ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇමරිකාව: ධවල මන්දිර ප්‍රකාශකයා ඉල්ලා අස්වෙයි
ඇමරිකානු ධවල මන්දිරයේ ප්‍රකාශක ෂෝන් ස්පයිසර් එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ධවල මන්දිරයේ සන්නිවේදන කණ්ඩායමේ සිදු කළ වෙනසකට විරෝධය පළ කිරීමක් වශයෙන් ඔහු එම ධුරයෙන් ඉවත්ව ඇති බව වාර්තා වේ.
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් ඇන්තනී ස්කාරමූචි පත් කරනු ලැබීම සම්බන්ධයෙන් ෂෝන් ස්පයිසර් විරෝධය පළ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
සන්නිවේදන අංශයේ වෙනස්කම් සිදු කරනු ලැබුවේ ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා රුසියාව බලපෑම් එල්ල කළ බවට ධවල මන්දිරයට චෝදනා එල්ල වෙමින් පවතින වාතාවරණයකදීය.
ඇන්තනී ස්කාරමූචි එම ධුරයට පත් කිරීම පිළිබඳ "තදබල" විරෝධය පළ කර ඇති ෂෝන් ස්පයිසර් එය "විශාල අත්වැරැද්දක් ලෙස" හඳුන්වා ඇති බව 'ද නිව්යෝක් ටයිම්ස්' පුවත්පත වාර්තා කළේය.
ෂෝන් ස්පයිසර් පසුගිය ජනවාරි මාසයේ ධවල මන්දිරයේ ප්‍රකාශකවරයා වශයෙන් පත් කෙරුණු අතර එතැන් පටන් ඔහු පුවත් මවන්නෙකු බවට පත් විය.
ජනාධිපති ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්ති උත්සවය සඳහා සහභාගී වූ ආධාරකරුවන්ගේ සංඛ්‍යාව පිළිබඳ විවාදයට තුඩු දෙන ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ඔහුට විවේචනවලට මුහුණ දීමට ද සිදු විණි.