වේල්ස් කුමරිය ගැන ඔබ මෙම තොරතුරු දැන සිටියා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සංසන්දනාත්මකව ගත් කල වේල්ස් කුමරිය සිය සාමාන්‍ය ජීවිතයේ සිට බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ප්‍රමුඛ භූමිකාවක වගකීම් ඉටු කිරීම දක්වා පැමිණ තිබේ.
ඇය විලියම් කුමරුගේ පෙම්වතිය බවට පත් වන්නේ 2001 වසරේදී ය. මෙම යුවළ ෆයිෆ්හි පිහිටි සාන්ත ඇන්ඩෲස් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී හමු වූ අතර එවකට ඔවුන් දිවි ගෙවූයේ එක ම නවාතැන්පොළේ ය.
ඉන් වසර 10කට පමණ පසු 2011 අප්‍රේල් මාසයේදී වෙස්ට්මින්ස්ටර් ඇබේහිදී ඔවුන්ගේ විවාහ මංගල්‍යය උත්සවය පැවති අතර එය ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් විසින් රූපවාහිනිය ඔස්සේ නරඹන ලදී.
2012 දෙසැම්බරයේ මෙම යුවළ ඔවුන්ගේ පළමු දරුවා අපේක්ෂා කරන බවට නිවේදනය කිරීම, ජෝර්ජ් කුමරුගේ සහ පසුව ඔහුගේ සහෝදරිය වන චාලට් කුමරියගේ පැමිණීමත් සමග ආදිපාදවරිය වෙන කවරදාටත් වඩා මාධ්‍යවල අවධානයට ලක් විය.
'සන්සුන් හා සංවේදී මෙන් ම ජනප්‍රිය චරිතයක්'
කැතරින් මිඩ්ල්ටන් උපත ලැබුවේ, 1982 වසරේ ජනවාරි 9 වැනි දා ය.
ඇය හැදී වැඩුණේ බර්ක්ෂයර්හි බකල්බරි නම් ගම්මානයේ ය. ඇගේ දෙමාපියන් වන මයිකල් සහ කැරොල් මිඩ්ල්ටන්, ඔවුන්ගේ නිවසට ආසන්නව පිහිටා තිබුණු පරිවර්තනය කරන ලද ධාන්‍ය ගබඩාවක ළමා සාද සඳහා සෙල්ලම් බඩු සහ ක්‍රීඩා ආදිය අලෙවි කරන තැපැල් ඇණවුම් ව්‍යාපාරයක් පවත්වාගෙන ගියහ.
දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූ ඇය විල්ට්ෂයර්හි පිහිටා ඇති සුවිශේෂී පාසලක් වන මාල්බරෝ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා ය. එහිදී ඇය විස්තර කර ඇත්තේ, 'සන්සුන් හා සංවේදී, ජනප්‍රිය මෙන් ම දක්ෂ ශිෂ්‍යාවක ලෙස ය. පාසල් හොකී කණ්ඩායමේ නායකත්වය ද දරනු ලැබුවේ ඇය විසිනි.
ඇගේ බාල සොහොයුරිය වන පිපා ජනප්‍රියත්වයට පත් වන්නේ, ඇය රාජකීය විවාහ මංගල්‍ය උත්සවයේ දෙවන මනමාලිය බවට පත් වීමත් සමග ය. ඇය විසින් සාද සංවිධානය කිරීම සම්බන්ධයෙන් ග්‍රන්ථයක් ලියනු ලැබ ඇති අතර ඇය සඟරා සඳහා ද ලිපි ලියයි.
ඇගේ සොහොයුරා වන ජේම්ස් පාරිභෝගික අවශ්‍යතා පරිදි මාෂ්මෙලෝ නිෂ්පාදනය කරන සමාගම් ඇතුළු සමාගම් ගණනාවක් ආරම්භ කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කැතරින් කලා ඉතිහාසය හැදෑරූ ශාන්ත ඇන්ඩෲස්හිදී ඔවුන් මුණගැසුණු පසු, මෙම තරුණ යුවළගේ ආදර සම්බන්ධතාව ලියලා වැඩුණේ සති අන්තයේ රැජිණට අයත් බැල්මොරල් මාලිගයේ ය.
