පකිස්ථානයේ සිට ජපානයට ගිය 'පාපන්දු ක්‍රීඩකයින් 22 දෙනෙකු' අත්අඩංගුවට පත්වූයේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, එටිෂාම් ෂාමි
- Role, මාධ්‍යවේදී
අහමඩ් (ඔහුගේ සැබෑ නම නොවේ) ජූනි 15 වන දින සියල්කොට් සිට ජපානයේ කන්සායි ගුවන්තොටුපළ දක්වා පියාසර කළ පකිස්ථාන පාපන්දු ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකු විය.
ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් සංචිතයේ සියලු ම සාමාජිකයෝ 'ක්‍රීඩා සමාජයේ නිල ඇඳුම්' ඇඳ සිටි අතර පකිස්ථානයේදී සියලු ම ආගමන සහ ආරක්ෂක නිෂ්කාෂණ අවසන් කිරීමෙන් පසු ජපානයට ළඟා වීමට හැකි වීම ගැන සතුටින් පසු වූහ.
ක්‍රීඩකයින් 22 දෙනා පකිස්ථාන ආගමන නිලධාරීන්ට පවසා ඇත්තේ, තමන් 'ගෝල්ඩන් ෆුට්බෝල් ට්‍රයල්' නම් සමාජයක් නියෝජනය කරන බවත්, නැවත තම නිවසට යාමට පෙර ජපානයේදී තරග කිහිපයක් ක්‍රීඩා කිරීමට සැලසුම් කර ඇති බවත් ය. ඔවුන්ට ජපන් වීසා ද තිබිණි.
ෆෙඩ්රල් විමර්ශන ඒජන්සියේ කලාප අධ්‍යක්ෂ ගුජ්රන්වාලා මුහම්මද් බින් අෂ්රෆ්ට අනුව, අහමඩ්ගේ ප්‍රකාශයේ සඳහන් පරිදි ජූනි 15 වන දින පන්ජාබ්හි සියල්කොට් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් සාමාන්‍ය නිෂ්කාෂණ කටයුතුවලින් පසු පෞද්ගලික ගුවන් සමාගමකට අයත් FZ 338 දරන ගුවන් යානයට ගොඩවීමට ඔහුට සහ ඔහු සමග සිටි කණ්ඩායමට අවසර ලැබුණු බව ය.
අහමඩ්ට අනුව, කණ්ඩායමේ සියලු ම දෙනා ක්‍රීඩා සමාජයට අයත් ක්‍රීඩා නිල ඇඳුමින් සැරසී සිටි අතර ඔවුන්ගේ ඊළඟ ගමනාන්තයට යාමට උද්යෝගයෙන් පසු වූහ.
මොහොමඩ් බින් අෂ්රෆ්ට අනුව, පිරිමි ළමයින් ගුවන් යානය තුළ සෙල්ෆි ගනිමින් සහ කතාබස් කරමින් සිටි බව අහමඩ් පැවසීය. නමුත් ඔවුන් ජපානයේ කන්සායි ගුවන්තොටුපළට ගොඩබසින විට, ආගමන නිලධාරීන් ඔවුන් අනෙකුත් මගීන්ගෙන් වෙන් කළහ. සියලු දෙනා ම දැඩි ලෙස ප්‍රශ්න කරන ලද අතර වෙන ම කාමරවලට රැගෙන ගොස් ඔවුන්ගෙන් වෙන් වෙන්ව ප්‍රශ්න කරන ලදී.
"ඊට පස්සේ, ජපන් ආගමන නිලධාරීන් අපගේ විදේශ ගමන් බලපත්‍ර සහ ඇතුළු අනෙකුත් ලියකියවිලි තහවුරු කිරීමට රැගෙන ගියා. සමහරු දුරකතන ඇමතුම් ලබා ගත්තා, තවත් සමහරු පරිගණක ඔස්සේ ඒ ලේඛන පරීක්ෂා කළා. අපිව වෙන ම කාමරවලට දමා තහවුරු කිරීම් අවසන් වන තුරු පිටව යා නොහැකි බව කිව්වා," අහමඩ් ෆෙඩ්රල් විමර්ශන ඒජන්සිය වෙත එසේ පැවසීය.
"ටික වෙලාවක් යද්දී ආගමන කාර්ය මණ්ඩලය අපට රළු ආකාරයකින් සලකන්න පටන් ගත්තා. අපට වීසා ලබා දුන් නියෝජිතයා කිව්වේ, මේ ලේඛනවලින් වීසා පහසුවෙන් අනුමත වුණා වගේ, ඒවා ජපන් ආගමන නිලධාරීන්ට පෙන්නුවාට පස්සේ ඔවුන් අපට යන්න දෙනවා කියලා. නමුත් යථාර්ථය සම්පූර්ණයෙන් ම වෙනස්." අහමඩ් ෆෙඩ්රල් විමර්ශන ඒජන්සියේ නිලධාරීන්ට පැවසුවේ ය.
"පැය පහකට හෝ හයකට පසු, ආගමන විගමන නිලධාරීන් අපට ජපානයට ඇතුළු විය නොහැකි බවත් නැවත පිටුවහල් කරන බවට දැනුම් දුන්නා. ඔවුන් අපේ විදේශ ගමන් බලපත්‍ර සහ ලේඛන ඊළඟ ගුවන් යානයේ කළමනාකරුට ලබා දුන්නා. පස්සේ අපිව FZ 337 ගුවන් යානයෙන් පකිස්ථානයට ආපහු එව්වා," ෆෙඩ්රල් විමර්ශන ඒජන්සිය නිලධාරියාට අනුව, අහමඩ් පවසා තිබිණි.
"අපිව ජපානයෙන් පිටුවහල් කරලා ආපහු එව්වා. අපි ගොඩබහිනකොටත් ෆෙඩ්රල් විමර්ශන ඒජන්සියේ කණ්ඩායමක් ගුවන් තොටුපළේ හිටියා. ඔවුන් අපිව රඳවාගෙන, ඔවුන්ගේ කාර්යාලයට ගෙනිහින්, අපෙන් ප්‍රශ්න කළා, අපේ සියලු ම ලියකියවිලි එකතු කළා, අපේ ප්‍රකාශ සටහන් කර ගත්තා. ඊට පස්සේ අපිට ගෙදර යන්න අවසර ලැබුණා."

ඡායාරූප මූලාශ්‍රය, FA
ගුවන් සමාගමේ පරීක්ෂා කිරීමේ පත්‍රවල අනුව ජපන් ආගමන නිලධාරීන් එහි සඳහන් කර ඇත්තේ, 'අසත්‍ය ප්‍රකාශයන් කිරීම, නිහඬව සිටීම සහ ඔවුන්ගේ සංචාරයේ අරමුණ ඔප්පු කිරීමට නොහැකි වීම' හේතුවෙන් පුද්ගලයින් 22 දෙනා ම පිටුවහල් කළ බව ය.
මෙම පුද්ගලයින්ගෙන් කිසිවෙකුත් පාපන්දු ක්‍රීඩකයින් නොවන බව ඔවුන්ගේ විමර්ශනයෙන් හෙළි වූ බව ෆෙඩ්රල් විමර්ශන ඒජන්සිය පවසයි. වීසා ලබා ගැනීමට ඔවුන් භාවිත කළ සියලු ම ලියකියවිලි ව්‍යාජ ඒවා විය. ජපානයට රැගෙන යාම සඳහා සැකකාර මිනිස් ජාවාරම්කරුට එක් එක් පුද්ගලයා රුපියල් මිලියන 4 බැගින් ගෙවා ඇත.
ආගමන නිලධාරීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට හැකි වන පරිදි මෙම සියලු පුද්ගලයින්ට පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් මූලික පුහුණුවක් දී තිබූ බව ෆෙඩ්රල් විමර්ශන ඒජන්සිය පවසයි.
පරීක්ෂණයෙන් හෙළි වූයේ කුමක් ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
රජයේ පැමිණිල්ලක් මත විවිධ විධිවිධාන යටතේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පළමු තොරතුරු වාර්තාවක් (FIR) ෆෙඩ්රල් විමර්ශන ඒජන්සිය වෙත ලියාපදිංචි කරන ලදී.
ෆෙඩ්රල් විමර්ශන ඒජන්සියේ නිලධාරීන් පවසන්නේ, සැකකාර මිනිස් ජාවාරම්කරු ඊයේ අත්අඩංගුවට ගෙන අද (සැප්තැම්බර් 17) ප්‍රාදේශීය අධිකරණයකට ගෙන ආ බවත්, එහිදී ප්‍රශ්න කිරීම සඳහා ඔහුව රඳවා තබා ගැනීමට අවසර ඉල්ලා සිටි බවත් ය.
අධිකරණය විත්තිකරු දින හතරක් රඳවා ගැනීම සඳහා ෆෙඩරල් විමර්ශන ඒජන්සිය වෙත අවසර ලබා දී ඇත.
