් නඩු අංක 241/2024 නඩු ගොනුවත්, මම සම්පූර්ණයෙන් අධ්‍යයනය කළ බව විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ."
"අප්‍රේල් 09 මේ ලිපිය එන විට රවී සෙනෙවිරත්න මහතා විදේශගත වෙලා. නැවත ලංකාවට ඇවිත් ලිපිය දකින්නේ 16 වනදා කියලා රවී සෙනෙවිරත්න මහතා කියනවා."
"රජයේ නිලධාරීන් විදේශ ගතවනවිට තමන්ගෙ වැඩ ආවරණය කරන්න වෙනත් කෙනෙක් පත් කරන්න ඕනේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාර නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල මහතාව වැඩ ආවරණය කරන්න පත් කරනවා."
"ඉතිං එහෙම කළානම් සතියක් මේ ලිපිය නාගහමුල්ල මහතාගේ අතට නොගොස් රවී සෙනෙවිරත්න මහතාගේ මේසේ උඩ තිබුණේ කොහොමද කියන ප්‍රශ්නය මතු වෙනවා. ඔය ප්‍රශ්නය ඔය විදිහටම විමර්ශන නිලධාරීන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්ය මණ්ඩලයෙන් ප්‍රශ්න කරනවා. ඒ අයගේ පිළිතුර වෙන්නේ රහස්‍යයි කියලා එන ලියුම් විවෘත කරන්න එපා, කාටවත් යවන්න එපා මම කඩනකන් මේස උඩ තියලා තියන්න කියලා රවී සෙනෙවිරත්න මහතා උපදෙසක් ලබාදුන්නා කියලා."
"එන ලියුම් බලන්න අයිතියක් නැත්නම් වැඩ ආවරණය කරන නිලධාරියාට තමන්ගේ රාජකාරිය කරන්න බෑ. රහස්‍යයි කියලා එන්නේ අතිශය සංවේදී ක්ෂණිකව පියවර ගත යුතු වාර්තා. එතකොට මේ රවී සෙනෙවිරත්න මහතාගේ නීතිවිරෝධි උපදෙස නිසා මේ ලියුම මේසේ උඩ තියනවා. ඒ කියන්නේ සහරාන්ලා අරහේ බෝම්බ හදනකොට, සහරාන්ලා අපි මෙහෙම ප්‍රහාරයක් කරනවා කියලා වීඩියෝපට පටිගත කරනකොට, බෝම්බ කොළඹට ප්‍රවාහනය කරනකොට සහරාන්ලාගේ සියලුම විස්තර ඇතුළත් ලිපියක් රවී සෙනෙවිරත්න මහතාගේ මේසේ උඩ අනේ මාව බලාපියෝ කියලා විලාප නගමින් මේසේ උඩ තියෙනවා."
"රවී සෙනෙවිරත්න මහතා මේ ලිපිය අප්‍රෙල් 16 වැනිදා බලලා මැයි 01 වැනිදා වෙනකොට විමර්ශනයක් කරලා එකේ ප්‍රගතිය වාර්තා කරන්න කියලා සටහනක් දමනවා. නමුත් CID භාර නාගහමුල්ල මහතාට යොමුකරන්න භාර දෙන්නේ 19 වැනිදා."
"හැබැයි අබිරහස් ලෙස අප්‍රේල් 21 වැනිදා බෝම්බය පුපුරවා ගන්නා තුරුම මේ ලිපිය නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල මහතාගේ අතට යන්නේ නෑ. ඒ කියන්නේ මේ මේ ලිපිය යන්නේ බෝම්බය පුපුරවා ගත් දිනයට පසු දින ඒ කියන්නේ අප්‍රේල් මාසේ 22 වැනිදා. කොහොම වුණත් ඉතා ක්ෂණිකව පියවර ගත යුතු ලිපියක් දින 12ක් තිස්සේ රවී සෙනෙවිරත්න මහතා භාරයේ පවතිනවා."
