ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ග්‍රීසියේ ලැව්ගිනි: පුරාවෘත්තවල පැවසෙන අන්දමේ මහා විනාශයක්
ග්‍රීසිය, එරට රෝඩ්ස් දිවයිනේ ඇතිවී තිබෙන ලැව්ගිනිවලට එරෙහිව හත්වැනි දිනයේ දීත් සටන් වදිමින් සිටින අතර, පෙර දිනවල දී ප්‍රදේශයෙන් ඉවත්කෙරුණු සංචාරකයෝ ආපිට මව්රටවලට යෑම සඳහා බලා සිටිති.
රෝඩ්ස් දිවයිනේ දකුණු ප්‍රදේශයේ පිහිටි 'වටි' නම් ගම්මානයේ ඇතිවූ දැවැන්ත ගින්නකට එරෙහිව ගිනි නිවන භටයෝ සටන් වදිමින් සිටියහ.
සතියකට පෙර ඇරඹුණු ගින්න දැන් වෙරළාසන්න ප්‍රදේශවලට ද පැතිරෙමින් පවතින නිසා, පුද්ගලයින් 20,000ක් පමණ දෙනාට නිවෙස් හා හෝටල් හැරයෑමට සිදුව තිබේ.
සාමාන්‍යයෙන් ගිම්හානයේ දී ග්‍රීසියේ ලැව්ගිනි ඇතිවුණත්, දේශගුණ විපර්යාසය හේතුවෙන් ඒවා වඩාත් දරුණු අතට හැරෙමින් පවතියි.