පාකින්සන් රෝගය: ඉන්දියානු නැටුම් පන්තියක් වැඩිහිටියන්ට ප්‍රීතිය සොයාගැනීමට උපකාර කරන්නේ මෙසේ යි

වීඩියෝ ශීර්ෂ වැකිය, පාකින්සන් සහිත වැඩිහිටියන්ට උදව් කරන ඉන්දියානු නැටුම් පන්තියක්

පාකින්සන් රෝගයෙන් පෙළෙන ඉන්දියානු ජ්‍යෙෂ්ඨ වැඩිහිටියින් පිරිසක් පවසන්නේ, නර්තන පන්තියක් ඔවුන්ගේ චලන සමායෝජනය වැඩිදියුණු කිරීමට උපකාරී වනබව යි.

බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වෙසෙන තම සිසුන්, ප්‍රීතිය වෙනුවෙන් නර්තනයේ යෙදෙනබව ඔවුන්ගේ නර්තන ගුරුවරයා පවසයි.

පාකින්සන් රෝගය, ශරීරයේ මාංශ පේශීන් සමග මොළය සන්නිවේදනය කරන ආකාරයට බලපෑම් සිදුකරයි. එයට වෙව්ලීම, සමතුලිතතා ගැටලු සහ චලනය මන්දගාමී කිරීම කළ හැකිමුත්, විශේෂඥයින් පවසන්නේ ව්‍යායාම මඟින් රෝගයේ වර්ධනය මන්දගාමී කළ හැකිබව යි.