මියන්මාර කුමන්ත්‍රණය: හමුදාව පාලනය අල්ලා ගනී, අවුන් සාන් සුචී රැඳවුම් භාරයට

ඡායාරූප මූලාශ්‍රය, Reuters
අවුන් සාන් සුචී සහ ඇගේ පාලක පක්ෂයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රඳවා ගැනීමෙන් පසු මියන්මාරයේ හමුදාව බලය අත්පත් කරගෙන තිබේ.
සියලුම අධිකාරී බලය ඉහළ හමුදාපතිට ලබා දී ඇති අතර වසරක හදිසි නීතියක් ප්‍රකාශයට පත් කර ඇති බව හමුදා රූපවාහිනිය ඔස්සේ නිවේදනය කෙරිණ.
කුමන්ත්‍රණය සිදු වූයේ අවුන් සාන් සුචී නායකත්වය දෙන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (එන්එල්ඩී) පසුගිය නොවැම්බරයේ පැවති මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමෙන් අනතුරුවය.
"මෙය පිළිගන්න එපා" සහ "කුමන්ත්‍රණයට විරෝධය දක්වන්න" යනුවෙන් ඇය සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියාය.
ඇය රඳවා තබා ගනු ඇතැයි වාර්තා පලවන අතරවාරයේ ලියන ලද ලිපියකින් ඇය කියා සිටියේ හමුදා ක්‍රියා කලාපය නිසා රට ආපසු අඥාදායකත්වයට යටත් කර ඇති බවය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
සඳුදා පාන්දර හමුදාව කියා සිටියේ "මැතිවරණ වංචාව" හේතුවෙන් අණ දෙන නිලධාරී මින් අවුන්ග් හේලිංට බලය පැවරූ බවයි. අගනුවර වන නයි පයි තව් සහ ප්‍රධාන නගරය වන යැන්ගොන්හි වීදිවල සොල්දාදුවන් යොදවා තිබුණි.
බුරුමය ලෙස ද හැඳින්වෙන මියන්මාරය 2011 වසර වන තෙක් පැවතියේ හමුදා පාලනයක් යටතේය. අවුන් සාන් සුචී ගේ මුලිකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදුකිරීමත් සමඟම හමුදා පාලනය අවසන් කෙරිණි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ප්‍රතික්‍රියා කෙබඳුද?
ඇමරිකා එක්සත් ජනපදය කුමන්ත්‍රණය හෙළා දැක ඇත්තේ, "මෑත මැතිවරණවල ප්‍රතිඵල වෙනස් කිරීමට හෝ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රමණයට බාධා කිරීමට දරන ඕනෑම උත්සාහයකට විරුද්ධ" බව පවසමිනි.
ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සියලු රජයේ නිලධාරීන් සහ සිවිල් සමාජ නායකයින් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි අතර, "ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සාමය සහ සංවර්ධනය සඳහා වූ ඔවුන්ගේ අභිලාෂයන් තුළ බුරුමයේ ජනතාව සමඟ එකට සිටිනු ඇත. හමුදාව මෙම ක්‍රියා වහාම ආපසු හැරවිය යුතුය" යනුවෙන් ද ඔහු පැවසීය.
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කුමන්ත්‍රණය සහ අවුන් සාන් සුචී "නීති විරෝධී ලෙස සිරගත කිරීම" හෙළා දුටුවේය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
යුරෝපා නායකයෝ ද හමුදා කුමන්ත්‍රණය හෙළා දැක තිබුණි.
ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය මාරිස් පේන් මියන්මාරයෙන් ඉල්ලා සිටියේ "නීතියේ ආධිපත්‍යයට ගරු කරන ලෙසට" සහ "නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටින සියලුම සිවිල් නායකයින් සහ අනෙකුත් අයව වහාම නිදහස් කරන්න" යනුවෙනි.
කියවන්න:









