ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තුඩොංග්:තායිලන්තයේ සිට ඉන්දුනීසියාවේ බොරෝබුදුර් විහාරස්ථානය දක්වා කිලෝමීටර් දහස් ගණනක පාදයාත්‍රා චාරිත්‍රය
තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව සහ ඉන්දුනීසියාව යන රටවල භික්ෂූන් වහන්සේ පිරිසක් වෙසක් වෙනුවෙන් පැවැත්වෙන තුඩොංග් චාරිත්‍රයේ කොටසක් ලෙස තායිලන්තයේ සිට ඉන්දුනීසියාවට කිලෝමීටර් දහස් ගණනක් පා ගමනින් වැඩම කරති.
ඔවුන්ගේ ගමනාන්තය වන්නේ ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා හි බොරෝබුදුර් විහාරස්ථානයයි. මෙය මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන රටක් වන ඉන්දුනීසියාවේ, විවිධත්වය තුළ එකමුතුකමේ සැබෑ වර්ණය විදහාපන අවස්ථාවකි.
මෙම චාරිත්‍රය උදෙසා ජාවා දිවයින පුරා වෙසන ජනතාවගේ සමාජ සත්කාරකසේවා ලබමින් පාගමනින් වැඩම කරන, බොහෝ භික්ෂූන් වහන්සේලා පැවසුවේ ඉන්දුනීසියානු ජනතාවගෙන් අසාමාන්‍ය පිළිගැනීමක් තමන්ට ලැබුණු බවය.