ප්‍රංශය මවිත කළ මැතිවරණයේදී සිදුවූයේ කුමක් ද?

Jean-Luc Mélenchon was quick to claim victory

ඡායාරූප මූලාශ්‍රය, ANDRE PAIN/EPA-EFE/REX/Shutterstock

ඡායාරූප ශීර්ෂ වැකිය, රැඩිකල් වාමාංශික නායක ජා-ලූක් මිලෝෂෝන් පළමු ප්‍රක්ෂේපිත ප්‍රතිඵලයෙන් පසුව ඉක්මනින් ජයග්‍රහණයට හිමිකම් කීවේ ය
    • Author, පෝල් කර්බි
    • Role, බීබීසී පුවත් පැරිස්

කිසිවෙකුත් මෙය අපේක්ෂා කළේ නැත. සැබවින් ම එය විස්මිත සිද්ධියකි. එය කම්පනයක් ම විය.

ප්‍රංශයේ දැවැන්ත මාධ්‍ය නාලිකාවල ග්‍රැෆික් රූ සටහන් ප්‍රදර්ශනය වෙද්දී, එහි සටහන් වූයේ, ජයග්‍රහණය කරා ගමන් කරමින් සිටි උග්‍ර දක්ෂිණාංශික මරීන් ලු පෙන් සහ ඇගේ තරුණ අපේක්ෂිත අග්‍රාමාත්‍ය ජෝඩ්න් බාඩෙලා නොවේ.

එම්මානුවෙල් මැක්‍රොන්ගේ මධ්‍යස්ථවාදීන් අනපේක්ෂිත පුනරාගමනයක් සිදු කරන අතර, උග්‍ර දක්ෂිණාංශික National Rally සන්ධානය තුන් වන ස්ථානයට තල්ලු කරමින් එම ස්ථානයට පත්වූයේ, වාමාංශික සන්ධානයයි.

ඔහුගේ විවේචකයින් අන්තවාදියෙකු ලෙස සලකන, ආන්දෝලනාත්මක ජ්‍යෙෂ්ඨ වාමාංශිකයෙකු වන ජා-ලූක් මිලෝෂෝන් සිය ජයග්‍රහණය ප්‍රකාශ කිරීමට කාලය නාස්ති කළේ නැත.

"ජනාධිපතිවරයා රට පාලනය කරන්න නව ජනතාවාදී පෙරමුණ (New Popular Front) කැඳවිය යුතු යි," ඔහු ස්ටැලින්ග්‍රෑඩ් චතුරශ්‍රයේ ආධාරකරුවන්ට පැවසූ අතර, තමන් සහ තම සන්ධානය පරාජය වූ බව මැක්‍රොන් වටහා ගත යුතු බව අවධාරණය කළේ ය.

ජනාධිපති මැක්‍රොන්ගේ අනපේක්ෂිත මැතිවරණය සඳහා හදිසියේ සකස් කරන ලද ඔහුගේ සන්ධානයට, ඔහුගේ France Unbowed පක්ෂය, හරිත පක්ෂය, සමාජවාදීන් සහ කොමියුනිස්ට්වාදීන් මෙන් ම ට්‍රොට්ස්කිවාදීහු පවා ඇතුළත් වූහ. කෙසේ වෙතත්, ඔවුන් ලැබූ ජයග්‍රහණය රට පාලනය කිරීම සඳහා කිසිසේත් ප්‍රමාණවත් නැත.

ප්‍රංශයට කිසිදු පක්ෂයකට බහුතර බලයක් නැති පාර්ලිමේන්තුවක් ලැබීමට නියමිත ය. ප්‍රධාන පක්ෂ තුනෙන් කිසිවකට පාර්ලිමේන්තුවේ ආසන 577න් 289ක බහුතරයක් සහිතව තනි ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි ය.

ඔහුගේ කතා කළ සැණින්, මිලෝෂෝන් සිය ජයග්‍රහණය සැමරීමට පොලිස් වාර්තා පවසන පරිදි ආධාරකරුවන් 8,000ක් පමණ රැගෙන වඩාත් විශාල ස්ථානයක් වූ ප්ලේස් ඩි ලා රිපබ්ලික් චතුරස්‍රයට ගියේ ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

National Rally සන්ධානයේ ආධාරකරුවන්ට අනුව, ඔවුන්ගේ සැමරුම අසාර්ථක වී, ෂැම්පේන් බොයිස් ඩි වින්සන්ස් වනාන්තරයේ සිට පැරිසියේ නිරිත දිග කලාපය කරා ගලා ගියේ ය.

සතියකට පෙර සියලු කතා, නිරපේක්ෂ බහුතරයක් සම්බන්ධයෙන් වූ අතර, මරීන් ලු පෙන් සහ ජෝර්ඩ්න් බාර්ඩෙලා ඡන්දයට දින කිහිපයකට පෙර සිට මේ වන තෙක් ඔවුන්ට ජය ගැනීමට ඇති අවස්ථා ගැන කතා කරමින් සිටියහ.

