ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජොක් සොන්ෆ්‍රීලෝ: මාස්ටර්චෙෆ් ඕස්ට්‍රේලියා වැඩසටහන මෙහෙයවන, 46 හැවිරිදි ජොක් සොන්ෆ්‍රීලෝගේ හදිසි මරණයට හේතුව කුමක්ද?
- Author, ටිෆිනි ටර්න්බුල්
- Role, බීබීසී පුවත්, සිඩ්නි
සම්මානලාභී සූපවේදියෙකු සහ මාස්ටර්චෙෆ් ඕස්ට්‍රේලියා වැඩසටහන ඉදිරිපත් කරන , ජෝක් සොන්ෆ්‍රීලෝ වයස අවුරුදු 46 දී හදිසියේ මිය ගියේය.
මේ ස්කොට්ලන්ත ජාතිකයා ඕස්ට්‍රේලියාවේ තමාගේම අවන්හලක් විවෘත කිරීමට පෙර ලොව පුරා සුප්‍රසිද්ධ අවන්හල්වල සේවය කර ඇත.
මාස්ටර්චෙෆ් 2023 අදියරේ පළමු වැඩසටහන විකාශනය කිරීමට නියමිත දිනයේ ඔහුගේ මරණය පිළිබඳව නෙට්වර්ක් 10 විකාශන ආයතනය විසින් තහවුරු කරන ලදී.
සොන්ෆ්‍රිලෝට ඔහුගේ බිරිඳ ලෝරන් ෆ්‍රයිඩ් සහ දරුවන් හතර දෙනෙක් සිටින අතර, ඔවුන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන්ගේ හදවත් "බිඳී ගිය" බවයි.
"ඔහුගේ මාර්ගයේ ගමන් කළ අය, ඔහුගේ මිතුරන් වූණා, හෝ අප ඔහුගේ පවුලේ සාමාජිකයින් වීමට තරම් වාසනාවන්ත වුණා, ඔබ ඊලඟ විස්කි පානය ගන්නා විට මෙම සාඩම්බර ස්කොට්ලන්ත ජාතිකයා ඔබේ හදවත් තුළ තබා ගන්න," පවුලේ සාමාජිකයින් පවසා තිබේ.
සඳුදා අලුයම පොලිසිය කළ පරීක්ෂාවකදී සොන්ෆ්‍රිලෝ මෙල්බර්න් හි නිවසක් තුළ මියගොස් සිටියදී සොයා ගෙන තිබේ. වික්ටෝරියා පොලිසිය පැවසුවේ මෙම මරණය සැක කටයුතු මරණයක් ලෙස නොසලකන බවයි.
ඔහුගේ මරණය සූපශාස්ත්‍ර හා විනෝදාස්වාද කේෂ්ත්‍රයට සම්බන්ධ පුද්ගලයින්ට ශෝකය ගෙන දෙන කාරණයක් විය.
ජනප්‍රිය සූපවේදීන් වන ජෙමී ඔලිවර් සහ ගෝඩන් රැම්සේ මෙන්ම හිටපු මාස්ටර්චෙෆ් තරගකරුවන් රැසක් ඔහුට බුහුමන් දක්වා තිබේ.
නව දර්ශන වාරය සඳහා පෙනී සිටීමට නියමිතව සිටි ඔලිවර්, සොන්ෆ්‍රිලෝ සහ අනෙකුත් විනිසුරුවන් දෙදෙනා වන මෙලිසා ලියොන්ග් සහ ඇන්ඩි ඇලන් සමඟ සිටින ඡායාරූපයක් ඉන්ස්ටර්ග්‍රෑම් හි පළ කොට තිබිණි.
"[ජෝක්] ගේ හදිසි මරණයෙන් මම සම්පූර්ණයෙන්ම කම්පනයට පත්වෙලා ඉන්නේ.. මේ වසරේදී මාස්ටර්චෙෆ් සඳහා අපි එකට වැඩ කරපු හොඳම කාලය ගත කළා," ඔහු සටහනක් තබමින් පැවසීය.
