ඔබ දියවැඩියා රෝගියෙකු නම් අඹ කෑම ගැන ඔබ දැනගත යුතු කරුණු

A basket of Indian mangoes in different colours

ඡායාරූප මූලාශ්‍රය, Mansi Thapliyal

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවේ වගා කරන අඹ වර්ග 1000කට වඩා තිබේ
    • Author, සූතික් බිස්වාස්
    • Role, බීබීසී පුවත්, ලන්ඩන්
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ඉන්දියාවට ග්‍රීෂ්ම සෘතුව එළඹෙත්ම මුම්බායිහි සිටින ප්‍රමුඛ පෙළේ දියවැඩියා රෝග විශේෂඥයෙකුට ඔහුගේ රෝගීන්ගෙන් අසන්නට ලැබෙන පොදු ප්‍රශ්නය වන්නේ "මට අඹ කන්න පුළුවන් ද?" යන්න ය.

"අඹ පැණිරස හා විවිධ වර්ගවලින් තියෙනවා, ඒවා ඉන්දියානු ගිම්හානයේදී අනිවාර්යයෙන් ම තියෙන දෙයක්, ඒ නිසා මිනිසුන් ඒවා රසබලන්න ආස කරන එක කිරීම පුදුමයක් නෙමෙයි," රාහුල් බක්සි පවසයි.

කෙසේ වෙතත්, ඔහු පවසන්නේ, මෙම සරල ප්‍රශ්නය අඹ අනුභව කිරීමෙන් දැඩි ලෙස වැළකිය යුතුය යන විශ්වාසයේ සිට එහි ප්‍රතිවිරුද්ධ අන්තය වන අධික ලෙස අඹ අනුභව කිරීම "දියවැඩියාව ඇති කළ හැකියි" යැයි සමහරු සිතන වැරදි වැටහීම් වලින් පිරී පවතින බව ය.

යථාර්ථය ඒ අතර කොතැනක හෝ ඇති නමුත් ව්‍යාකූලත්වය අඹ වාරය සමග අවසන් නොවේ. "ඇත්තෙන්ම කියනවා නම්, බොහෝ රෝගීන් අඹ වාරයෙන් පසු නැවත පරීක්ෂා කිරීම් සඳහා එනවා, ඔවුන්ට සාමාන්‍යයෙන් අධික සීනි මට්ටමක් රුධිරයේ තියෙනවා, සමහර විට එය ඔවුන් මෙම ප්‍රියතම පළතුර ඕනෑවට වඩා කාපු නිසා වෙන්න පුළුවන්," වෛද්‍ය බක්සි පවසයි.

මෙම අඛණ්ඩ උභතෝකෝටිකය දියවැඩියා රෝගීන් බොහෝ දෙනෙකුට 'පළතුරු වල රජු' ගැන සැලකිලිමත් වීමට හේතු වී තිබේ. මේ දක්වා සිදු කර ඇති නව පර්යේෂණවලින් යෝජනා කරන්නේ අඹ යනු ඔවුන් එවැනි තත්ත්වයකට පත් කරන නරක දෙයක් නොවිය හැකි බව ය.

නවතම ඉන්දියානු සායනික අත්හදා බැලීම් දෙකක් සාම්ප්‍රදායික ආහාර උපදෙස් වලට අභියෝග කරන අතර එමගින් යෝජනා කරන්නේ කාබෝහයිඩ්‍රේට් (පාන්) වෙනුවට පාලනය කරන ලද ප්‍රමාණවලින් අඹ පරිභෝජනය කිරීම 2වන වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයින්ගේ රුධිර සීනි මට්ටම සහ පරිවෘත්තීය සෞඛ්‍යය තත්ත්වය සඳහා උපකාරී විය හැකි බව ය.

පළමු වර්ගයේ දියවැඩියාව ඇති වන්නේ අග්න්‍යාශය ඉන්සියුලින් ඉතා ස්වල්පයක් නිපදවන විට හෝ නොමැති විට වන අතර, දෙවන වර්ගයේ දියවැඩියාව ඇති වන්නේ ශරීරය ඉන්සියුලින් වලට හොඳින් ප්‍රතිචාර නොදක්වන අවස්ථාවලදී ය.

ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය (IDF) විසින් වාර්තා කරන ලද පරිදි ලොව පුරා දියවැඩියා රෝගීන්ගෙන් 90%කට වඩා වැඩි ප්‍රමාණයකට දෙවන වර්ගයේ දියවැඩියාව තිබේ. එය ගෝලීය වශයෙන් සෞඛ්‍ය ගැටලු සඳහා අටවන ප්‍රධාන හේතුව වන අතර 2050වන විට දෙවැන්න බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සම්පූර්ණයෙන් ම පැහැදිලි නැති වුව ද එය අධික බර, වයස, වාර්ගිකත්වය සහ පවුල් ඉතිහාසය සමඟ සමීපව සම්බන්ධ වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ඉන්දියාවේ, වැඩිහිටියන් මිලියන 77ක් පමණ දෙවන වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන අතර මිලියන 25 කට ආසන්න ප්‍රමාණයක් පූර්ව දියවැඩියාව සහ රෝගය වැළඳීමේ වැඩි අවදානමක් සහිතව සිටිති.

People look at mangoes during a festival of mangoes with different varieties of fruits on a table in India.

ඡායාරූප මූලාශ්‍රය, Hindustan Times via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සංස්කෘතිය තුළ පළතුරට ඇති වැදගත්කමට ගරු කරමින් පවත්වන අඹ උත්සව ඉන්දියානු නගරවල දක්නට ලැබේ
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නමුත් දුෂ්කරතා සමග වුව ද, නව සොයාගැනීම් විශේෂයෙන් අඹවලට ආදරය කරන පුද්ගලයින් සඳහා අනපේක්ෂිත බලාපොරොත්තු ඇති කරන්නකි.

European Journal of Clinical Nutrition සඟරාවේ නුදුරේදී ම පළ වීමට නියමිත සහ සහභාගිවන්නන් 95 දෙනෙකු සම්බන්ධ වූ නියමු අධ්‍යයනයකින් සොයා ගැණුනේ ජනප්‍රිය ඉන්දියානු අඹ ප්‍රභේද තුනක් වන සෆෙඩා, ඩෂේරි සහ ලැන්ග්‍රා පැය දෙකක ග්ලූකෝස් පරීක්ෂණයකින් සුදු පාන් වලට වඩා සමාන හෝ අඩු ග්ලයිසමික් ප්‍රතිචාරයක් දැක්වූ බව ය. (ග්ලයිසමින් ප්‍රතිචාරය යනු ආහාරයක් අනුභව ගැනීමෙන් අනතුරුව රුධිර සීනි මට්ටම කොපමණ ප්‍රමාණයකින් සහ කොපමණ වේගයකින් ඉහළ නැංවේද යන්නයි.)

2 වන වර්ගයේ දියවැඩියාව සහිත රෝගීන් සහ එලෙස නොමැති පුද්ගලයින් පිරිසක් සම්බන්ධ කරගනිමි දින තුනක් පුරා අඛණ්ඩව සිදු කළ ග්ලූකෝස් නිරීක්ෂණය මගින් පෙන්නුම් කළේ, අඹ ආහාරයට ගැනීමෙන් පසු ඒ සඳහා සහභාගී වූ දියවැඩියාව සහිත පුද්ගලයින් තුළ, ආහාර ගැනීමෙන් පසු රුධිරයේ සීනි මට්ටම උච්චාවචනය වීමේ තත්වය සැලකිය යුතු ලෙස අඩු බවයි. මෙම අඩු සීනි වෙනස දිගු කාලීනව ශරීරයට ප්‍රයෝජනවත් විය හැකි බව පර්යේෂකයෝ පවසති.

"මිනිසුන් ඇත්තටම අඹ වලට කැමතියි, නමුත් එය බොහෝ විට විවේචනයට ලක් වන්නේ රුධිරයේ සීනි සහ බර වැඩි වීම නිසයි," යනුවෙන් අධ්‍යයන දෙකෙහි ම ප්‍රධාන කතුවරයා වන වෛද්‍ය සුගන්ධා කෙහාර් පැවසීය.

"මෙම අධ්‍යයනවලින් පෙනී යන්නේ නියමිත ආහාර වේල තුළ අඹ පරිභෝජනය කිරීම රුධිරයේ සීනි වලට අහිතකර නොවන බව සහ එය ප්‍රයෝජනවත් විය හැකි බව."

ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ අරමුදල් සහිතව දිල්ලි හි Fortis C-DOC රෝහලේදී සිදු කර දියවැඩියාව සහ පරිවෘත්තීය ආබාධ පිළිබඳ සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද සති අටක අහඹු අත්හදා බැලීමක් මගින් සොයාගැනීම් තහවුරු කර ඇත

දෙවන වර්ගයේ දියවැඩියාව සහිත රෝගීන් තිස්පස් දෙනෙකු තම උදෑසන ආහාරය වෙනුවට අඹ ග්‍රෑම් 250 ක් ආහාරයට ගත් අතර නිරාහාරව සිටින විට රුධිර සීනි මට්ටම වැඩි කිරීමට, ඉන්සියුලින් ප්‍රතිරෝධය, බර, ඉණ වට ප්‍රමාණය සහ සීනි මට්ටම මනිනු ලබන සහ හිමොග්ලොබින් A1C පරීක්ෂණයේ (HbA1c) ප්‍රගතියක් දක්නට ලැබිණි. මේවා දියවැඩියා පාලනය සහ සමස්ත පරිවෘත්තීය සෞඛ්‍යය මනිනු ලබන ප්‍රධාන දර්ශක වේ.

"අඹ පරිභෝජනය නිසා පරිවෘත්තීය ක්‍රියාවලියට ඇති අහිතකර බලපෑම් පිළිබඳ පවතින සියලු සැකයන් බිඳහෙළා, පළමු වරට සවිස්තරාත්මක අධ්‍යයනයන් දෙකක දී උදෑසන ආහාරය සඳහා කාබෝහයිඩ්‍රේට් (පාන්) වෙනුවට අඹ කුඩා ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් හිමිවන ප්‍රතිලාභ අපි පෙන්වා දී තිබෙනවා," යනුවෙන් ජ්‍යෙෂ්ඨ කතුවරයා සහ අධ්‍යයනයේ ප්‍රධානී මහාචාර්ය අනූප් මිස්රා පවසයි.

"නමුත් ප්‍රධාන වන්නේ සීමාව ඉක්මවා කටයුතු නොකිරීම සහ සායනික අධීක්ෂණයයි, මේක සීමා නැති අඹ උත්සවයක් සඳහා බලපත්‍රයක් නොවෙයි."

A health worker conducts a blood glucose test for a patient while during a free door-to-door screening programme.

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවේ වැඩිහිටියන් මිලියන 77ක් පමණ දෙවන වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙති

මධ්‍යස්ථ ලෙස අඹ ආහාරයට ගැනීම යනු කුමක්දැයි මම මහාචාර්ය මිස්රාගෙන් ඇසුවෙමි.

"ඔබේ දෛනික සීමාව කැලරි 1,600ක් නම්, අඹ වලින් ලැබෙන ඕනෑම කැලරි ප්‍රමාණයක් අමතර ප්‍රමාණයක් නොවී එම එකතුවෙන් කොටසක් විය යුතුයි. ග්‍රෑම් 250ක අඹ ගෙඩියක කැලරි 180ක් පමණ තිබෙනවා. අධ්‍යයනයේදී මෙන් ඒ හා සමාන ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඔබ කාබෝහයිඩ්‍රේට් වෙනුවට සමාන ප්‍රමාණකින් අඹ ආහාරයට ගත යුතු වේ.'' ඔහු මට පැවසුවේය.

වෛද්‍ය Baxi පවසන්නේ ඔහු එවැනි දෙයක් තම රෝගීන්ට පවසන බවයි.

"රුධිරයේ සීනි මට්ටම මැනවින් කළමනාකරණය කරන්නේ නම් දිනකට වරක් හෝ දෙවරක් කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 15 ක් පමණ ලබා දෙන සීමාසහිත ප්‍රමාණයකින් අඹ රසවිඳීමට මම මගේ රෝගීන්ට අවසර ලබා දෙනවා."

වෛද්‍ය බක්සි සිය රෝගීන්ට මෙසේ පවසයි: ඔබේ ආහාර වේල් පාලනය කරන්න. අඹ ආහාරයට ගත යුත්තේ ආහාර වේල් අතරමැද මිස අතුරුපස ලෙස නොවේ. ප්‍රෝටීන් හෝ තන්තු සමග ඒවා එකතු කර ගන්න. පළතුරු යුෂ සහ මිල්ක්ශේක් වැනි වෙනත් කාබෝහයිඩ්‍රේට් හෝ සීනි අඩංගු ආහාර සමඟ එක් කිරීමෙන් වළකින්න.

