ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණය පිලිබඳ නීතිය

ඡායාරූප මූලාශ්‍රය, AFP
දේශපාලන රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නන්, ඔස්ට්‍රේලියානු වෙරළට පිටතින් පිහිටි පැපුවා නිව්ගීනියාවට පිටත් කර හැරීම මගින් ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොවන බව එරට මහ අධිකරණය තීන්දුවක් ලබා දෙමින් ප්‍රකාශ කර සිටියි.
දෙදහස් දොළහ වසරේ ඕස්ට්‍රේලියානු ආණ්ඩුව විසින් හඳුන්වා දුන් දේශපාලන රැකවරණය පිළිබඳ වූ නව නීතිය, රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට පැමිණ පැපුවා නිව්ගීනියාවට පිටත් කර යවන ලද ඉරාන ජාතිකයකු විසින් අභියෝගයට ලක් කරනු ලැබීය.
ඕස්ට්‍රේලියානු අධිකරණය හමුවට ගිය මෙම ඉරාන ජාතිකයා, බෝට්ටු මාර්ගයෙන් මිනිසුන් වෙනත් රටවලට ගෙන යන ජාවාරම් කරුවෙකුට ඉන්දුනීසියාවේ සිට ඔස්ට්‍රේලියාවට ඔහුව රැගෙන යාම සඳහා මුදල් ගෙවා තිබේ.
මෙම නව නීතිය මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක් වී ඇති නමුත් නව නීතිය හා සම්බන්ධ දේශපාලනික පරාසය තුළ ඔවුන්ගේ සහය දෙපාර්ශවයටම හිමි වී තිබේ.
මේ වන විට දේශපාලන රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නන්ගේ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ඇති බව සඳහන්.