ෆෙඩ්රල් විමර්ශන ඒජන්සියේ මූලස්ථානය මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කළේ ය. "ව්‍යාජ පාපන්දු කණ්ඩායම පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා. ව්‍යාජ කණ්ඩායමට ඇතුළත්ව සිටි පිරිමි පුද්ගලයින්ගේ භූමිකාව ගැන පරීක්ෂා කරන අතර, ඔවුන් වැරදිකරුවන් නම්, ඔවුන්ගේ නම් නඩුවට ඇතුළත් කරනු ලබනවා. විමර්ශනය අවසන් වන තුරු ඔවුන්ගේ සියලුම විදේශ ගමන් බලපත්‍ර ෆෙඩරල් විමර්ශන ඒජන්සිය යටතේ තබා තිබෙනවා."
පිරිමි ළමයින් 22 දෙනාට ම ක්‍රීඩා නිල ඇඳුම් ඇඳගෙන ගමන් කිරීමට සලස්වා ඇති අතර, ගමනට යැවීමට පෙර මුලික පාපන්දු පුහුණුවක් ද ලබා දී ඇති බව මේ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන මුලික විමර්ශනයේදී කරුණු අනාවරණය වී තිබේ.
මූලික විමර්ශන වාර්තාවේ සඳහන්ව ඇති පරිදි, මිනිස් ජාවාරම්කරු ජපානයට යැවීම සඳහා පැමිණි 22 දෙනාගෙන් එක් අයෙකුගෙන් රුපියල් මිලියන 4 බැගින් අය කර තිබූ අතර එහි මුළු වටිනාකම රුපියල් මිලියන 88කි.
ජපානයෙන් පිටුවහල් කරන ලද ඔවුන් සියලු දෙනා පාපන්දු ක්‍රීඩාවට කිසිදු සම්බන්ධයක් නොමැති බව ෆෙඩ්රල් විමර්ශන ඒජන්සිය විසින් සිදුකළ විමර්ශනයෙන් තහවුරු විය. චෝදනාවට ලක්වූ නියෝජිතයා 'ගෝල්ඩන් ෆුට්බෝල් ට්‍රයල්' නමින් ව්‍යාජ ක්‍රීඩා සමාජයක් නිර්මාණය කර, පාකිස්ථාන පාපන්දු සම්මේලනය සමග මෙම ක්‍රීඩා සමාජයේ අනුබද්ධතාව පිළිබඳ ව්‍යාජ ලිපියක් ද සකස් කර, ඉන් පසුව සියලු ම පිරිමි ළමයින් පාපන්දු කණ්ඩායම් ක්‍රීඩකයින් ලෙස පුහුණු කර, ව්‍යාජ ලියකියවිලි මත පදනම්ව ජපන් තානාපති කාර්යාලයෙන් පිරිමි ළමයින් සඳහා වීසා ලබා ගන්නා ලද බවට මූලික තොරතුරු වාර්තාවේ සඳහන්ව ඇත.
මූලික විමර්ශන වාර්තාවට අනුව, විත්තිකරු පාපන්දු සම්මේලනයේ ලියාපදිංචි බව පෙන්වීම සඳහා ව්‍යාජ ලේඛන සාදා ඇත. මෙම ලේඛනවල සඳහන් වූයේ පාපන්දු තරග ජපානයේ සැලසුම් කර ඇති බව ය. එම විත්තිකරු විසින් පකිස්ථාන විදේශ අමාත්‍යාංශය ලෙස දැක්වෙන ව්‍යාජ ලේඛන ද සාදා තිබේ. මෙම පුද්ගලයින් නැවත පකිස්ථානයට පැමිණි පසු, ෆෙඩ්රල් විමර්ශන ඒජන්සිය විසින් ගෝල්ඩන් පාපන්දු ක්‍රීඩා සමාජය සහ පකිස්ථාන පාපන්දු සම්මේලනය සමග ඇති සම්බන්ධතාව පෙන්නුම් කරන ලිපිය පරීක්ෂා කරන ලදී. එහිදී පාපන්දු සම්මේලනය පැවසුවේ, ඔවුන් මෙම සමාජයට සම්බන්ධ නැති බවත් ලිපිය ව්‍යාජ එකක් බවත් ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මූලික විමර්ශන වාර්තාවට අනුව, ජපානයට ගුවන් ටිකට්පත් 22ක් නිකුත් කළ සංචාරක ආයතනයේ හිමිකරුගෙන් ෆෙඩ්රල් විමර්ශන ඒජන්සිය ප්‍රශ්න කළ විට, නඩුවේ නම් කර ඇති සැකකාර මිනිස් ජාවාරම්කරු ටිකට්පත් මිල දී ගෙන මුදල් ගෙවා ඇති බව පවසා ඇත.
