ලිංගික චෝදනා සහ ඇන්ඩෲ කුමරු: බීබීසී සමග කළ සාකච්ඡාව ගැන විවේචන

2001 දී වර්ජිනියා සමග ඇන්ඩෲ කුමරුගේ මේ ඡායාරූපය, ලන්ඩනයේ පිහිටි ජිස්ලෙන් මැක්ස්වෙල්ගේ නිවසේදී ගන්නා ලද්දකි.

ඡායාරූප මූලාශ්‍රය, VIRGINIA ROBERTS

ඡායාරූප ශීර්ෂ වැකිය, 2001 දී වර්ජිනියා සමග ඇන්ඩෲ කුමරුගේ මේ ඡායාරූපය, ලන්ඩනයේ පිහිටි ජිස්ලෙන් මැක්ස්වෙල්ගේ නිවසේදී ගන්නා ලද්දකි.

ලිංගික අඩන්තේට්ටම් සම්බන්ධයෙන් වරදකුව සිට මියගිය ජෙෆ්රි එප්ස්ටීන් සමග වූ මිත්‍රත්වය සම්බන්ධයෙන් යෝර්ක් හි ආදිපාද ඇන්ඩෲ කුමාරයා සමාව ගත යුතු බව, එම ලිංගික අඩන්තේට්ටම් පිළිබඳ චෝදකයින්ගේ නීතිඥයෙකු පැවසීය.

නම හෙළිනොකළ වින්දිතයින් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටින ස්පෙන්සර් කුවින් නම් වූ එම නීතිඥයා පැවසුවේ, "ඔවුන්ව රාජකීයත්වය විසින් දුර්වල කරලා" යනුවෙනි.

බීබීසී නිව්ස්නයිට් වැඩසටහන සමග සෙනසුරාදා (නොවැම්බර් 16) ඇන්ඩෲ කුමාරයා කළ සම්මුඛ සාකච්ඡාව "කනගාටුදායක" මෙන්ම "පීඩනය ඇති කරන්නක්" බව ඔහු කියා සිටියේය.

එම සාකච්ඡාවට එක්වීම "ව්‍යාකුල විය හැකි" තත්ත්වයක් බවට විවේචකයින් විසින් කරන ලද මත දැක්වීම නොසළකා ඊට එක්වීමට ගත් සිය තීරණය කුමාරයා විසින් තහවුරු කරනු ලැබීය.

"මේ නින්දා සහගත මිනිසා එක්ක තිබූ මිත්‍රත්වයේ තරම ඇත්තෙන්ම ඔහු (ඇන්ඩෲ කුමරු) පිළිනොගැනීම වගේම සමාව නොගැනීම කණගාටුදායකයි" යැයි සඳුදා (නොවැම්බර් 18) 'Today' වැඩසටහනට එක්වෙමින් කුවින් සඳහන් කළේය.

"වරදකරුවකු බවට පත් කෙනෙක් සමග මිතුරුව සිටීම යන කරුණ හා ඒ මිත්‍රත්වය තවදුරටත් පවත්වාගෙන යාම - ඉන් පෙන්නුම් කරන්නේ, ඒ මනුස්සයා (එප්ස්ටීන්) මේ ගැහැණු ළමුන්ට කළ දේ තරම පිළිගෙන නැති බවයි" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඇන්ඩෲ කුමාරයා, ජෙෆ්රි එප්ස්ටීන් සමග

ඡායාරූප මූලාශ්‍රය, NEWS SYNDICATION

ඡායාරූප ශීර්ෂ වැකිය, 2010 වූ මේ හමුවෙන් පසු ජෙෆ්රි එප්ස්ටීන් සමග වූ සබඳතාව අවසන් වූ බව ඇන්ඩෲ කුමරු පැවසීය.

බීබීසී වෙත ඇන්ඩෲ කුමරු පැවසුවේ, ඇමෙරිකානු මුල්‍ය කළමනාකරුවකු වූ එප්ස්ටීන් ගේ නිවාස තුනකට ගිය ගමන්වලදී ඔහුගේ අපරාධකාරී හැසිරීම් පිළිබඳ කිසිසේත් සැක නොකළ බවකි.

