ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බණ කියන රොබෝ හාමුදුරුවෝ
රොබෝ භික්ෂුවකගෙන් බණ ඇසිය හැකි යුගයක් අද පවතිනවා කීවොත් එය පුදුමයට කරුණක් නොවේ.
චීනයේ බීජිං නුවර ආසන්නයේ පිහිටි බෞද්ධ පන්සලක වැඩ වසන හිමි නමක් විසින් රොබෝ භික්ෂුවක් නිර්මාණය කරනු ලැබ තිබේ.
ලෝන්ක්වාන් පන්සලේ වැඩ වසන ඉහත කී බෞද්ධ හිමි නම විසින් රොබෝ භික්ෂුව නිර්මාණය කොට ඇත්තේ තාක්ෂණ විද්‍යා සමාගමක සහ කෘතීම බුද්ධිය පිළිබඳ ප්‍රවීණයන් පිරිසකගේ සහාය ඇතිවයි.
රොබෝ භික්ෂුවට පිරිත් සජ්ජායනා කිරීමට මෙන්ම විධාන අනුව චලනය වීමේ සහ සංවාදයක යෙදීමේ හැකියාවද තිබේ.
මේ හරහා බුදු දහම කෙරෙහි ඇති උනන්දුව ඉහළ යනු ඇති බවයි රොබෝ භික්ෂුවගේ නිර්මාණකරු පවසන්නේ.
රොබෝ භික්ෂුව සමාජ ජාල ඔස්සේ ධර්මානුශාසනා ද සිදු කරන බවයි වාර්තා වන්නේ.