එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාට ශ්‍රී ලංකාව ගැන දැඩි බලාපොරොත්තුවක්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාට ශ්‍රී ලංකාව ගැන දැඩි බලාපොරොත්තුවක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් අද (ජුනි 26 වැනිදා) ඉල්ලා සිටියේ ය.
ඔහු ඉල්ලා සිටියේ එම පනත යටතේ දිගුකාලීන රඳවාගෙන සිටින රැඳවියන් සහ සිරකරුවන් කඩිනම් සමාලෝචනයකින් පසු නිදහස් කරන්න ලෙසයි.
එමෙන්ම මාර්ගගත ආරක්ෂණ පනත අවලංගු කළ යුතු බවද ඔහු කියා සිටියේය.
තම ශ්‍රී ලංකා සංචාරය අවසානයේ අද (ජුනි 26 වැනිදා) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල වන පරිදි මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ද සංශෝධනය කළ යුතු බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් සඳහන් කර සිටියේ ය.