"මේ විනාශකාරී පුවත ගැන කණගාටුයි... අපි ඕස්ට්‍රේලියාවේ මාස්ටර්චෙෆ් හි එකට ගත කළ කාලය තුළ මම සැබවින්ම සතුටු වුණා ". ට්විටර් සටහනක් තබමින් රැම්සේ පවසා තිබේ.
නෙට්වර්ක් 10 විකාශන ආයතනය ද ඔහුට උපහාර දක්වමින් සඳහන් කර සිටියේ සොන්ෆ්‍රිලෝගේ ආකර්ශනීයත්වය, උද්‍යෝගය සහ හාස්‍ය මුසු දුෂ්ඨ හැඟීම ගෘහස්ථ ඉවීමේ කලාවට ආශ්වාදයක් ලබා දුන් බවයි. කලින් පටිගත කර ඇති මාස්ටර්චෙෆ් සැලසුම් කළ පරිදි මෙම සතියේ විකාශය නොවන බව ඔවුන් පවසා ඇත.
1976 දී ග්ලාස්ගෝ හි උපත ලද, සොන්ෆ්‍රිලෝ අවුරුදු 12 දී මුළුතැන්ගෙයි වැඩ කිරීමට පටන් ගත්තේය. 15 හැවිරිදි වියේදී ඔහු සුඛෝපභෝගී ස්කොට්ලන්ත නිවාඩු නිකේතනයක් වන ද ටර්න්බේරී හෝටලයේ හි සේවය කළ ලාබාලතම ආධුනිකයින්ගෙන් කෙනෙකු බවට පත්විය.
වසර දෙකකට පසුව ඔහු මිචෙලින් හි රඟපෑ බ්‍රිතාන්‍ය සූපවේදී මාර්කෝ පියරේ වයිට්ගේ සුප්‍රසිද්ධ හයිඩ් පාර්ක් හෝටලයේ සේවය කළේය.
නමුත් වර්ධනය වෙමින් පැවති වෘත්තීය ජීවිතයක් තිබියදීත්, තම නව යොවුන් වියේදී නිවසක් නොමැතිව සහ හෙරොයින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ජීවිතය බිඳ වැටීමට ලක්වු බව සොන්ෆ්‍රිලෝ පැවසීය. ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සමඟ කළ අරගල ගැන ඔහුගේ 2021 මතක සටහන් වන 'ලාස්ට් ෂොට්' හි දීර්ඝ ලෙස සටහන් කර ඇත.
2000 වසරේදී ඕස්ට්‍රේලියාවට යාමත් සමඟ නව ආරම්භයකට යොමුවූ බවත්, අවන්හල් කිහිපයක් විවෘත කිරීමට හැකි වූ බවත් ඔහු පැවසා ඇත.ඒ අතුරින් වඩාත්ම සාර්ථක වූයේ ඔහු 2013 දී විවෘත කරන ලද ඇඩිලේඩ්හි සම්මානලාභී ඔරානා අවන්හලයි.
2019 දී, මාස්ටර්චෙෆ් ඕස්ට්‍රේලියා සඳහා සියලුම නව ඉදිරිපත් කරන්නන් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කිරීමේදී රූපවාහිනී ඉදිරිපත් කරන්නෙකු ලෙස ඔහුව නම් කෙරිණි.
කෙසේවෙතත් සොන්ෆ්‍රිලෝ ගේ වෘත්තීය ජීවිතය ආන්දෝලන වලින් තොර නොවුණි. ඩොලර් මිලියන ගණනක ණය සමඟ ඔරානා අවන්හල 2020 වර්ෂයේ දී වසා දැමූ අතර, මාර්කෝ පියරේ වයිට් ඇතුළු හිටපු සමකාලිනයින් විසින් ලාස්ට් ෂොට් සාවද්‍ය යැයි විවේචනය කරන ලදී.