ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හිමාචල් ප්‍රදේශ් ජලගැල්ම: අධික වර්ෂාව හේතුවෙන් උතුරු ඉන්දියාවට දැඩි හානි
තවමත් උතුරු ඉන්දියාවට අධික වර්ෂාපතනයක් ඇදහැලෙන අතර, ගොඩනැගිලි හා පාලම් ගසාගෙන යෑම නිසා අවම වශයෙන් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තිබේ.
ක්ෂණික ගංවතුර සහ නායයෑම් හේතුවෙන් හිමාලයට මායිම්ව පිහිටි හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ජන ජීවිතය අඩාලවී ඇති අතර, වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ද එම ප්‍රාන්තයේ ය.
ඉරිදා (ජූලි 9), සාමාන්‍යයෙන් ඇදහැලෙන තරමට වඩා දස ගුණයකින් ඉහළ වර්ෂාපතනයක් ප්‍රාන්තයට ලැබුණු අතර, ඉන්දීය අගනුවර වන දිල්ලියෙන් 1982 වසරෙන් පසු ජූලි මාසයේ දී ලැබුණු වැඩිම වර්ෂාපතනය වාර්තා විය.
රටේ උතුරුදිග ප්‍රදේශවලට තවදුරටත් වැසි අපේක්ෂා කළ හැකිබව, ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) අනතුරු අඟවා සිටියි.