ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට

පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා ස්පාඤ්ඤයේ සැමෝරා හි සිදුවූ රිය අනතුරකින් මිය ගිය බව එරට නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් වන ගාඩියා සංවිධානය බීබීසීයට තහවුරු කර තිබේ.

මෙම අනතුරින් ඔහුගේ සහෝදරයා වන ඇන්ඩ්‍රේ ද මිය ගියේය.

සොහොයුරන් දෙදෙනා ගමන් කළ ලැම්බෝර්ගිනි වර්ගයේ මෝටර් රථය වෙනත් වාහනයක් පසුකර ඉදිරියට යාමේදී ටයරයක් පුපුරා මාර්ගයෙන් ඉවතට පැන ගිනි ගෙන තිබෙන අතර, එහිදී ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඩියෝගෝ ජෝටා සහ ඔහුගේ සහෝදරයා වන ඇන්ඩ්‍රේ මරණයට පත් වූ මාරක මෝටර් රථ අනතුර සිදු වූයේ ජෝටා විවාහ වී සති දෙකකටත් අඩු කාලයකට පසුවය.

ජෝටා 2025 ජුනි 22 වන දින ඔහුගේ බිරිඳ රූට් කාර්ඩෝසෝ සමඟ විවාහ විය.

ලිවර්පූල් පාපන්දු සමාජය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ "ඩියෝගෝ ජෝටාගේ ඛේදජනක වියෝවෙන් දැඩි කම්පනයට පත්ව සිටින බවයි.

ඩියෝගෝ ජෝටා යනු කවුද?

1996 වසරේ දෙසැම්බර් 04 වනදා පෘතුගාලයේදී ඩියෝගෝ ජෝටා උපත ලැබීය.

මෙවර තරග වාරයේදී සිය ක්‍රීඩා දිවියේ උච්ඡතම අවස්ථාවට පැමිණි ඩියෝගෝ ජෝටා, ලිවර්පූල් ක්‍රීඩා සමාජයට ප්‍රිමියර් ලීග් ශුරතාවලිය ජයග්‍රහණය කරලීමට මෙන්ම සිය ජාතික කණ්ඩායම වන පෘතුගාලයට UEFA නේෂන්ස් ලීග් ශුරතාවය දිනා ගැනීමට විශාල මෙහෙවරක් ඉටු කළේය.

පෘතුගාල පාපන්දු කණ්ඩායමක් වන පැකෝස් ද ෆෙරේරා සමඟින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු, 2016 දී ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් සමඟ එක් විය.

පෝර්ටෝ සහ වුල්ව්ස් යන කණ්ඩායම් දෙක අතර සාර්ථක ක්‍රීඩා හුවමාරුවක් යටතේ ක්‍රීඩා කළ ජෝටා හට 2018 ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වීමට එය උපකාරී වූ අතර පසුව ඔහු මොලිනියුක්ස් කණ්ඩායම සමග සම්බන්ධ විය.

වෙස්ට් මිඩ්ලන්ඩ්ස් හි වසර දෙකක් ක්‍රීඩා කිරීමෙන් පසු, මෙම ඉදිරි පෙළ ක්‍රීඩකයා ලිවර්පූල් වෙත පවුම් මිලියන 41කට මාරු වූ අතර ඇන්ෆීල්ඩ් හි වාර පහක් තුළ තරඟ 182 කදී ගෝල 65 ක් ලබා ගැනීමට සමත් විය.

ඔහු 2022 දී FA කුසලානය සහ 2022 සහ 2024 යන වසරවලදී EFL කුසලානය ජයග්‍රහණය වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය.

ජාත්‍යන්තර පාපන්දු පිටියේදී, ජෝටා පෘතුගාලය වෙනුවෙන් තරග 49 කදී ගෝල 14 ක් රැස් කර තිබේ.