ටජ්මහලේ සෙල්ෆි ගැනීමට ගොස් 'ඇදවැටී මරුට'

දාහත් වන සියවසයේ ඉදි කරන ලද ටජ්මහල දැක බලා ගැනීමට දිනකට සංචාරකයෝ 12000 පමණ පැමිණෙති
ඡායාරූප ශීර්ෂ වැකිය, දාහත් වන සියවසයේ ඉදි කරන ලද ටජ්මහල දැක බලා ගැනීමට දිනකට සංචාරකයෝ 12000 පමණ පැමිණෙති

ටජ්මහලේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ ජපාන සංචාරකයකු ඇදවැටී මරුමුවට පත් වී තිබේ.

ලෝක ප්‍රසිද්ධ ඉන්දියාවේ ටජ්මහල් ස්මාරකයේ රාජකීය ද්වාරය අසළදී අනතුර සිදු වී ඇති අතර ඉහත කී සංචාරකයා පඩි පෙළ මත ලිස්සා ඇද වැටුණු බවයි ඇසින් දුටුවෙකු බීබීසීයට කියා සිටියේ.

බිම ඇද වැටීමත් සමග සිහිසන් වූ එම පුද්ගලයා රෝහලට ගෙන ගොස් ඇති අතර හිසට හානි සිදු වීම හේතුවෙන් මරණය සිදු වී ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

දාහත් වන සියවසයේ ඉදි කරන ලද ටජ්මහල දැක බලා ගැනීමට දිනකට සංචාරකයෝ 12000 පමණ පැමිණෙති.

මරුමුවට පත් සංචාරකයා සමග ඔහුගේ මිතුරකුද ඇද වැටී ඇති අතර ඔහුගේ පාදයට හානි සිදු වී ඇති බවත් පොලිසිය පැවසුවේය.

සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් සිදු වූ අනතුරු ගණනාවක් මෑතකදී වාර්තා විය.

ඡායාරූප මූලාශ්‍රය, Alvaro Barrientos l AP

අවදානම් සහගත ස්ථාන මත සිට සෙල්ෆි ඡායාරූප ගැනීම පිළිබඳ තරුණ පරපුර දැනුවත් කිරීමේ වැඩසටහනක් මේ වසර ආරම්භයේ දියත් කළ බව රුසියාවෙන් වාර්තා වී තිබිණ.

තුවක්කුවක් අතැතිව සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය රුසියානු කාන්තාවකගේ හිසට වෙඩි වැදී තිබුණේ ඇය අත වූ ගිනි අවිය අත් වැරදීමකින් ක්‍රියාත්මක වීමෙන්.

රෝහල් ගත කිරීමෙන් පසු ඇයගේ දිවි බේරා ගැනීමට වෛද්‍යවරු සමත් වූහ.

ස්පාඤ්ඤයේ වාර්ෂික ගොන් පොර උළෙල අතරතුර සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය පුද්ගලයකු ගොනුන්ගෙන් පහර කා මරුමුවට පත් වූයේ පසුගිය අගෝස්තු මාසයේදීයි.