මහ්සා අමීනි:ඇගේ මව විසින් මෙතෙක් නොකියූ කතාව

හිජාබය පැළඳීම සම්බන්ධයෙන් නීති කඩ කළ බවට චෝදනා කරමින් ඉරානයේ සදාචාර පොලිසිය විසින් අත්අඩංගුවේ රඳවා ගෙන දින තුනකට පසුව මහ්සා අමීනි 2022 සැප්තැම්බර් 16 වැනි දින රෝහලක දී මිය ගියාය.

ඇගේ මරණය 1979 විප්ලවයෙන් පසු ඉරානයේ විශාලතම විරෝධතාවලට හේතු වූ අතර ඇයට සහය පළ කිරීමක් ලෙස සහ සදාචාර පොලීසියේ ක්‍රියාවට විරෝධය පළ කිරීමක් ලෙස බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළු ලොව පුරා කාන්තාවන් තම කොණ්ඩය කපන ලදී.

මහ්සා අමීනිගේ මව, මොජ්ගන් ෆටේඛාරි පළමු වරට ඇගේ දියණියගේ කෙටි ජීවිතය පිළිබඳ තොරතුරු BBC සමඟ පැවසුවාය.