‘මට මරණ තර්ජන ලැබෙන්න පටන්ගත්තා’ - පාකිස්ථාන සංක්‍රාන්ති ලිංගිකයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය
හීනා බාලුක් යනු පාකිස්ථානයේ සංක්‍රාන්ති ලිංගික ක්‍රියාකාරිනියකි. මෑත වසරවල දී එරට සංක්‍රාන්ති ප්‍රජාවට එරෙහි රැල්ලක් වර්ධනයවී ඇතිබැවින් තම ජීවිතය ගැන බියෙන් පසුවනබව ඇය පවසයි.
වත්මන, ඇයත්, අනෙකුත් සංක්‍රාන්ති ලිංගික ක්‍රියාකාරීනුත්, සංක්‍රාන්ති ලිංගික පුද්ගල පනත සඳහා යෝජිත සංශෝධනයකට විරෝධය පළ කරති. පාකිස්ථානයේ වෙසෙතැ යි ඇස්තමේන්තුගත 500 000ක් සංක්‍රාන්ති ලිංගික පුරවැසියන් සඳහා මෙම නීතිය මඟින් මූලික අයිතිවාසිකම් සහතික කෙරෙන අතර, ඔවුන්ට වෙනස්කොට සැලකීම ඉන් තහනම් කරයි.
එහෙත් එරට දක්ෂිණාංශික පක්ෂ, එම නීතිය විසින් "සමලිංගික විවාහ ප්‍රවර්ධනය කරන" බව පවසමින් ඊට එරෙහිව උද්ඝෝෂණය කිරීම වර්ධනයවී ඇත. මෑත මාසවල දී, ගතානුගතික ආගමික දේශපාලන පක්ෂ මේ පනත ගැන කනස්සල්ල පළකර ඇති අතර, එය "ෂාරියා නීතියට එරෙහි" ලෙස සලකයි.

