ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නරඹන්න:හානියට පත් යුක්රේන ජලාශයක වේල්ල හරහා මහා ජල කඳක් ගලා යයි
මොස්කව් විසින් අත්පත්කොට ගෙන ඇති යුක්රේනයේ කේසෝන් ප්‍රදේශයේ ප්‍රධාන වේල්ලකට දැඩි ලෙස හානි සිදුවී තිබේ.
එරට දකුණු දිග කේසෝන් ප්‍රදේශයේ ප්‍රධාන වේල්ලක් පුපුරුවා හැර ඇති බවට යුක්රේන හමුදාව රුසියානු හමුදාවට චෝදනා කරන අතර රුසියාව විසින් මෙය ප්‍රතික්ෂේප කොට තිබේ.
ජනාධිපති සෙලෙන්ස්කි සිය ටෙලිග්‍රෑම් පිටුවේ හානියට පත් කහොව්කා වේල්ලේ වීඩියෝවක් බෙදා ගෙන තිබුණි.
කේසෝන් ප්‍රදේශයේ අවම වශයෙන් විවිධ ජනාවාස 24ක් දැනටමත් ජලයෙන් යට වී ඇති බව යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
රුසියානු රාජ්‍ය මාධ්‍ය පවසන ආකාරයට නෝවා කහොව්කා දිස්ත්‍රික්කයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
සිවිල් යටිතල පහසුකම් විනාශ කිරීම "යුද අපරාධයක්" බව පවසමින් යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් රුසියාවට දෝෂා රෝපණය කළ අතර,රුසියාවේ ස්ථාපිත ප්‍රාදේශීය නිලධාරියෙක් පැවසුවේ බලාගාරයේ ඉහළ කොටස පමණක් ෂෙල් ප්‍රහාරවලින් විනාශ වූ අතර මුළු වේල්ලම විනාශ නොවූ බවයි. ඔහු විසින් ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්රේනයට දොස් පවරයි.