පාපන්දු තරගයක් අතරතුර ප්‍රේක්ෂකයින් පිටියට ටෙඩි වලසුන් විසිකරයි
බෙෂික්ටෂ් සහ අන්තාල්යස්පෝර් යන තුර්කි පාපන්දු කණ්ඩායම් දෙක අතර තුර්කියේ ඉස්තාන්බුල්හි දී පැවැති පාපන්දු තරගයක් අතරතුරේ රසිකයින් විසින් ටෙඩි වලසුන් දහස් ගණනක් තණතිල්ල වෙත වීසි කෙරුණි.
දකුණු තුර්කිය සහ උතුරු සිරියාව කම්පනයට පත්කරමින් සිදුවූ මාරාන්තික භූ කම්පනවලින් දිවි ගලවාගත් දරුවන්ට මේ සෙල්ලම් බඩු ලබා දෙනු ඇති.
භූ කම්පනයෙන් 50 000කට වැඩි පිරිසක් මියගිය අතර නගර සුන්බුන්බවට පත්විය.