විලියම් කුමරු ශිෂ්‍යයෙකුව සිටි අවධියේදී මාලිගාව සහ මාධ්‍ය අතර ඇති කරගත් ගිවිසුමකට අනුව, අවම වශයෙන් ටික කලක්, ඔවුන්ට යම් පෞද්ගලිකත්වයක් හිමි විය.
නමුත් මාධ්‍යවල මෙම නිශ්ශබ්දතාව එතරම් කලක් නොපැවතිණි. 2005 වසරේදී ටැබ්ලොයිඩ් කිහිපයක් විසින් ස්විට්සර්ලන්තයේ ක්ලෝස්ටර්ස් ස්කී රිසෝට්හිදී විලියම් කුමරු සහ චාල්ස් කුමරු අසල ඇය සිටින ඡායාරූප පළ කරනු ලැබීමත් සමග කැතරින් පළමු වරට මහජන අවධානයට ලක් වූවා ය.
නිවාඩුව පෞද්ගලිකව තබා ගැනීමට සහයකයින් විසින් දරන ලද උත්සහයන් නොතකා ඡායාරූප ප්‍රසිද්ධියට පත් විය.
පුවත්පත්වල උනන්දුව වැඩි වූයේ, කැතරින් උපාධිය ලබා ලන්ඩනයට ගොස් හයි ස්ට්‍රීට්හි පිහිටා ඇති ඇඳුම් අලෙවිසලක් වන Jigsaw සඳහා [ස්වර්ණාභරණ, අත්බෑග්, ස්කාෆ් ආදී] ආයිත්තම් ගැනුම්කරුවෙකු ලෙස රාජකාරි කිරීම ආරම්භ කළ අවස්ථාවේදී ය.
2005 ඔක්තෝබර් මාසයේදී, ඇය ලන්ඩන් බස් රථයක ජනේලයෙන් පිටත බලා සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් පළ කිරීමත් සමග, ඇගේ නීතිඥයින් පුවත්පත් සහ සඟරා කතුවරුන්ට ලිපියක් යවමින් ඉල්ලා සිටියේ, ඇයගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ය.

ඡායාරූප මූලාශ්‍රය, AFP / Getty Images
ඔවුන් කියා සිටියේ, කැතරින් විශ්වවිද්‍යාලයෙන් පිට වූ දා සිට සෑම දිනක ම පාහේ ඡායාරූප ශිල්පීන් ඇය පසුපස ගිය බව ය.
2006 පෙබරවාරි මාසයේදී විවාහ ගිවිස ගැනීමක් පිළිබඳ රාවයක් ගිය අතර ඒත් සමග ඇයට රාජකීය ආරක්ෂාවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරිණි.
2006 දෙසැම්බරයේදී, කැතරින් නැවතත් සිරස්තල අතරට ආවේ, ඇය සහ ඇගේ මව විලියම් කුමරු හමුදා නිලධාරියෙකු ලෙස අධිකාරීත්වයට පත් කිරීම නැරඹීම සඳහා Sandhurst Royal Military Academyහි පැවති උත්සවයකට සහභාගී වීමෙන් පසුව ය.
රැජිණ සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ රාජකීයයන් සහභාගී වූ ඉහළ පෙළේ ප්‍රසිද්ධ උත්සවයකදී ඇය දුටු පළමු අවස්ථාව ලෙස මෙම අවස්ථාව කැපී පෙනිණි.
මාධ්‍ය මගින් එල්ල වූ පීඩනය
2007 ජනවාරි මාසයේදී කැතරින්ගේ 25 වන උපන්දිනය ආසන්නයේදී, මාධ්‍ය චෙල්සී පිහිටි ඇගේ නිවසින් පිටත කඳවුරු බැඳ ගැනීමත් සමග විවාහ ගිවිස ගැනීමක් පිළිබඳව පැවති කටකතා උපරිමයට පැමිණියේ ය.
ඡායාරූප ශිල්පීන් ලුහුබඳිමින් සිටියදී පැරිසියේදී රිය අනතුරකින් මිය ගිය, කුමරුගේ නැසීගිය මව සමග පැපරාසීහු පාලනය කළ නොහැකි ලෙස සංසන්දනය කිරීම් සිදු කළහ.
