බ්‍රික්ස් සමුළුව: චීනයේ සහ රුසියාවේ ආධිපත්‍ය අප්‍රිකාව තුළ වර්ධනය වන ආකාරය

ඡායාරූප මූලාශ්‍රය, AFP
- Author, ඇන්ඩෘ හාඩින්
- Role, බීබීසී පුවත්, ජොහැන්ස්බර්ග්
අප්‍රිකාවේ ධනවත් ම වර්ග සැතපුම මෙම සතියේ දැවැන්ත අන්තර්ජාතික සමුළුවක් පවත්වනු ලැබුයේ ගෞරවය, සහනය හා අසහනයේ ඉඟියක මිශ්‍රණයක් සමඟයි.
දකුණු අප්‍රිකාවේ වේගයෙන් අබලන් වෙමින් යන ජොහැන්ස්බර්ග් නගරයට ආසන්නයේ ඇති දර්ශනීය බැංකු දිස්ත්‍රික්කයක් වන සැන්ඩ්ටන්; බටහිර ආධිපත්‍යට අභියෝග කිරීමේ අභිලාෂයකින් ඒකරාශී වූ රටවල් කාණ්ඩයක් වන (බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, හා දකුණු අප්‍රිකාව) බ්‍රික්ස් කණ්ඩායමේ නවතම සමුළුව සඳහා වූ නගරයයි. තවත් රටවල් ගණනාවක් එයට එක් වීමට පෙළ ගැසී සිටිති.
බ්‍රික්ස් සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවේ දැනට දැනෙන සහනයේ රැල්ල, සමුළුවෙන් ඈත් වී සිටීමට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෑතකදී ගත් තීරණයෙන් පැහැදිලි කළ හැකිය.
ඔහු පැමිණෙන බවට අවධාරණය කර තිබුණේ නම්, යුක්රේනයේ සිදු කළේයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් රුසියානු නායකයා අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර බැඳීම ඉටු කරන්නේද යන්න පිළිබඳව අවසානයේ දකුණු අප්‍රිකාවට සිය ස්ථාවරය පැහැදිලි කිරීමට සිදුවන්නට තිබුණි.
එම අමිහිරි අභියෝගයෙන් මිදී, දකුණු අප්‍රිකානු නිලධාරීන් දැන් සත්කාරකයන් ලෙස ඔවුන්ගේ භූමිකාව ගැන සතුටු වෙමින් සිටින්නේ- බ්‍රික්ස් උදෑසන රැස්වීම්, වෙළඳ ප්‍රදර්ශන, නාගරික සංවාද සහ ඒ හා සමාන ඊමේල් පණිවුඩ ගංවතුරකින් මාධ්‍යවේදීන්ගේ එන ඉන්බොක්ස් ආඩම්බරයකින් යුතුව පුරවමින් ය.
ඇතැම් නිරික්ෂකයන්ට, මේ මීට පෙර සිදු නොවුණු අසාමාන්‍ය ලෙසකින් නිල සේවා උද්යෝගයෙන් සිදුවීම, මේ රට කෙතරම් දුරට සහ වේගයෙන් බටහිරින් ඈත්වන බවක් පෙනෙන බව දැකිය හැකිය. එමෙන්ම, වඩාත් බහුබහුධ්රැවීය ලෝකයක් වෙත යනවා පමණක් නොව, වේගයෙන් චීනය දෙසටත් තරමක් අඩු ලෙස රුසියානු කක්ෂය වෙත ඇදී යන බවත් පෙනෙන්නට ඇත.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මෑතක දී සමුළුවට පෙර කේප් ටවුන්හි පැවති බ්‍රික්ස් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ දී, ප්රවෘත්ති සාකච්ඡාවක දී රුසියානු මාධ්‍යවේදියෙක් මා වෙත නැමී මෙසේ පැවසුවේ ය: "ඔයාට ඔයාගෙ මානව හිමිකම් පාරාදීසය තියාගෙන ඉන්න පුළුවන්(බටහිරින්). අපි ලෝකය නැවත ගොඩනගනවා."
බ්‍රික්ස් තවමත් එහි ළදරු අවධියේ සිටිය හැකි නමුත්, එය අවම වශයෙන් සමහර අංශවල ශක්තිය සහ උද්යෝගය පිළිබඳ අව්‍යාජ සහ කඩාකප්පාල්කාරී හැඟීමක් ඇති කරයි.
දකුණු අප්‍රිකානු රජය විසින් සංවිධානය කළ විදේශ ප්‍රතිපත්ති සමුළුවකට සහභාගී වූ සඟයෙක් මහත් විශ්වාසයකින් යුතුව මාහට කියා සිටියේ, ඉදිරි අනාගතය චීනය බවත් බටහිර බිඳ වැටෙමින් ඇති බවත්ය.
දකුණු අප්‍රිකාවේ නොසන්සුන්තාවය සමීකරණයට පැමිනෙණේ එතැනදීය.
