පනස් වසරකට පසු 'මිත්‍රත්ව චාරිකා' ඇරඹෙයි

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර මගී දුම්රිය සේවය යළි ආරම්භ කර ඇත.

දැනට වසර පනහකට පමණ පෙර බංග්ලාදේශය පකිස්තානයේ කොටසක්ව පැවති සමයේදී මෙම සේවය නවතා දැමුණි .

කොල්කටා සහ කුල්නා නගර අතර දිවෙන 'මිත්‍රත්ව චාරිකා' (Friendship Express) නම්වූ නව දුම්රිය සේවයේ පරීක්ෂණ චාරිකාව බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා ගේ දිල්ලි සංචාරය අතරතුරදී ආරම්භ විය.

කොල්කටා සහ බංග්ලාදේශයේ අගනුවර වන ඩකා නගරය අතර දිවෙන පළමු 'මිත්‍රත්ව චාරිකා' දුම්රිය සේවය වසර 2008 දී ආරම්භ විය.

1947 දී ඉන්දීය උප මහාද්වීපය බෙදීයාමේ දී වෙන්කෙරුණු සෙසු බංග්ලාදේශ් කලාප යාකෙරෙන ප්‍රවාහන සේවාවක් සඳහා ඉල්ලුමක් පැවතුණි.

මෙම නව දුම්රිය සේවයට අමතරව බස් සේවාවන්ද ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.