විලියම් කුමරු සහ චාල්ස් කුමරු ඇයට නිදහස් සිටීමට ඉඩ දෙන ලෙස ආයාචනා කළ අතර ඇතැම් පුවත්පත් පැපරාසීන් විසින් ගන්නා ලද ඇගේ ඡායාරූප පළ කිරීම නතර කිරීමට එකඟ විය.
මාධ්‍ය මගින් එල්ල වුණු පීඩනය අහිතකර ලෙස එල්ල වූ බවට දෝෂාරෝපණ එල්ල වූයේ, නිල ප්‍රකාශයක් නිකුත් නොකළ නමුත් 2007 අප්‍රේල් මාසයේදී මෙම යුවළ වෙන් වූ අවස්ථාවේදී ය.

ඡායාරූප මූලාශ්‍රය, PA Media
වෙම්බ්ලිහිදී පැවති 'Concert for Diana' ඔවුන් දෙදෙනා එකට සිටිනු දැකීමත් සමග තමන් "හොඳ මිතුරන්" බව අවධාරණය කරමින් 2007 ජූනි මාසයේදී සමාදාන වීමක් පිළිබඳව පැමිණි වාර්තා ප්‍රතික්ෂේප කෙරිණි.
ඉන් පසුව අවස්ථා ගණනාවකදී ඔවුන් ප්‍රසිද්ධියේ දක්නට ලැබිණි.
2008 අප්‍රේල් මාසයේදී රාජකීය ගුවන් හමුදා ක්‍රැන්වෙල්හිදී කුමරු තම පියාගෙන් නිල ලාංඡන ලබා ගත් අවස්ථාවේදී ත් ජූනි මාසයේදී වින්ඩ්සර්හිදී ඔහු 'නයිට් ඔෆ් ද ගාටර්' ලෙස පත් වන අවස්ථාවේදීත් කැතරින් පැමිණ සිටියා ය.
මෙම යුවළ 2010 නොවැම්බර් මාසයේදී ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම ප්‍රකාශයට පත් කළ අතර, එම අවස්ථාවේදී කැතරින් පැවසුවේ, රාජකීය පවුලට එක්වීම "අසීරු ජනක අපේක්ෂාවක්" බව ය.
"මම හිතනවා මම ඒක ප්‍රශ්නයක් කර ගන්නේ නැතුව කළමනාකරණය කර ගනීවි කියලා," ඇය සඳහන් කළා ය.
පුණ්‍ය කටයුතු සඳහා සහය
කුමරිය ඇගේ ම පුණ්‍යායතනයක් වන 'The Royal Foundation of The Prince and Princess of Wales' හරහා පුණ්‍ය ආයතන ගණනාවකට සහය දක්වයි.
2021 ජූනි මාසයේදී, ඇය විසින් මුල් ළමාවියේ අත්දැකීම්වල වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන පුණ්‍ය සංවිධානයක් වන 'The Royal Foundation Centre for Early Childhood' ආරම්භ කළා ය. කුමරිය දරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳව දැනුවත් කිරීමට ද දැඩි උනන්දුවක් දක්වා ඇත.
Action on Addiction, East Anglia's Children's Hospices, the Art Room, National Portrait Gallery, Place2Be, SportsAid, The 1851 Trust, 100 Women in Hedge Funds සහ Natural History Museum යන සංවිධානවල අනුශාසකවරියක ලෙස ද ඇය කටයුතු කරයි.
2012 දෙසැම්බරයේදී සාන්ත ජේම්ස් මාලිගය නිවේදනය කළේ, කේම්බ්‍රිජ් ආදිපාදවරිය දරුවෙකු අපේක්ෂාවෙන් සිටින බව ත්, ගර්භණී සමයේදී උදය කාලයේදී ඇතිවන අසනීප තත්ත්වය උග්‍ර වීම හේතුවෙන් ඇය රෝහල්ගත කර ඇති බව ත් ය.
ඇය ඉන් පිටව යාමට පෙර දින කිහිපයක් රෝහල්ගතව පසු විය. නමුත් ඔස්ට්‍රේලියානු ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කරන්නන් දෙදෙනෙකු විසින් එම රෝහල වෙත ලබා දුන් ව්‍යාජ ඇමතුමකට (hoax call) පසු එම රෝහලේ හෙදියක වූ වන ජසින්තා සල්දාන්හා සියදිවි නසා ගැනීමත් සමග ඇය එහි රැඳී සිටි කාලයක් අප්‍රසන්න කාලයක් බවට පත් විය.