කොවිඩ් නිසා දැඩි ලෙස පහර වැදී ඇති සහ ලෝකයේ ඉහළම මට්ටමේ විරැකියාව හා අසමානතාවය සමඟ පොරබදමින් සිටින දේශීය ආර්ථිකය, ක්‍රමයෙන් ඉහළ යන අර්බුදයෙන් ගැලවීමට නම් දැඩි ලෙස විදේශ ආයෝජන අවශ්‍යය යන කරුණ පිළිබඳ ධනවත් ව්‍යාපාරිකයෙකු වන රටේ ජනාධිපති සිරිල් රමපෝසා හොඳින්ම අවබෝධකර ගනු ඇත.
රුසියාව නිසැකවම පිළිතුර නොවේ. දකුණු අප්‍රිකාව රුසියාව සමග වෙළඳ සබඳතා නොමැති තරම්ය.
චීනය වඩාත් වැදගත් පාර්ශවකරුවෙකු වුවත්, යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය සමග ඇති දීර්ඝකාලීන වෙළඳාම් සහ ආයෝජන විසින් මෙහි [දකුණු අප්‍රිකාව තුළ] එය යටපත් කර ඇත.
එසේනම්, ගැඹුරු ආර්ථික අවිනිශ්චිතභාවයක් පවතින අවස්ථාවක දී, දකුණු අප්‍රිකාව දැනටමත් මතභේදයට ලක්ව ඇති ප්රමුඛ බටහිර සබඳතා අනතුරේ හෙළන්නේ ඇයි?
පිළිතුර, අඩු තරමින් අර්ධ වශයෙන් හෝ රටේ වඩාත් වෙහෙසට පත් වූ සහ අක්‍රමවත් ආණ්ඩු පක්ෂය බොරු කියන බව පෙනෙයි.
දශක තුනක බලයේ සිටීමෙන් පසු, අප්‍රිකානු ජාතික කොංග්‍රසය (ANC) අභ්‍යන්තර ගැටුම්, දූෂණ සහ පරිපාලන අවුල්ජාලයන්ගෙන් මිදීමට අරගල කරමින් සිටියි.
නිදසුනක් වශයෙන්, යුක්ක්‍රේන යුද්ධයට අභිමුඛ වී සිටින දකුණු අප්‍රිකානු ආණ්ඩුව ඉදිරිපත් කර ඇත්තේ අවුල් සහගත පැමිණිලි මල්ලකි. පළමුව ආක්‍රමණය හෙළා දැක, පසුව එය හෙළා දැකීම පැහැදිලිවම ප්‍රතික්ෂේප කරමින්, මීළඟට නේටෝවට දෝෂාරෝපණය කරමින්, පුටින්ට ප්‍රශංසා කරමින්, හා සාම මැදිහත්කරුවෙකු ලෙස ඉදිරිපත් වෙමින්, රුසියාව සමග නාවික හමුදා අභ්‍යාස ද පවත්වා, කලබලයෙන් වොෂිංටනයට කරුණු පැහැදිලි කරමින් සහ ක්‍රෙම්ලිනයේ ප්‍රකාශ ඉඳහිට පුනරුච්ඡාරණය කරමින් සිටියි.
එක්සත් ජනපදය චෝදනා කරන ආකාරයට, දකුණු අප්‍රිකාව පසුගිය වසරේ රුසියාවට ආයුධ සැපයුවේද යන්න පිළිබඳ අභිරහස තවමත් පවතියි.
ධ්‍රැවීය ලෝකයක් සඳහා ප්‍රඥාවන්ත සහ මධ්‍යස්ථ උපදේශකයෙකු ලෙස පෙනීසිටීමට උත්සහ ගන්නා ජනාධිපති රමපෝසා රුසියාවේ ආක්‍රමණය ගැන දැඩි නොසන්සුන්තාවකින් පසුවන බවට ඇත්තේ සුළු සැකයකි.
නමුත් ඔහුගේ ආණ්ඩුවේ සහ පක්ෂයේ බහුතරයක් එම ස්ථාවරය නිත්‍ය ලෙසම හෑල්ලුවට ලක් කරන්නේ නිතරම වර්ණභේදවාදයට එරෙහි අරගලයේ දී මොස්කව්හි සහාය පිළිබඳ ඇල්ම සිහිගන්වමින් සහ එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ පොදු සැකයක් උපුටා දක්වමිනි.
පදනම් විරහිත පණිවිඩ ගැටුමේ සියලුම පාර්ශ්වයන් කෝපයට පත් කිරීමට සමත් වී ඇති අතර දකුණු අප්‍රිකාව දුර්වල සහ අවිනිශ්චිත බව පෙන්වීමට පමණක් සමත් වී ඇත.
