ලිංගික අතවර: ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපහාස නඩුවක්

ඡායාරූප මූලාශ්‍රය, EPA
එක්සත් ජනපදයේ නව ජනාධිපති පදවියට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ට ලිංගික අතවර කළ බවට චෝදනා කරන කාන්තාවක් ඔහුට එරෙහිව සාපරාධී අපහාස නඩුවක් ගොනු කළාය.
2007 දී ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ට ලිංගික අතවර කළ බවට චෝදනා කරන සමර් සර්වොස් පවසන්නේ සිය හැසිරීම පිළිබඳව ඔහු සමස්ත ජාතිය නොමග යැවූ බවයි.
මාධ්‍ය හමුවක් අමතමින් සිය පැමිණිල්ල පිළිබඳව අනාවරණය කළ ඇය පවසන්නේ "බොරුකාරයකු සහ ස්ත්‍රී විරෝධියකු" වන ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ට "අවමන් කළ සහ පහත් කොට සැලකූ" බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන සිකුරාදා වොෂින්ටන් නුවර පැවැත්වෙන උත්සවයකදී දිවුරුම් දී ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙසින් වැඩ භාරගැනීමට නියමිතයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ජනාධිපතිවරණය අවස්ථාවේ ඔහුට එරෙහිව ලිංගික අතවර චෝදනා ගණනාවක් එල්ල වූ අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ චෝදනා සියල්ල තරයේ ප්‍රතික්ෂේප කරයි.
රැකියා අවස්ථාවක් ලබාගැනීම පිණිස බෙවර්ලි හිල්ස් හෝටලයේදී හමුවූ අවස්ථාවේ අනාගත ජනාධිපතිවරයා තමන්ට ලිංගික අතවර කළ බවට 41 හැවිරිදි සමර් සර්වොස් චෝදනා කරයි.
ලිංගික අතවර පිළිබඳව තමන්ට චෝදනා නැගූ සියලු කාන්තාවන්ට එරෙහිව නඩු පවරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් මීට ඉහතදී තර්ජනය කළ නමුත් ඔහු මෙතෙක් එවැනි කිසිදු නඩුවක් පවරා නැත.