"19 වැනිදා කියන්නේ සිකුරාදා දවසක් එතකොය 20වන සෙනසුරාදා කියන්නේ CIDයට නිවාඩු දවසක්, 21 වනදා පාස්කු ඉරිදා. ඉතිං බොහෝ විට මේ ලිපිය බෝම්බය පත්තුවෙනතුරුම රවී සෙනවිරත්න මහතාගේ මේසේ උඩ තිබිලා බෝම්බෙන් පස්සේ මෙවැනි ලිපියක් එව්වාය කියලා බුද්ධි අංශ කියද්දි 22 වැනිදා උදේ පාන්දර ඇවිල්ලා මේක බලලා 16 වැනිදාට සටහනක් දාලා 19 වැනිදා කියන්නේ, සිකුරාදා යවන්න යොමුකළා යැයි කියලා දැම්මාය කියන සාධාරණ සැකය ඕනෑම කෙනෙකුට ඇති වෙන්න පුළුවන්."
"මේ ලිපිය ඇත්තටම කියෙව්වා නම් රවී සෙනෙවිරත්න මහතාට සහරාන් කියන්නේ කවුද කියන එක සිහියට එනවා. මොකද එතුමා යටතේ තියන ත්‍රස්ත විමර්ශන අංශය 2014 සිට සහරාන්ලගේ කණ්ඩායම ගැන තවුහිද් ජමාද් සංවිධානය ගැන, සෙවිල්ලෙන් ඉඳලා ඔහු පිළිබඳව නිරන්තර වාර්තා රවී සෙනෙවිරත්න මහතාට ලැබෙනවා."
"ඒ වගේම සහරාන් පිළිබඳ බුද්ධි අංශ වාර්තා 13ක් 2019 ජනවාරි 1 වැනිදා ඉඳන් අප්‍රේල් 20 කියන ඉතා කෙටි කාල පරාසය තුළ රවී සෙනෙවිරත්න මහතාට යවලා තියෙනවා. මේ වාර්තාවේ කියන විදිහට 2017 කාත්තන්කුඩි ආගමික ගැටුම, 2018 දී වවුනතිව් පොලිස් නිලධාරීන් මරා දැමීම, 2018 දී මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීම, 2019දී වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම කියන පරීක්ෂණ සියල්ලම සිදුකරන්නේ CIDය. ඒක අධීක්ෂණය කරන්නේ රවී සෙනෙවිරත්න මහතා."
"ඒ නිසා පුපුරණ ද්‍රව්‍ය එකතු කරපු, බෝම්බ අත්හදා බලපු සහරාන් කල්ලිය මරාගෙන මැරෙන ප්‍රහාරයකට යනවා කිව්වාම අනිත් අයට මේක නොතේරුණාට මේ ගැන හොඳම අවබෝධය තියන පුද්ගලයා විදිහට රවී සෙනෙවිරත්න මහතාට මේ ගැන වහාම ක්‍රියාත්මක වීමේ හැකියාවක් තිබුණා. ඇත්තටම මේ ලිපිය රවී සෙනෙවිරත්න මහතා කියෙව්වා නම් එතුමාට පුළුවන් වෙනවා සෝදිසි රැකවල් දාලා මොවුන්ව අත්අඩංගුවට ගන්න."
"අවම වශයෙන් අප්‍රේල් මාසේ 18 වැනිදා සෝදිසි රැකවල් දැම්මානම් සහරාන් අත්අඩංගුවට ගන්න තිබුණා. අප්‍රේල් මාසේ 18 වැනිදා ප්‍රහාරයට කොළඹ එන්න කලින් තමන්ගේ බිරිඳ සහ දරුවන් කුරුණෑගල තියෙන බිරිඳගේ මහගෙදරට ඇරල වන්න සහරාන් යනවා. තමන්ගේ මේසේ උඩ සතියක් පුරා කල් පසුවූ අති රහස්‍යයි කියලා ගහපු ලිපියක් නියෝජ්‍ය පොලිස්පතිවරයාට සාමාන්‍ය පටිපාටියේ යවනවා වෙනුවෙට එතුමාට තිබ්බේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම කැඳවලා මේක අතිශය සංවේදී කාරණයක්, වහාම පියවර ගන්න කියලා අතින් භාරදිය යුතුව තිබුණා."
