ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හවායිහි ලැව්ගිනි : 'මළ සිරුරු තවමත් ජලය මත පා වෙමින් තිබෙනවා'
හවායිහි මෞයී දූපත දූපතේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් පුද්ලයින් 93 දෙනෙකු මිය ගිය බව තහවුරු වී තිබේ. තවත් පිරිසක් අතුරුදහන් වී සිටිති.
ඓතිහාසික ලහයිනා නගරයේ සංචාරකයින්ට සහ නිවැසියන්ට ගින්නෙන් බේරීමට මුහුදට පැනීමට සිදුව තිබේ. ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් පවසන්නේ මෙම ලැව්ගිනි "හවායි ප්‍රාන්ත ඉතිහාසයේ විශාලතම ස්වභාවික ව්‍යසනය" බවයි.