එහෙත් , "තරුණ ගැහැණු ළමුන් එම ගෙවල්වලට ගෙන එන, යන තත්ත්වයක් තුළ"එවැන්නක් ගැන අවධානය යොමු නොකිරීමට තරම් කිසිම ආකාරයේ මාර්ගයක් නොවී යැයි තමන් නොසිතන බව කුවින් කියා සිටියේය.

එප්ස්ටීන්ට එරෙහි චෝදකයින් ගේ අවධානය දැන් යොමු වී තිබෙන්නේ , සිටිය හැකි හවුල් කුමන්ත්‍රණකරුවන් වෙත බව ද ඔහු සඳහන් කළේය.

එප්ස්ටීන් වෙනුවෙන් බාලවයස්කාර ගැහැණු ළමුන් ලබාගෙනීමේදී, ඔහුගේ හිටපු පෙම්වතිය වන ජිස්ලෙන් මැක්ස්වෙල් කෙබදු ආකාරයක භූමිකාවක යෙදුනේදැයි යන්න ගැන ප්‍රශ්න මතුවී තිබේ.

තමන් කිසිදු වරදක් කර නැති බව ඇය පවසන්නීය.

ලිංගික සේවය සඳහා ගැහැණු ළමුන් සම්පාදනය පිළිබඳ නඩුවකට මුහුණ දීමට සිටියදී 66 වැනි වියේදී සිය දිවි හානි කරගත් එප්ස්ටීන් සමග පැවති මිත්‍රත්වය සම්බන්ධයෙන් එක්සත් ජනපද බලධාරීන් වෙත තොරතුරු පවසන ලෙස ඇන්ඩෲ කුමාරයා වෙත යළිත් අලුතින් දැනුම් දීම් කෙරී ඇත.

එප්ස්ටීන් ට එරෙහි තවත් චෝදකයින් පස්දෙනෙකු වෙනුවෙන් පෙනී සිටින ලීසා බ්ලූම් බීබීසී හි වික්ටෝරියා ඩර්බිෂයර් වැඩසහනට පැවසුවේ "මට හිතෙන්නේ, මේ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු දේවල් නරක අතට හරවාගෙන. මට හිතෙන්නේ දැන් බලධාරීන් ඔහුට කතා කරාවි - ඔවුන් එසේ කිරීම අවශ්‍යයි" යනුවෙනි.

"දැන් ඔහු ඉන්නේ පොදු මහජන මතය කියන අධිකරණයේ. ඔහු එෆ්බීඅයි (FBI - ෆෙඩරල් විමර්ශන කාර්යාංශය) හමුවේ සාක්ෂි දිය යුතුයි." යනුවෙන් තවත් චෝදකයෙකුගේ නීතිඥවරියක වන ග්ලෝරියා ඇලර්ඩ් පැවසුවාය.

මේ අතර බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂ ඡායා වෙළෙඳ ඇමති බැරී ගාඩිනර් පවසන්නේ, එප්ස්ටීන් නිසා වින්දිතයින් වූවන්ට සහය විය හැකි ඕනෑම දෙයක් ඇන්ඩෲ කුමරු විසින් ඉටු කරනු ලැබිය යුතු බවකි.

"තමන්ගේ හිටපු මිත්‍රයා සමග ගත කළ සමය පිළිබඳ පැවසීම ඔහුට කළ හැකි නිවැරදි දේයි" යැයි ඔහු පැවසීය.

මේ තත්ත්වය මතුවන්නේ බීබීසී සමග කළ අදාළ සම්මුඛ සාකච්ඡාව පිළිබඳ බරපතල විවේචනවලට කුමාරයා මුහුණදී සිටින අවස්ථාවකය. ඇතැමුන් එය හඳුන්වා තිබුණේ මහජන සම්බන්ධතා කටයුතුවල ඛේදජනක තත්ත්වයක් ලෙසිනි.

