පාකිස්තාන් ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ

ඡායාරූප මූලාශ්‍රය, AP
විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට සහභාගී කෙරෙන පකිස්තාන් ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා පිටත් වූ බව වාර්තා වෙයි.
ඉන්දියාව තුළ සිය කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව පැවති අභියෝගාත්මක තත්වය හමුවේ ඉන්දීය සංචාරය සඳහා පාකිස්තාන් ආණ්ඩුවේ අනුමැතිය ලැබීම ප්‍රමාද වෙමින් පැවති අතර ඊයේ (11) එම අනුමැතිය ලැබීමෙන් අනතුරුවයි සංචාරය ආරම්භ කෙරුණේ.
ඉන්දියාව තුළ ගත කරන කාලය ඇතුළත පාකිස්තාන් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් පකිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලයට(PCB) සහතික තුනක් ලැබී ඇත.

එම සහතික කිරීම් සහිත ලිපි පකිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යොමු කරනු ලැබ තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය(ICC)බටහිර බෙන්ගාල ආණ්ඩුව සහ ‘කොල්කටා’ පොලිස්පති වරයාගෙනි.
පකිස්තාන් පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙකම විස්සයි විස්ස ලෝක ශූරතා තරඟාවලියට සහභාගී වෙති.
පාකිස්තාන් පිරිමි ක්‍රිකට් කණ්ඩායම සහභාගී වෙන පළමු පෙර සූදානම් තරඟය කොල්කටා ‘ඒඩන් ගාර්ඩන්ස්’ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
පාකිස්තාන් කණ්ඩායම මාර්තු 14 වෙනි දින ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඔවුන්ගේ දෙවන පෙර පුහුණු තරඟයට සහභාගී වෙන බවත් දැක්වෙයි.