මරීන් ලු පෙන් ඊට නිර්භීත මුහුණක් පෑවා ය. "අවුරුදු දෙකකට කලින් අපට හිටියේ මන්ත්‍රීලා හත් දෙන යි. මේ රාත්‍රිය වෙනකොට National Rally පක්ෂය මන්ත්‍රී සංඛ්‍යාව අනුව ප්‍රංශයේ පළමු තැන ඉන්නේ."

පසුගිය පාර්ලිමේන්තුවේදී ඇයට සිටි මන්ත්‍රි සංඛ්‍යාව 88ක් වූ අතර, මේ වන විට මන්ත්‍රීවරුන් 140ක් වෙති. එහෙයින් ඇය නිවැරදි ය. එමෙන් ම, මැක්‍රොන්ගේ පක්ෂය සහ ජනතාවාදී පෙරමුණ පක්ෂ එකතුවකින් සමන්විත වන හෙයින් වෙනත් කිසිදු පක්ෂයකට ආසන 100කට වඩා ලැබී නැත.

මැක්‍රොන් කඳවුරෙන් සහ වාමාංශික සන්ධානයෙන් සැදුම්ලත් "තනි පක්ෂයක්" විසින් සකස් කරන ලද අස්වාභාවික "අපකීර්තිමත් සන්ධාන" හේතුවෙන් තම පක්ෂය අසාර්ථක වූ බවට ජෝර්ඩ්න් බාර්ඩෙලා චෝදනා කළේ ය. අස්වාභාවික සන්ධානය සම්බන්ධයෙන් ඔහුට වැරදීමක් සිදුවූයේ නැත, එහෙත් එය තාවකාලික සහනයක් පමණි.

"ජනරජ පෙරමුණේ" කොටසක් ලෙස තමන් දුටු අපේක්ෂකයින් 200කට වඩා වැඩි පිරිසක් දෙවන වටයෙන් ඉවත් වූ අතර එමගින් වඩා ප්‍රබල තත්ත්වයන පසු වන ප්‍රතිවාදියෙකුට නැෂනල් රැලි පක්ෂයේ ජයග්‍රහණය නතර කළ හැකි විය.

මරීන් ලු පෙන්ගේ බාල සොහොයුරිය වන මාරී-කැරලින්ට පවා ලු මොන් නගරයේ ක්‍රියාත්මක කළ ඇයගේ ම මැතිවරණ සටනෙන් ශුභ ආරංචියක් ගෙන ඒමට නොහැකි විය.

මැක්‍රොන්ගේ අපේක්ෂකයා ඉවත් වීමෙන් පසු, මිලෝෂෝන්ගේ අපේක්ෂකයා හමුවේ, ඇයගේ පාර්ලිමේන්තු ගමන ඡන්ද 225කින් අවහිර විය.

ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 66.63%ක් වූ අතර, එය 1997 වසරෙන් පසුව පාර්ලිමේන්තු මැතිවරණයක දෙවන වටයේදී වාර්තා වූ වැඩි ම ප්‍රතිශතය යි. නැෂනල් රැලි පක්ෂයේ ඡන්දය නතර කළ ද, මෙවර එයට තරග කිරීමට සිදු වූයේ නැෂනල් රැලි නොවන ඡන්ද බොහෝ විට උපක්‍රමශීලීව යොදා ගනිමින් ඔවුන්ට එරෙහිව "බාධාවක්" ඇති කිරීමට හෝ අවහිර කිරීමට ය.

ප්‍රංශය පුරා ම, නැෂනල් රැලි පක්ෂයට ජයග්‍රහණය කිරීමට අවශ්‍ය ප්‍රවාහයන් පරාජය වෙමින් පැවතිණි.

French far-right National Rally (RN) party member and candidate for the second round of legislative elections Marie-Caroline Le Pen, puts her hand on a campaign poster in Brains-Sur-Gée, western France

ඡායාරූප මූලාශ්‍රය, JEAN-FRANCOIS MONIER/AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, පාර්ලිමේන්තුව තුළ සිය පවුලේ නියෝජනය වැඩි කිරීමට මාරී-කැරලින් ලු පෙන්ට නොහැකි විය

ඔවුන්ගේ ඇතැම් අපේක්ෂකයෝ අභියාචනා කිරීමටත් වඩා අඩු මට්ටමක පසු වූහ.

පූ-ඩි-ඩෝම් ආසනයට තේරී පත් වුවහොත් ජාතිවාදී අපහාස කිරීම් නවත්වන බවට පොරොන්දු වූ කාන්තාවක ද වූවා ය; ඉන්පසුව ගිනිකොණ දෙසින් පිහිටි හෝටි-සැවෝයිහි නිසි අවබෝධයක් නොමැති තරුණයෙකු තම මධ්‍යස්ථවාදී ප්‍රතිවාදියා සමග රූපවාහිනී විවාදයකට සහභාගී වූ අතර කිසිවක් ගැන කිසිදු අදහසක් නොවී ය.

ඔවුන් දෙදෙනා ම පරාජයට පත්වුව ද, ග්‍රාමීය ප්‍රදේශවල නැෂනල් රැලි පක්ෂයේ වර්ධනය ඔවුන් ලැබූ ඡන්ද සංඛ්‍යාවෙන් දිස් විය.

නැෂනල් රැලි පක්ෂය ඡන්ද ප්‍රතිශතයෙන් 32%ක් හිමි කර ගත් අතර, දක්ෂිණාංශික මිත්‍ර පක්ෂ සමගින් 37%ක් හිමි කරගෙන තිබිණි. එමෙන් ම, ඡන්දදායකයින් මිලියන 10කගේ සීමා බිඳ දමා තිබිණි.

නැගෙනහිර පැරිස් නගරයේ මෝක්ස් ආසනය නැෂනල් රැලි ජය ගත්තේ, විශාල ඡන්ද සංඛ්‍යාවකින් නොවේ.

තම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව, ක්ලෝඩින් පැවසුවේ, තමන් දන්නා හඳුනන පුද්ගලයින් සහ සමීප මිතුරන් හේතුවෙන් මිස නැෂනල් රැලි පක්ෂයට ඡන්දය දීමට එකඟ නොවන බව ය.

Claudine votes in Meaux with dog Zapie
ඡායාරූප ශීර්ෂ වැකිය, නැගෙනහිර පැරිස් නුවර මෝක්ස්හිදී සිය සුරතල් සුනඛයා වන සැපී සමග ක්ලෝඩින් ඡන්දය ප්‍රකාශ කරමින්

රාත්‍රී 8ට ඉදිරිපත් කළ ප්‍රක්ෂේපිත ප්‍රතිඵලයට පෙර, ජනාධිපති මැක්‍රොන් පිටතට පැමිණ කතා කරයි ද යන්න පිළිබඳව ජනතාව අතර දැඩි උනන්දුවක් පැවතිණි. ඔහු විනාඩි 90කට පෙර රැස්වීමකට ගිය බවට ආරංචියක් පැතිර ගියේ ය.

අවසානයේ, ආරක්ෂකයින් පිරිවරා ගත් ඔහුගේ අග්‍රාමාත්‍ය ගේබ්‍රියල් අටාල් රජයේ ප්‍රතිචාරය දැක්වීම සඳහා පෙනී සිටියේ ය.

සති හතරකට පෙර, මැක්‍රොන් සිය මැතිවරණ සැලැස්ම හෙළි කරන විට, ඔහු හිස් බැල්මකින් යුතු මුහුණින් දෑත් බැඳගෙන ජනාධිපතිවරයා ඉදිරිපිට අසුන්ගෙන සිටියේ ය.

දැන් ඔහු තම ප්‍රධානියාට සිය ඉල්ලා අස්වීම උදෑසන භාර දෙන බව නිවේදනය කළ අතර, ඔහු රාජකාරිය අවසන් වන තුරු ධූරයෙහි රැඳී සිටිනු ඇත.

අටාල් අඟහරුවාදා පස්වරුවේ වොෂින්ටන්හි පැවැත්වෙන නේටෝ සංවිධානයේ රැස්වීමක් සඳහා යාමට නියමිත ය. ඒ සඳහා ඔහු වෙනුවට වෙනත් අයෙකු ආදේශ කරනු ඇතැයි සිතීම තවමත් දුෂ්කර ය.

ප්‍රංශය ඇතුළත් වී ඇත්තේ, පැහැදිලි මගක් නොමැති දේශපාලන වශයෙන් අස්ථාවර කාල පරිච්ඡේදයකට ය. වීදිවල නොසන්සුන්තාවක් ඇති වනු ඇතැයි කතාබහක් පැවතිණි. නමුත් පැරිස්, නොන්ට් සහ ලියොන් ඇතුළු නගරවල වාර්තා වූයේ සිදුවීම් අතලොස්සක් පමණි.

මේ වන විට සියලු දෙනාගේ අවධානය ජනාධිපතිවරයා වෙත යොමු වී ඇති අතර, මෙම අර්බුදයෙන් මිදීමට මගක් සොයා ගැනීමට ඔහුට සිදුවනු ඇත.

නව ජාතික සභාව දින 10 කින් රැස්වීමට නියමිත නමුත් පැරිස් ඔලිම්පික් උළෙල ජූලි 26 වන දින ආරම්භ වන අතර ප්‍රංශයට සන්සුන් කාල පරිච්ඡේදයක් සමග මෙම කාලය ගත කළ හැකි ය.

වාමාංශික පුවත්පතක් වන ලිබරේෂන් සමස්ත රාත්‍රිය සාරාංශගත කළේ, 'ඒක පිස්සුවක්' (C'est Ouf) යන සිරස්තරයෙනි.

වාචික ප්‍රංශ භාෂාවෙන් "එය පිස්සුවක්" වන නමුත්, ඡන්දදායකයින් නැෂනල් රැලි පක්ෂයේ බලය සඳහා වූ උත්සහය නතර කිරීම ඔවුන්ට සහනයකි.