ජර්මානු නායිකාවගෙන් රුසියාවට චෝදනා

ඡායාරූප මූලාශ්‍රය, AFP

නැගෙනහිර යුරෝපයේ රටවල් කිහිපයක අභ්‍යන්තර කටයුතු වලට රුසියාව අනවශ්‍ය ලෙස මැදිහත් වන්නේ යැයි ජර්මනියේ චාන්සලර්වරිය ඇන්ජෙලා මර්කල් චෝදනා කරයි.

මෙසේ රුසියාව අතපොවන්නේ යුරෝපා සංගමය සමග කිට්ටු සම්බන්ධතා ගොඩනැගීමට බලාපොරොත්තු වන රටවල් වලට බවයි ඇය පවසන්නේ. රුසියාව සමග සංහිඳියාවකින් කටයුතු කළ යුතු බව කියා සිටින හිටපු චාන්සලර්වරු තිදෙනෙක් ඇන්ජලා මර්කල් ට එරෙහිව එල්ල කළ විවේචන පුවත්පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී ඇය විසින් ප්‍රතික්ෂේප කෙරුණි.

රුසියාව ජෝජ්ජියාවේ, මොල්ඩෝවාවේ සහ යුක්‍රේනයේ අර්බුද නිර්මාණය කර ඇති බවයි ජර්මනියේ චාන්සලර්වරිය පවසන්නේ. බටහිර බෝල්කන් රටවලට ආර්ථිකව සහ දේශපාලනික ව රුසියාව මත යැපීමට සිදුවන වන ආකාරයෙන්, මොස්කව් පාලනය ක්‍රියා කරමින් සිටින බව ද ඇය ප්‍රකාශ කළාය.