ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මුම්බායි දුම්රිය මගී තෙරපීමෙන් විසි දෙදෙනෙක් මරුට
මුම්බායි නගරයේ ප්‍රධාන දුම්රිය නැවතුම් පොළක සිදු වූ මගී තෙරපීමකින් පැයට පෑගී මරණයට පත් සංඛ්‍යාව විසි දෙදෙනකු බව ඉන්දියාවෙන් ලැබෙන අලුත්ම වාර්තා මගින් පැවසෙයි.
මරණයට පත් ජනයාට අමතරව තවත් තිස් දෙනකුවත් තුවාල ලබා ඇති බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.
මුම්බායි නගරයේ ප්‍රධාන දුම්රිය මාර්ග දෙකක් එකට සම්බන්ධ කෙරෙන එල්පින්ස්ටන්(Elphinstone) නම් දුම්රිය මධ්‍යස්ථානය අසල එම අනතුර සිදුව ඇත.
මහා වර්ෂාවක් පතිත වෙමින් තිබියදී විශාල ජනකායක් දුම්රිය මධ්‍යස්ථානයට වැටී ඇති මගී පාලමක් මත පොදි ගැසීම මහජන තෙරපීමට හේතු වූ බව සිද්ධිය වූ අවස්ථාවේ එහි සිටි පුද්ගලයෝ පවසති.
වැස්සෙන් බේරීමට සෙවනක් සොයා මගී පාලමට විශාල පිරිසක් එකවර ඇතුල් වීමට තැත් කිරීම තෙරපීමට හේතු වූ බව ඉන්දීය දුම්රිය සේවයේ ප්‍රකාශක අනිල් සක්සේනා පවසයි.
දෛනික වශයෙන් දශ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ගමන් බිමන් යන ඉන්දීය දුම්රිය සේවයේ ඉතා පැරණි යටිතල පහසුකම් ප්‍රමාණවත් මට්ට්ටමින් සංවර්ධනය කර නොමැති බවට නිරන්තරයෙන් විවේචන ඉදිරිපත් වෙන බව මුම්බායි නගරයේ සිටින බීබීසී වාර්තාකරුවෙක් සඳහන් කළේය.
මේ අනතුර සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් විසින් විභාගයක් ආරම්භ කරනු ලැබ ඇත.