නෙල්සන් මැන්ඩෙලාගේ "දේදුනු ජාතිය" නිශ්චිතවම අරගල කරමින් සිටින අතර, එය නොදුරේදී ම "අසමත් රාජ්‍යයක්" බවට පත්වනු ඇති බවට පවා ඇතැමුන් අනතුරු හඟවා තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Brics handout/Getty Images
නමුත් එයට ප්රතිවිරුද්ධව බ්‍රික්ස් සමුළුව මෙම සතියේ දී ක්‍රෙම්ලිනයට සිය වඩා උපායශීලී සහ ඵලදායී රාජ්‍ය තාන්ත්‍රිකභාවය ප්‍රදර්ශනය කිරීමට ප්‍රයෝජනවත් වේදිකාවක් ලබා දෙනු ඇත.
[අප්‍රිකානු] මහද්වීපයේ මෑතකාලීන සිරස්තලවල නයිජර් කුමන්ත්‍රණය හා රුසියාවේ මැරකම්, අවස්ථාවාදී, වාග්නර් කණ්ඩායමේ කුලී හේවායන් දැනටමත් මාලි සහ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ කර ඇති පරිදි, අවුල්සහගත තත්ත්වය තම වාසිය සඳහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳ ආධිපත්‍යය දරයි.
නමුත් අවම වශයෙන් වැදගත් වන්නේ, මහද්වීපයේ කිසිඳු පැවැත්මක් නොමැතිව දශක කිහිපයකට පසු මොස්කව්, විදේශ ඇමති සර්ජි ලැව්රොව් හරහා සාර්ථක ලෙස තීක්ෂණශීලි මාධ්‍ය පණිවුඩ යවමින් අප්‍රිකාවේ "යටත්විජිත" බටහිර බලපෑමට විශ්වාසනීය විකල්පයක් ලෙස පෙනී සිටීමට සමත් වීමයි.
දිළිඳුකම සමඟ පොරබදමින් සිටින රටවල්වල, දේශගුණික විපර්යාසවල බලපෑම, වැඩිවන තරුණ ජනගහනය සහ වර්ධනයවන විරැකියාව, පවතින තත්ත්වය පිළිබඳ කලකිරීම බොහෝ දෙනෙකුට නව විකල්ප සඳහා විවෘත වී ඇත.
විමසනු ලබන ප්රශ්නය එයයි? රුසියාවට අභියෝග කිරීමට බටහිර ජාතීන් සිදුකරන්නේ කුමක්ද?
ඇත්ත වශයෙන්ම, මෙම මහාද්වීපය පිළිබඳ සැසඳීමට යාම භයානක වන අතර, අප්‍රිකානු ආණ්ඩු හුදෙක් පුනර්ජීවනය වන සීතල යුද්ධයක ඉත්තන් යැයි යෝජනා කිරීම වැරදි සහ අහිතකරවනු ඇත.
නමුත් බ්‍රික්ස් ගැන බටහිර දැක්ම කොතැන ද? එක්සත් රාජධානියට "අප්‍රිකාව සඳහා අමාත්‍යවරයෙක්" සිටින නමුත් කිසිවෙකුත් අවුරුද්දකට වැඩි කාලයක් ධුරයේ රැඳී සිටීමට උත්සුක වී නැත.
සංවර්ධන ව්‍යාපෘති, දැඩි කොන්දේසි සහ හිතවත් අප්‍රිකානු නායකයින් සඳහා තෝරාගත් විදේශ ආරාධනා වැනි කාරණා සම්බන්ධයෙන් ප්‍රංශය, එක්සත් රාජධානිය සහ අනෙකුත් හිටපු යටත් විජිත බලවතුන් තවමත් මහාද්වීපය සලකන්නේ සහය ලබා දිය යුතු හවුල්කරුවෙකු වීමට වඩා කළමනාකරණය කළ යුතු වෙහෙසකර අර්බුදයක් ලෙස ය යන ප්‍රකාශය අවුලුවා ඇත.
මෙය අසාධාරණ විය හැකියි. එහෙත්, බටහිර ජාතීන් දශක ගණනාවක් තිස්සේ, මහාද්වීපය පුරා සෞඛ්‍ය සේවා, ව්‍යාපාර සහ රජයන්ට සහාය වීම සඳහා සැලකිය යුතු ශක්තියක් සහ මුදලක් කැප කර ඇත.
නමුත් නයිජර් සහ සෝමාලියාව වැනි ස්ථානවල බටහිර හමුදා වන, ප්‍රංශ හමුදා මෙන්ම විශේෂයෙන් ඇමෙරිකානු ඩ්‍රෝන යානා වල භූමිකාව ප්‍රබල පසුබෑමක් ඇති කර තිබේ.
බ්‍රික්ස්හි විකල්ප දැක්ම මෙම මහාද්වීපයේ ආකර්ෂණය වන්නේ මන්දැයි පැහැදිලි කිරීමට සහ මෙම සතියේ සැන්ඩ්ටන්හි සම්මන්ත්රණ ශාලා වලදී එම කණ්ඩායම හඬනගා සහ විශ්වාසයෙන් යුතුව එහි ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය උපකාරී විය හැකි ය.