සෞඛ්‍ය ප්‍රතිලාභ වලට අමතරව අඹ ඉන්දියානු ජන ජීවිතයේ ප්‍රධාන තැනක් ගනියි. එය සංස්කෘතික, සමාජීය සහ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් අවස්ථා නිර්මාණය කරයි.

"Mango diplomacy" යනු කලාපයේ පොදු වාක්‍ය ඛණ්ඩයකි. ඒ, මෙම පළතුරු පෙට්ටි දේශපාලනික එකඟතාවන්, හවුල්කාරීත්වයන් ගොඩනඟා ගැනීමට හෝ දුෂ්කර සාකච්ඡා පහසු කිරීමට උපකාරී වන නිසා ය.

 Indian Ambassador Ronen Sen (L) hands a basket of Indian mangoes to US Agriculture Secretary Mike Johanns at a ceremony celebrating the opening of mango trade between the United States and India at the Commerce Department in Washington 01 May 2007.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ඉන්දීය තානාපති රොනෙන් සෙන් 2007 වසරේ පැවති උත්සවයකදී එවක එක්සත් ජනපද කෘෂිකර්ම ලේකම්වරයා ලෙස කටයුතු කළ මයික් ජොහාන්ස් වෙත ඉන්දීය අඹ කූඩයක් පිරිනැමුවේය

පළතුරෙහි පවතින සංස්කෘතික හා ආර්ථික වැදගත්කම සමරමින් ඉන්දියාවේ නගර පුරා අඹ උත්සව පැවැත් වේ. එය වරෙක ප්‍රියතම රසයක් වන අතර ශක්තිමත් සමාජ වටිනාකමක් ඇති පළතුරකි. "බොහෝ ඉන්දියානුවන්ට පෞද්ගලිකව ප්‍රියකරන අඹ වර්ගයක් තියෙනවා වගේ ම මෙම වර්ගීකරණය දීර්ඝ කාලයක් පුරා උණුසුම් වාදවිවාද සඳහා හේතු වෙලා තියෙනවා." දිල්ලියේ ඉතිහාසඥයෙකු සහ සූපශාස්ත්‍ර විශේෂඥයෙකු වන පුෂ්පේෂ් පාන්ට් පවසයි.

පුෂ්පේෂ් පාන්ට් පවසන්නේ, "හොඳ අඹ තියෙන්නේ ආහාරයට ගන්න ම නෙවෙයි, ඒවා හරියට ආභරණ වගේ සුන්දර දෙයක්," යනුවෙන් ය.

"අඹවල නීතියෙන් හොඳම අස්වැන්න ඉහළම මිල ගෙවීමට කැමති අය වෙත තල්ලු කරනවා," Mangifera indic හි සොපන් ජෝෂි ලිවී ය. මෙම චරිතාපදානය අඹ සහ ඒවාට ආදරය කරන මිනිසුන් පිළිබඳ ඉතා බලගතු සහ සවිස්තරාත්මක කෘතියකි.

ඉන්දියාව අඹ වර්ග 1000කට වඩා වගා කරයි. ඉන්දියාවේ අඹ, කලාපය අනුව වෙනස් වන බව ජෝෂි පැහැදිලි කරයි: ලන්ග්‍රා, ඩෂේරි, චෞසා සහ හිම්සාගර් වැනි උතුරු සහ නැගෙනහිර වර්ග ඉතා මිහිරි වන අතර දකුණු ප්‍රභේදවල මෘදු පැණිරස හා ඇඹුල් රසයක් ඇත. බටහිර ඉන්දියාවේ අල්පොන්සෝ අඹ එහි විශේෂ රසය ලබා ගන්නේ සීනි සහ අම්ලමය අද්විතීය මිශ්‍රණයකිනි.

මෙම පළතුර ඉන්දියානු ජීවිතයට කොතරම් වැදගත්ද පවසන්නේ නම් අඹ මල් වලින් බොහෝවිට අවුරුද්ද ආරම්භ වේ. ගාලිබ් කවියා අඹ හැඳින්වූයේ 'මී පැණි වීදුරුවක්' ලෙසින් වන අතර එහි අලංකාරය ගැන බොහෝ පොත් ලියා ඇත.

සංග්‍රහයක් මෙන්ම සංකේතයක්ද වන අඹ ගෙඩිය ප්‍රියජනක සහ අභිප්‍රේරණයක් ගෙන දෙන අතර එයට නූතනයේදී විද්‍යාවෙන් ද පුදුම සහගත පිළිගැනීමක් තිබේ.