‘ඉහළ පෙළේ මිනිස් ජාවාරම් කරුවන්’ පොලිස් දැලේ

"මිනිස් ජාවාරම් පිලිබඳ අපරාධ හතකට අදාලව ඕස්ට්‍රේලියාවේ ත් ජාත්‍යන්තර වශයෙනුත් කළ ඩෙල්ෆිනියම් මෙහෙයුමේ අවසාන අදියර" ස්ටීව් ලැන්කැස්ටර්, ඕස්ට්‍රේලියානු මධ්‍යම පොලිසිය
ඡායාරූප ශීර්ෂ වැකිය, "මිනිස් ජාවාරම් පිලිබඳ අපරාධ හතකට අදාලව ඕස්ට්‍රේලියාවේ ත් ජාත්‍යන්තර වශයෙනුත් කළ ඩෙල්ෆිනියම් මෙහෙයුමේ අවසාන අදියර" ස්ටීව් ලැන්කැස්ටර්, ඕස්ට්‍රේලියානු මධ්‍යම පොලිසිය

ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් රට පුරා කැරුණු මෙහෙයුමකින් මිනිස් ජාවාරමේ යෙදීමේ චෝදනා ලබන පස් දෙනකු අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් ඇෆ්ගන්, ඉරාන සහ පකිස්තාන ජාතිකයන්.

බෝට්ටු එකසිය තිස් දෙකක් පමණ යොදා ගෙන ඔස්ට්‍රේලියා ගමනට පහසුකම් සලසන ජාලයක ඉහළ පෙළේ සාමාජිකයන් ලෙසයි ඔවුන් හඳුන්වනු ලැබුවේ.

මේ අතුරින් සිව් දෙනකු ම ඉකුත් වසරේ මැයි මාසයත් මේ වසරේ ජූලියත් අතර කාලයේ ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ බෝට්ටු මගින්.

පොලිස් මෙහෙයුම කර ඇත්තේ දෙසියයකට අධික පිරිසකගෙන් ලබාගත් සාක්ෂි ගොනු කළ දොළොස් මසක පරීක්ෂණයකින් අනතුරුවයි.

වරදකරුවන් ට වසර දහයක් දක්වා වන සිර දඬුවමක් පැනවිය හැකියි.