ෆෙඩ්රල් විමර්ශන ඒජන්සියේ ප්‍රකාශකයාට අනුව, විමර්ශනයෙන් පෙනී ගියේ මෙම නඩුවේ නම් කර ඇති විත්තිකරු මීට පෙර 2024 ජනවාරි 1 වන දින පාපන්දු කණ්ඩායමක් ලෙස පෙනී සිටිමින් තරුණයින් 17 දෙනෙකු ජපානයට යවා ඇති බව ය. ඔවුන්ගේ වීසා ලබා ගැනීම සඳහා පකිස්ථාන පාපන්දු සම්මේලනයේ සහ විදේශ අමාත්‍යාංශයේ ව්‍යාජ ලිපි භාවිත කර ඇති බව ය.
විත්තිකරුගේ කල්ලියට සම්බන්ධ අනෙකුත් අය, ව්‍යාජ ලේඛන සෑදීමට භාවිත කළ යන්ත්‍රය සහ ද්‍රව්‍ය සහ තවමත් සොයා ගැනීමට නියමිත මුදල් පිළිබඳව ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව විමර්ශන නිලධාරියා අධිකරණයට පැවසීය. ඉන්පසු අධිකරණය ෆෙඩ්රල් විමර්ශන ඒජන්සියට වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඔහුව රඳවා තබා ගැනීමට දින හතරක් ලබා දුන්නේ ය.
පිටුවහල් කරන ලද සියලු ම පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව ෆෙඩ්රල් විමර්ශන ඒජන්සියේ ගුජ්රන්වාලා ප්‍රාදේශීය අධ්‍යක්ෂ මුහම්මද් බින් අෂ්රෆ් පැවසීය. විමර්ශනයෙන් පසු තවත් පුද්ගලයින් නඩුවේ සැකකරුවන් ලෙස නම් කිරීමට හැකි බව ඔහු පැවසීය.
'බෝට්ටු අනතුරුවලින් පසු ව්‍යාජ ලේඛන ව්‍යාපාරය ආරම්භ වුනා'
මිනිස් ජාවාරම් සිද්ධි සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරන මාධ්‍යවේදී ඉක්බාල් මිර්සා පවසන්නේ, ගොඩබිම් මාර්ග දැඩි සෝදිසි කිරීම් සහ මුහුදේදී වැඩි පිරිසක් මිය ගිය පසු, මිනිස් ජාවාරම්කරුවන් නව ක්‍රමයක් ලෙස ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් මිනිසුන් විදේශගත කිරීම ආරම්භ කළ බවය.
පසුගිය වසර දෙක තුළ මධ්‍යම පන්ජාබ්හි පිරිමි ළමයින් සිය ගණනක් බෝට්ටු අනතුරුවලින් මිය ගිය බවත්, සිද්ධි සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු පවසයි. ව්‍යාජ ලේඛන භාවිතය දැන් වැඩි වී ඇත්තේ ඒ හේතුවෙන් විය හැකි ය.
He said, "Bodybuilding, wrestling and weightlifting are popular sports in Gujranwala, but no case of human trafficking has ever been reported under the guise of these sports, and the federations of these sports take a very strict stance on this, and there is a strict trial phase before athletes participate in international competitions."
"කායවර්ධන, මල්ලවපොර සහ බර ඉසිලීම ගුජ්රන්වාලාවල ජනප්‍රිය යි, නමුත් මේ ක්‍රීඩාවලට සම්බන්ධ මිනිස් ජාවාරම් සිදුවීමක් කිසි දා වාර්තා වෙලා තිබුණේ නැහැ. එම ක්‍රීඩා සම්මේලන මේ කටයුතු ගැන දැඩිව කටයුතු කරනවා වගේ ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරග සංචාරවලට යවන්න කලින් අනිවාර්ය පුහුණුවීම් කරනවා," ඔහු පැවසුවේ ය.
"නමුත් ව්‍යාජ පාපන්දු සමාජයක් භාවිත කරමින් පිරිමි ළමයින් ජපානයට යැවීමේ සිදුවීම කම්පනයක් ඇති කරනවා. මේක සම්පූර්ණයෙන් ම විමර්ශනය කළ යුතු යි. රටේ කීර්ති නාමය අවදානමට ලක්ව ඇති නිසා ඊට සම්බන්ධ වූ සියලු දෙනාට ම දඬුවම් කළ යුතු යි."














