ෆ්ලොරීඩා මුහුදු පතුලෙන් රන් නිධානයක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
දහ අට වන සියවසට අයත් පවුම් මිලියන දෙකකට වඩා වැඩි වටිනාකමකින් යුතු ස්පාඤ්ඤ රත්තරන් කාසි තොගයක් සොයා ගත් බව ඇමරිකානු නිදන් වස්තු ගවේෂකයන් කණ්ඩායමක් පවසයි.
පසුගිය වසර 300ක කාලය පුරා එම රන් කාසි 350ක ප්‍රමාණය ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්ත වෙරළට ආසන්නව අත්ලාන්තික සාගර පතුලේ තැන්පත්ව තිබී ඇති බවයි නිදන් වස්තු ගවේෂකයන් පවසන්නේ.
කියුබාවේ සිට ස්පාඤ්ඤය බලා යමින් තිබූ ස්පාඤ්ඤ නැව් එකොළහක බල ඇණියක් කුණාටුවකට හසු වී මුහුදුබත් වී ඇති අතර සොයා ගැනුන කාසි ඉන් එක් නැවක තිබෙන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය,
වෙරළේ සිට මීටරයක් වැනි අඩු දුරකින් මුහුදු පත්ලේ වැලි යට වැළලී තිබූ මෙම රන් කාසි තොගයේ වටිනාකමින් 20% ක ප්‍රමාණයක් ෆ්ලොරීඩා ප්‍රාන්ත ආණ්ඩුව විසින් ඇය කර ගැනීම ඇමරිකාවේ නීතියයි.
ඇමරිකාවේ ෆ්ලොරීඩා මුහුදු තීරයේ නිදන් වස්තු ගවේෂණය ඉතා ජනප්‍රිය ක්‍රියාකාරකමක් ලෙස ප්‍රකටයි.
මේ මාස කිහිපය තුළ නිදන් වස්තු ගවේෂකයන් විසින් කළ දෙවන සොයා ගැනීම මෙයයි.
පසුගිය ජුනි මාසයේ ෆ්ලොරීඩා මුහුදු පතුලේ තිබී පවුම් මිලියන භාගයක් පමණ වටිනා රත්රන් කාසි පනහක් ද සොයා ගැනින.