ඡායාරූප මූලාශ්‍රය, PA Media
ජෝර්ජ් කුමරු 2013 ජූලි 22 වන දින බ්‍රිතාන්‍ය වේලාවෙන් පස්වරු 4:24ට කිලෝග්‍රෑම් 3.8ක් බරැතිව බටහිර ලන්ඩනයේ පැඩිංටන්හි සාන්ත මේරි රෝහලේ පෞද්ගලික මාතෘ ඒකකය වන වන ලින්ඩෝ වින්ග්හිදී උපත ලැබී ය. ඩයනා කුමරිය සිය පුතුන් බිහි කළේ ද එහිදී ය.
තුන්වන දරුවා ලුවී ආතර් චාල්ස් කුමරු ද 2018 අප්‍රේල් 23 වන දින පැඩිංටන්හි සාන්ත මේරි රෝහලේ ලින්ඩෝ වින්ග්හිදී උපත ලැබීය.
මෙම යුවළ සිය විවාහ ජීවිතයේ මුල් වසර කිහිපය ගත කළේ, උතුරු වේල්සයේ ඇන්ග්ලේසිහි වන අතර එහිදී කේම්බ්‍රිජ් ආදිපාදවරයා රාජකීය ගුවන් හමුදා වැලී සමග සම්බන්ධ වී සෙවීම් සහ ගලවා ගැනීමේ නියමුවෙකු ලෙස සේවය කළේ ය.
එහෙත්, කුමරු හමුදාවෙන් ඉවත් වන බව නිවේදනය කිරීමෙන් පසුව, යුවළ ලන්ඩනයේ කෙන්සිංටන් පැලස්හි නවීකරණය කරන ලද මහල් නිවාසයක පදිංචිය සඳහා දිවයිනෙන් පිටත්ව ගියහ.
ඔවුන්ට රැජිණගේ සැන්ඩ්‍රින්හැම් එස්ටටේහි ඇන්මර් හෝල් නම් නිවසක් ද තිබේ.
විලියම් කුමරු පසුව East Anglian Air Ambulance සමග ගුවන් ගිලන්රථ නියමුවෙකු ලෙස සේවය කළේ ය. එම රැකියාව ඔහු ආරම්භ කළේ, 2015 ජූලි මාසයේදී ය.

ඡායාරූප මූලාශ්‍රය, PA Media
කුමරියගේ දෙවන ගැබ් ගැනීම 2014 සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කළ අතර ඇය නැවතත් ගර්භණී සමයේ ඇතිවන ඔක්කාරය, ශරීර බර අඩුවීම ආදී රෝගී තත්ත්වයෙන් (hyperemesis gravidarum) පෙළුණා ය.
චාලට් එලිසබෙත් ඩයනා කුමරිය 2015 මැයි 2 වන දින බ්‍රිතාන්‍ය වේලාවෙන් උදෑසන 8:34ට ලින්ඩෝ වින්ග්හි උපත ලැබූ අතර ඇයගේ බර කිලෝග්‍රෑම් 3.7ක් විය.
රැජිණගේ 90 වන උපන් දිනය සැමරීම සඳහා ඇය තම මිත්තණියගේ ඔඩොක්කුව මත හිඳගෙන සිටින ඡායාරූපය ඇතුළුව, ඡායාරූප කිහිපයක් වරින් වර නිකුත් වූ නමුත්, ඇය ප්‍රසිද්ධියේ දක්නට ලැබෙන්නේ කලාතුරකිනි.
2016 අප්‍රේල් මාසයේදී, කැමරු සහ කුමරිය ඉන්දියාවේ සහ භූතානයේ දින හතක නිල සංචාරයක යෙදුණහ.
සංචාරයේ කොටසක් ලෙස, ඔවුන් වසර 24 කට පෙර වේල්ස් කුමරිය ඩයනා ඡායාරූපයකට පෙනී සිටි ටජ් මහල්හි බංකුව මත හිඳගෙන ඡායාරූපයකට පෙනී සිටියහ.