ඇන්ඩෲ කුමාරයා, බීබීසී නිව්ස්නයිට් වැඩසටහනේ

එවක වර්ජිනියා රොබර්ට්ස් නමින් හැඳින්වුණු වර්ජිනියා ජියුෆර් සමග ලිංගික සබඳතාවක යෙදීම ගැන එල්ලවන චෝදනා "එකහෙළාම" ඇන්ඩෲ කුමරු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ එවැනි කිසිවක් නොවූ බව පවසමිනි.

ඇය පවසන ආකාරයට එවැනි සබඳතාවක් මුලින්ම ඇතිවූයේ ඇය 17 වැනි වියේ පසුවද්දීය.

ඇන්ඩෲ කුමරුට සමීප පුද්ගලයින් පවසනුයේ මේ ගැටලුව සෘජුව සාකච්ඡා කිරීමට ඔහුට අවශ්‍ය වූ බවය. බීබීසී නිව්ස්නයිට් වැඩසටහනට එක්වීමෙන් "අවංකව හා නිහතමානීව" කුමරු එය කළ බව ඔවුහු පවසති.

එක්සත් රාජධානියේ ප්‍රේක්ෂකයින්ට බීබීසී අයි ප්ලේයර් (BBC iPlayer) හෝ ලෝකයේ ඕනෑම තැනක සිට යූටියුබ් (YouTube) ඔස්සේ නැරඹිය හැකි, ආදිපාදවරයාගේ දිගු සම්මුඛ සාකච්ඡාවේ ඔහු පවසනුයේ:

  • වර්ජිනියා ජියුෆර් පවසන පරිදි ඔහු ඇය සමග ලිංගිකව එක්වූ 2001 මාර්තු 10 වෙනි දින, එදින රැයෙහි නිවසේ ගත කිරීමට පෙර සාදයකට ලක ලැහැස්තිවීම සඳහා සිය දියණියව Pizza Express (පීසා එක්ස්ප්‍රස්) වෙත රැගෙන ගිය බවකි.
  • තමන්ට අධිකව දහදිය ගැලු බවට කෙරෙන ප්‍රකාශ ඔහු බැහැර කළේ ෆෝක්ලන්ත යුද්ධයේදී ඇඩ්රිනලින් අධිමාත්‍රාවක් ගැනීම හේතුවෙන් ඇතිවූ දහදිය නොගැලීමේ "සාමාන්‍ය නොවූ සෞඛ්‍යමය තත්ත්වයක්" පැවති බවකි.
  • ජියුෆර් සමග තමන් පෙනී සිටින ඡායාරූපය ව්‍යාජ ලෙස සකස් කරන ලද්දැයි දැනගැනීම සඳහා ඔහු විමර්ශන ක්‍රියාත්මක කරනු ලැබුවත් ඒවා අවිනිශ්චිතය.
  • එප්ස්ටීන් සමග වූ සබඳතාව ගැන කතා කිරීම "මානසික සෞඛ්‍ය ගැටලුවක්" තරමට පත්වූ බව.
  • අත්‍යාවශ්‍ය තත්ත්වයක් මතුවුවහොත් හා සිය නීතිඥයින් උපදෙස් දෙන්නේ නම් වර්ජිනියා ජියුෆර් සමග සබඳතාව ගැන දිව්රුමක් යටතේ තමන් සාක්ෂි දෙන බව.
  • වින්ඩ්සර් කාසල් හි පැවති බියට්‍රිස් කුමරියගේ 18 වෙනි උපන්දින සාදයට එප්ස්ටීන් හට ආරාධනා කරද්දී ඔහුට එරෙහි අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ගැන දැන නොසිටි බව.
  • වෙළෙඳ හා ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් එප්ස්ටීන් වෙතින් "උගෙනීමට ලද අවස්ථා" හේතුවෙන් ඔහු සමග වූ මිත්‍රත්වය සම්බන්ධයෙන් කණගාටු නොවූ බව.

වෙනත් තොරතුරු: