2023 ක්‍රිකට් ලෝක කුසලානය: අවසන් පුර්ව වටයේ සටන ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික අදියරේ තරග අවසන් වීමත් සමග අවසන් පූර්ව වටයේ තරගකරුවන් මේ වන විට තීරණය වී අවසන්ය.
ඒ අනුව අවසන් පූර්ව වටයේදී සත්කාරක ඉන්දියාව නවසීලන්තය සමග සහ දකුණු අප්‍රිකාව ඔස්ට්‍රේලියාව සමඟ තරග වැදීමට නියමිතය.
අවසන් පූර්ව වටයේ තරග පැවැත්වෙන්නේ කවදා ද ? තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ මොනවාද ?
ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය පැවැත්වෙන්නේ කවදා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ලබන බදාදා ( නොවැම්බර් 15 වෙනිදා) පැවැත්වෙන අතර තරගය පස්වරු 2.00ට ආරම්භ කිරීමට නියමිතය.
නවසීලන්තය සහ ඉන්දියාව අතර පැවැති මූලික වටයේ තරගයේදී නවසීලන්තය වෙනුවෙන් ඩැරල් මිචෙල් ලකුණු 130ක් ලබා ගනිමින් ලකුණු 274ක ඉලක්කයක් ඉන්දියාවට ලබා දෙන ලදී. නමුත් විරාත් කෝලි රැස් කළ ලකුණු 95ත් සමඟින් ඉන්දියාව නවසීලන්තයට එරෙහි තරගය කඩුලු 4කින් ජයගත්තේය.
දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය පැවැත්වෙන්නේ කවදාද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දෙවන අවසන් පූර්ව තරගය ලබන බ්‍රහස්පතින්දා ( නොවැම්බර් 16 වෙනිදා) පැවැත්වේ. එම තරගය පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතය.
දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර මූලික වටයේ පැවති තරගයේදී ක්වින්ටන් ඩි කොක් ලකුණු 109ක් රැස් කළේය.
පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 312ක ඉලක්කයක් හඹා ගියද ඔවුන් ලකුණු 177කට දැවී ගියේ, දකුණු අප්‍රිකාවට ලකුණු 134ක ජයක් අත්කර දෙමින්ය.
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරග පැවැත්වෙන ස්ථාන මොනවාද?
ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. 2011 දී ඉන්දියාව ලෝක කුසලානය දිනාගත් අවසන් මහා තරගය පැවැත්වුයේ ද වන්කඩේ ක්‍රීඩාංගනයේ දීයි.
නවසීලන්තය තවමත් මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී මෙම ලෝක කුසලාන තරගාවලියේ දී මේ දක්වා ක්‍රීඩා කර නොමැත.
එම ක්‍රීඩාංගණයේදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 302 ක දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගන්නා ලදී. එහිදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව ලකුණු 55 කට දවා ගන්නා ලදී.
මේ අතර දකුණු අප්‍රිකාවට සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් පූර්ව වටයේ තරගය කොල්කතාවේ ඊඩ්න් ගාර්ඩන් ක්‍රීඩාංගණයේ පැවැත්වේ.
මෙවර ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාව මෙම ක්‍රීඩාංගණයේ දී එක්වරක් ක්‍රීඩා කළ අතර එහිදී ඔවුන්ට ඉන්දියාව හමුවේ ලකුණු 243ක පරාජයක් හිමිවිය.
2017 වසරෙන් පසු එම ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කරන පළමු තරගය මෙයයි.
අවසන් පුර්ව වටය දක්වා ඕස්ට්‍රේලියා ව පැමිණි ගමන් මග

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙවර ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් අදියරේදී ඉන්දියාව ප්‍රමුඛත්වය ගෙන ඇත.
රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම පළමු අදියරේ තරග 9ම ජය ගෙන ඇත.
දකුණු අප්‍රිකාව තරග නවයෙන් හතක් ජයගෙන කණ්ඩායම් අදියරේ දෙවැනි ස්ථානයට පත්විය.
දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේදී ආකර්ෂණීය පිතිහරඹයක් පෙන්නුම් කළ නමුත් ලකුණු හඹා යාමේදී ඔවුන් ගේ පිතිහරඹය දුර්වලතාවයක් පෙන්නුම් කළේය.
ලකුණු හඹා යාමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම නෙදර්ලන්තය හමුවේ නොසිතූ පරාජයක් අත්විඳි අතර ඉන්දියාව හමුවේ දැවැන්ත පරාජයක් අත්විඳිය.
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව හමුවේ පරාජය ලබමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ මන්දගාමී ආරම්භයක් ලද ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ ඉදිරි තරග හත ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
ග්ලෙන් මැක්ස්වෙල්ගේ සුපිරි පිතිකරණය හමුවේ ඇෆ්ගනිස්ථානය පරාජය කරමින් ලද ජයග්‍රහණය හේතුවෙන් කණ්ඩායම් අදියරේ පළමු හතරේ ස්ථානයක් වෙන් කර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය.
නවසීලන්තය කණ්ඩායම් අදියරේ පළමු තරග හතර ජයගත්තද, ඉතිරි තරග 4 පරාජයට පත්විය.
ශ්‍රී ලංකාවට එරෙහි පැවති තරගයේදී විශ්වාසනීය ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවීමත් සමග දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව පිළිමළුන් පිටුදැකීමේ අදියරට එළඹීමට නවසීලන්තයට හැකිවිය.
ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය කවදාද?
අවසන් තරගය නොවැම්බර් 19 ඉරිදා දහවල් 2.00ට අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එම ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයින් 132,000කට තරගය නැරඹීමට හැක.































