ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සුඛෝපභෝගී සුවඳ විලවුන් නිෂ්පාදනයට ළමා ශ්‍රමය යොදාගන්නා බව BBC ය සොයා ගනී
සුඛෝපභෝගී සුවඳ විලවුන් නිෂ්පාදනයට ළමා ශ්‍රමය යොදාගන්නා බව BBC ය සොයා ගනී
ප්‍රධාන මල් තෙල් අපනයනකරුවෙකු වන ඊජිප්තුවේ, පිච්ච මල් නෙලීම සඳහා ළමයින්ව යොදාගන්නා ආකාරය BBC ය අනාවරණය කර ගන්නා ලදී.
''මම පිච්ච මල්වලට වෛර කරනවා. මම පිච්ච මල්වලට වෛර කරන්නේ ඒවා නිසා මට වේලාසනින් අවදි වෙන්න වන නිසා. ඒ වගේම සමහර වෙලාවට මම ගස් යට නිදාගන්නවා. මම එකතු කරන පිච්ච මල් සුවඳ විලවුන් බවට පත් කෙරෙනවා.'' යනුවෙන් අවරුදු 10ක් වයස බාස්මල්ලා පැවසුවාය.