සුඩානයේ සමූහ දූෂණ සහ වාර්ගික අපයෝජන : 'මට සියදිවි නසා ගන්න ඕන උනා '

වීඩියෝ ශීර්ෂ වැකිය, සුඩානයේ සමූහ දූෂණ සහ වාර්ගික අපයෝජන : 'මට සියදිවි නසා ගැනීමට අවශ්‍ය විය'

රජයේ හමුදාව සහ RSF ලෙස හඳුන්වන පැරා මිලිටරි බලකාය අතර අප්‍රේල් මාසයේදී ගැටුම් ආරම්භ වූ දා සිට කාන්තාවන් විශාල වශයෙන් සුඩානය පුරා ස්ත්‍රී දූෂණ සහ ලිංගික හිංසනයට ලක්වන බව වාර්තා වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ආයතන විසින් ජූලි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක දැක්වුණේ ලිංගික ප්‍රචණ්ඩත්වය "මිනිසුන් භීතියට පත්කිරීමේ යුද උපක්‍රමයක් ලෙස" භාවිතා කර ඇති බවයි.

ගැටුම ආරම්භ වූ දා සිට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට අවම වශයෙන් කාන්තාවන් 57 දෙනෙකුට එරෙහිව කළ ලිංගික හිංසන සිදුවීම් 21 කට වඩා "විශ්වසනීය වාර්තා" ලැබී ඇති බවත්, එක් සිද්ධියකදී පමණක් ස්ත්‍රීන් 20ක් දූෂණය කර ඇති බවත් එම වාර්තාවල දැක්වේ.

BBC අරාබි සේවයේ මොහොමඩ් ඔස්මාන්ට RSF සොල්දාදුවන් විසින් දූෂණය කළ බව පවසන රට පුරා සිටින කාන්තාවන් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගැනීමට හැකිවිය.

වීඩියෝ නිෂ්පාදනය : ලීනා ෂයිකෞනි සහ අබ්දුල් රහ්මාන් අබුටලෙබ්

ග්‍රැෆික් / සජිවිකරණය : ජිල්ලා දස්ත්මල්චි