"හැබැයි මේක සතියක් මේස උඩ තිබ්බා වෙනුවට මැයි 1 වනදා වෙනකන් කල්දෙනවා මේ ගැන සොයාබලා වාර්තා කරන්න. මොකක්ද මේකෙන් පේන්නේ. රවී සෙනෙවිරත්න මහතා ලිපිය කියවන්නේ වත් නැතිව, එහි කිසිම බරපතළකමක් තේරුම් නොගෙන මේ සටහන යෙදූ බවයි."
"මේ වාර්තාවේ 41 වැනි පිටුවේ කියනවා. සාපරාධි නොසැලකිල්ල මත රවී සෙනෙවිරත්න මහතාට අපරාධ නඩු පවරා දඬුවම් කළ යුතුයි කියලා."
"එහෙමනම් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයෙක් බවට පත් වෙන්න ඕනේ රවී සෙනෙවිරත්න මහතා. එහෙම නම් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයෙක් බවට පත් වෙන්න ඕන රවී සෙනවිරත්න මහතා තමයි පොලිසියේ ලොකුම ලොකු පුටුවේ වාඩිවෙලා ඉන්නේ. මෙයාගේ අධීක්ෂණය යටතේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අලුතින් කරනවාය කියන විමර්ශනය සිදුකළොත් පාස්කු වින්දිතයින්ට සාධාරණය ඉටුවේවිද? කොහෙත්ම පොලීසිය තුළ යුක්තිය ඉටු කිරීමක් පිළිබඳ බලාපොරොත්තු විය හැකිද, මේක හොරාගේ අම්මාගෙන් පේන අහනවා වෙනුවට හොරාගෙන්ම පේන අහනවා වගේ වැඩක්."
ස්වාධීනව මේ විමර්ශනය කරන්න පුළුවන් ද ?
"දැන් අර පොලිස් නිලධාරීන්ට පුළුවන් ද ස්වාධීනව මේ විමර්ශනය කරගෙන යන්න?"
"මේ වාර්තාව අපේ අතට ලැබෙන්න කලින් රවී සෙනවිරත්න මැතිතුමාව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කළාම මේකේ තියන වැරැද්ද අපි පෙන්වලා දුන්නා. ඒ වගේම අල්විස් වාර්තාවේ 14 වැනි පිටුවේ CID ය නිසිලෙස සිය රාජකාරිය ඉටු නොකිරීම නිසා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට අමතරව එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාටත් අපරාධමය නඩු පැවරිය යුතුයි කියලා නිර්දේශ කරලා තියනවා."
"ඒ විතරක් නෙමෙයි, නඩු පැවරිය යුතුයි කියලා හෝ විනය ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා නිලධාරීන් 17 දෙනෙකුගේ නම් මේ වාර්තාවේ අඩංගු වෙනවා. ජනාධිපතිතුමාත් මේ ආණ්ඩුවත් මේ වාර්තාව යටපත් කිරීමට උත්සාහ කළේ ඇයි? හේතුව තමයි ජනාධිපතිතුමාගේ නොහැකියාව ප්‍රදර්ශනය වීම. අද අපි මේ වාර්තා හෙළිදරව් කළේ නැතිනම් මේ අය නඩු පැවරීමෙන් බේරා ගන්න ජනාධිපතිතුමාට හැකි වෙනවා."
"පාස්කු ප්‍රහාරයේ චූදිතයෙකු බව දනිමින් රවී සෙනෙවිරත්න මහතාව ළඟට අරගෙන ඔහුට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය භාර දීලා අලුතින් කරනවා යැයි කියන පාස්කු විමර්ශනය සිදු කිරීම එතුමාගේ අධීක්ෂණය යටතේ සිදුකරන්න තීරණය කළේ ඇයි? මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි CID අධ්‍යක්ෂ ධුර දැරූ ශානි අබේසේකර මහතා පවා විශ්වාස කරන මාලිමා ජාතික ලැයිස්තුවේ සිටි මොහොමඩ් ඊබ්‍රයිම් මහතා බේරාගැනීම සඳහා පාස්කු ප්‍රහාරයේ සැබෑ තොරතුරු විකෘති කරලා සමස්ත ජාතියම නොමග යැවීමේ යටි අරමුණින් මේ පත්වීම සිදුකළා යැයි කියන සාධාරණ සැකය අපිට ඇති වෙනවා."
"මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත් කර තිබෙන්නේ, පොලිස් විමර්ශනයක ප්‍රධාන චූදිතයෙක්. සොත්ති උපාලිව පත් කළා වගේ වැඩක්."
"අද අපි මේ වාර්තා හෙළිදරව් කළේ නැති නම්, මේ අය නඩු පැවරීමෙන් බේරා ගන්න ජනාධිපතිතුමාට හැකි වෙනවා. තමන්ට ඡන්දයේදී උදව් කළ සගයින්ව නීතියෙන් යුක්තියෙන් බේරා ගන්න බැරි වෙන නිසා, ජනාධිපතිතුමා මේ වාර්තා යටපත් කරන්න උත්සහ කළා."
"මේ වාර්තා ජනගත කිරීම ජනාධිපතිතුමාගේ වගකීමක්.ඇයි? මේ වාර්තා ජනාධිපතිතුමාට හැර වෙන කෙනෙකුට ජනගත කරන්න බැහැ. ඇයි? මේ වාර්තා භාර දීලා තියෙන්නේ ජනධිපතිතුමාට පමණක් වන නිසා. ඉතින් ඒ යුතුකම ඉටු නොකර තමන්ගේ දේශපාලන සගයින් බේරා ගැනීමට මේ වාර්තා යටපත් කිරීමට ජනාධිපතිවරයා තමන් සතු බලය පාවිච්චි කිරීම, බලය අයුතු ලෙස භාවිත කිරීම කියන විෂමාචාරය ජනාධිපතිතුමා කරලා තියෙනවා."
"මහජනතාවගේ මුදලින් හැදූ වාර්තාවක අන්තර්ගතය දැන ගන්න මේ රටේ ජනතාවට අයතියක් තියෙනවා.ඒ අයිතිය පැහැර ගැනීම , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති සිතීමේ නිදහස සහ තොරතුරු දැන ගැනීමේ අයතිය කියන මූලික අයිතිවාසිකම් දෙකම උල්ලංඝණය වෙනවා. ඒ කියන්නේ ජනාධිපතිතුමා චේතනාන්විතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙනවා. මේ වාර්තා දෙක ප්‍රසිද්ධ නොකිරීම හරහා."
"මේ පසුබිම යටතේ අපරාධයට නඩු පැවරිය යුතු බවට කමිටුව විසින් නිර්දේශ කර තිබෙන පොලීසිය යටතේ තිබෙන ප්‍රධානම විමර්ශනයක චුදිතයෙක් බවට, සැකකරුවෙක් බවට පත් වී තිබෙන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා වහාම එම ධුරයෙන් ඉවත් කළ යුතුයි."
"රවී සෙනෙවිරත්න මහතා එම තනතුරේ රැඳී සිටින තුරු පොලීසියෙන් යුක්තිය බලාපොරොත්තු වෙන්න බෑ, විශේෂයෙන්ම පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුවීම බලාපොරොත්තු වෙන්න බෑ."
"බලයට පත් වී පළමු මාසය තුළම බලය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝණය කිරීම පිළිබඳව ජනාධිපතිතුමා වහාම ජාතියෙන් සමාව ගත යුතුයි"
"රවී සෙනෙවිරත්න මහතා වහාම තනතුරෙන් පහ කිරීම, තමන් සිතා මතා ජනතාවගෙන් තොරතුරු දැනගැනීම යටපත් කිරීම කියන කාරණා දෙක ඉටු නොකළොත් ඉදිරි පාර්ලිමේන්තුවේදී අපි ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒමට කටයුතු කරනවා."















