ළමා ශ්‍රමය සූරා කෑමේ වෙනසක්

ළමා ශ්‍රම සූරා කෑම සැලකිය යුතු මට්ටමකින් අඩුව ඇතැයි ලෝක කම්කරු සංවිධානය පෙන්වා දෙයි.
වැඩෙහි යොදවන ළමුන්ගේ සංඛ්‍යාව පසුගිය වසර හතර ඇතුළත කෝටි අටකට ආසන්න මට්ටමකින් පහත වැටී ඇති බවයි, අලුත්ම සොයා ගැනීම් අනුව ලෝක කම්කරු සංවිධානය පවසන්නේ.
විශේෂයෙන්ම ගැහැණු දරුවන් වැඩෙහි යෙදවීම අඩු වෙමින් පැවැත්ම යහපත් වර්ධනයක් යයි එම සංවිධානය පවසයි.
පිරිමි දරුවන් වැඩෙහි යොදවනු ලැබීම 25% කින් අඩුවෙමින් තිබියදී ගැහැණු දරුවන් වැඩෙහි යොදා ගනු ලැබීම 40% කින් පමණ පහත වැටී ඇතැයි ලෝක කම්කරු සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
ළමුන් වැඩෙහි යොදා ගැනීම වැළැක්වීම භාර ලෝක කම්කරු සංවිධානයේ ජාත්‍යන්තර ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂිකා කොන්ස්ටන්ස් තෝමස් කියා සිටියේ,ළමා ශ්‍රම භාවිතය සහමුලින්ම උපුටා දැමීම සඳහා ඉටු කළ යුතු තවත් බොහෝ දේ ඇති බවයි.
වයස අවුරුදු දහ අටට අඩු ජනගහනය ළමුන් හැටියට වර්ග කරන ලෝක කම්කරු සංවිධානය,කෝටි දාහතකට ආසන්න බාලවයස් කරුවන්,එනම් සමස්ථ ළමා පරපුරෙන් 11% ක්ම තවමත් වැඩෙහි යොදවන තත්වයක් පවතින හෙයින්, ඉහත කී වර්ධනය සම්පූර්ණ සතුටට කරුණක් නොවන බවත් පෙන්වා දී ඇත.




