'අපි මෙතනින් ගියොත්, අපිව වෙනත් අපරාධවලට නිරාවරණය වෙනවා' - කොරියානු ලිංගික ශ්‍රමිකයින්
දකුණු කොරියාවේ පජු නගරයේ යොංග්ජුගොල් ප්‍රදේශය, 1950 ගණන්වල සිටම ලිංගික සේවා සපයන ප්‍රදේශයක් ලෙස පැවැතියේ ය.
කොරියානු යුද සමයේ දී ඒ ප්‍රදේශයේ ස්ථානගතවකර සිටි ඇමරිකානු සෙබළුන් එහි නිතර ආ ගිය නමුත්, මෑත වසරවල දී එහි ජනප්‍රියතාව පහත වැටෙමින් තිබුණි.
එම ප්‍රදේශයේ ලිංගික ජාවාරම් සිදුවනබවට සැක කරන බලධාරීහු, දැන් ලිංගික ශ්‍රමිකයින්ට එම ප්‍රදේශය හැර යන ලෙස බලපෑම් කරති.