දකුණු ආසියාවටත් ශාඛාවක් -අල් ඛයීඩා නායක

ඡායාරූප මූලාශ්‍රය, Reuters
අල් ඛයීඩා සංවිධානයේ ශාඛාවක් ඉන්දියාවේ පිහිටුවන බව අල් ඛයීඩා නායකයා නිවේදනය කිරීමත් සමඟ ඉන්දීය රජය ප්‍රාන්ත කිහිපයක ආරක්ෂාව පිළිබඳව විමසිලිමත් වී තිබේ.
දකුණු ආසියාවේ ‘ජිහාඩ් ධජය එසැවීම සඳහා’ තම සංවිධානයේ ඉන්දීය ශාඛාවක් පිහිටුවන බව අල් ඛයීඩා නායක අයිමන් අල් සවාහිරි කියා ඇත්තේ වීඩියෝ පටයක් නිකුත් කරමින්.

ඡායාරූප මූලාශ්‍රය, AP
මෙම වීඩියෝ පටයේ අව්‍යාජත්වය පිරික්සා බැලීම සඳහා බුද්ධි අංශ අධ්‍යයනයක යෙදී සිටිති.
දිල්ලි නුවර සිටින බීබීසී වාර්තාකරු කියා සිටියේ අල් ඛයීඩා සංවිධානය මේ වන විට ඉන්දියාවේ ක්‍රියාකාරී මට්ටමක නැති නමුත් ඇතැම් මුස්ලිම් තරුණයන් වෙත ළඟා වීමට ඔවුන් උත්සාහ දැරිය හැකි බවයි.
විශේෂයෙන් කාශ්මීරය සහ ගුජරාටය වැනි ප්‍රාන්තවල පවතින ආගමික ගැටුම් නිසා කලකිරීමට පත් වී සිටින තරුණයන් මෙම නිවේදනයට ආකර්ෂණය විය හැකි බැවින් එය ආරක්ෂක අංශවල දැඩි අවධානයට ලක් වී තිබේ.




