ප්‍රිගෝෂින්ගේ ගුවන් අනතුර : රුසියානු ජනාධිපති පුටින්ගෙන් මියගිය අයගේ පවුල්වලට සිය ශෝකය

වීඩියෝ ශීර්ෂ වැකිය, ප්‍රිගොෂින් 'ජීවිතයේ බරපතල වැරදි සිදු කළ දක්ෂ ව්‍යාපාරිකයෙක්' පුටින් කියයි

රුසියානු වාග්නර් කුලී හේවා බළකායේ ප්‍රධානී යෙව්ජීනි ප්‍රිගෝෂින් ගමන් කළ ජෙට් යානය අගෝස්තු 23 වන දින මොස්කව් නගරයට උතුරින් කඩා වැටුණු බව සැලවීමත් සමග ඔහුගේ ආධාරකරුවෝ පුෂ්පෝපහාර දක්වමින් ප්‍රිගෝෂින් සිහි කළහ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙම සිද්ධිය ගැන ප්‍රථම වරට අදහස් පළ කරමින් මියගිය අයගේ පවුල්වලට සිය ශෝකය පළ කළේය. එහිදී ප්‍රිගොෂින් 'ජීවිතයේ බරපතල වැරදි සිදු කළ' දක්ෂ ව්‍යාපාරිකයෙකු ලෙස පවසා තිබේ.