'මගේ ආසාව අනාගත පරම්පරාවට ලංකාවේ ඉතිහාසය පෙන්වන්න.'
'මගේ ආසාව අනාගත පරම්පරාවට ලංකාවේ ඉතිහාසය පෙන්වන්න.'
සංචාරක පාරාදීසයක් වූ ගාලු කොටුව තුළ දෙස් විදෙස් සංචාරකයන්ට නොමිලේ නැරඹිය හැකි කෞතුකාගාරයක් තිබේ.
පුද්ගලික කෞතුක භාණ්ඩ එකතුවක් ලෙස එය පවත්වාගෙන යනු ලබන්නේ ව්‍යාපාරිකයෙකු වන අමීන් හුසේන් විසිනි.
1992 දී ඔහුගේ පියා විසින් මෙම කෞතුකාගාරය ආරම්භ කළ අතර යටත් විජිත යුගයේ මෙන්ම ඊට පෙර කාලයට අයත් ඉපැරණි දේවල් මෙහි ප්‍රදර්ශනයට තබා ඇත.
''මම හිතනවා මෙතන තියෙන සමහර දේවල් ලෝකේ මං ළඟ විතරයි තියෙන්නේ කියලා. මගේ ආසාව තියෙන්නේ ඉදිරි පරම්පරාවට ලංකාවේ ඉතිහාසය පෙන්වන්න. මේකට එන දේශීය හෝ විදේශීය සංචාරකයන්ගේ මම සතයක්වත් අය කරන්නේ නෑ.'' යනුවෙන් අමීන් හුසේන් BBC සිංහල සේවයට පැවසුවේය.