ඡායාරූප මූලාශ්‍රය, PA Media
මෙම යුවළ 2011 වසරේදී උතුරු ඇමෙරිකාවේ සහ කැනඩාවේ ද, 2012 වසරේදී අග්නිදිග ආසියාවේ ද රැජිණගේ දියමන්ති ජුබිලිය නිමිත්තෙන් සහ 2014 දෙසැම්බර් මාසයේදී එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයේ ද නිල සංචාරයන් සිදු කර ඇත.
2015 ඔක්තෝබර් මාසයේදී මෙම යුවළ ඔවුන්ගේ විවාහයෙන් පසු සිය පළමු රාජ්‍ය භෝජන සංග්‍රහයට සහභාගී වූහ. චීන ජනාධිපති ෂී ජින්පිංගේ සංචාරය අතරතුර බකිංහැම් මාලිගයේදී මෙම සංග්‍රහය පැවැත්විණි.
2016 අප්‍රේල් මාසයේදී එක්සත් රාජධානියේ සංචාරයක නිරත වූ එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා සහ ඔහුගේ බිරිඳ මිෂෙල් සඳහා හැරී කුමරු සමග එක්ව කුමරු සහ කුමරිය රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූහ.

ඡායාරූප මූලාශ්‍රය, PA Media
කුමරිය ඇලුම් කළ දෑ අතර අතරට 'ස්කූබා ඩයිවින්ග්' සහ ඡායාරූප ශිල්පය ඇතුළත් වේ. ඇය 2015 අගෝස්තු මාසයේදී දක්ෂ කිමිදුම්කාරියක බවට පත් වූවා ය. චාලට් කුමරියගේ පළමු උපන්දිනය සනිටුහන් කිරීම සඳහා ඡායාරූප ගැනීම ඇය විසින් සිදු කරන ලද අතර ඇය තම දියණියට මාස හයක් වූ පසු ඇය ලබා ගත් ඡායාරූප එකතුවක් ද නිකුත් කර තිබිණි.
බ්‍රිතාන්‍ය වෝග් සඟරාවේ 2016 ජූනි මස කලාපයේ කවරයේ තරුව ලෙස කුමරිය තෝරාගනු ලැබුවේ, සඟරාවක් සඳහා ඇයගේ පළමු පෙනී සිටීම ලෙස ය.
2022 සැප්තැම්බර් මාසයේදී තම මිත්තණිය වූ දෙවන එලිසබත් රැජිනගේ අභාවයෙන් පසු කැතරින් කුමරිය විලියම් කුමරුට විශාල සහයෝගයක් ලබා දුන්නා ය.
තම මිත්තණියගේ අභාවයෙන් පසු ඔහු සිදු කළ පළමු ප්‍රකාශයේදී වේල්ස් කුමරු කැතරින් කුමරියට රැජිණ ලබා දුන් "මග පෙන්වීම සහ සහය" ගැන කතා කළේ ය.
වේල්ස් කුමරු සහ කුමරිය 2023 සැප්තැම්බර් මාසයේදී පෙම්බ්‍රොකේෂයර්හි සුළුවට පෞද්ගලිකව සිදු කළ කුඩා දේව මෙහෙයකින් දෙවන එලිසබෙත් රැජිණගේ පළමු අනුස්මරණය සනිටුහන් කළහ.
වේල්ස් කුමරිය 2024 ජනවාරි මාසයේ උදර ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසු දින 13ක් රෝහලේගතව පසු වූවා ය.
කෙන්සිංටන් මාලිගය පැවසුවේ සැත්කම සැලසුම් කළ පරිදි සාර්ථක වූ නමුත් කුමරිය නැවත රාජකීය රාජකාරිවලට සම්බන්ධ නොවූ බව ය.
මාර්තු 22 වන දින, කේට් කුමරිය ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සැත්කමෙන් පසු සිදු කළ පරීක්ෂණ මගින් පිළිකාවක් ඇති බව සොයා ගත් බව ය.
එතැන් සිට කුමරිය ඒ සඳහා ප්‍රතිකර්මයක් ලෙස සිදු කෙරෙන (chemotherapy) චිකිත්සාවට භාජනය වී ඇත.








