තුර්කි භූ කම්පනය : වින්දිත දරුවන්ට ගෞරව පිණිස සුන්බුන් මත රතු බැලුන් රඳවයි

භූ කම්පනවලට ගොදුරු වූ දරුවන් සිහි කිරීම සඳහා තුර්කියේ ස්වේච්ඡා සේවකයින් විනාශයට පත්වූ ගොඩනැගිලිවල සුන්බුන් මත රතු බැලුන් රඳවා තිබේ.

ඡායාරූප ශිල්පියෙකු වන ඔගුන් සෙවර් ඕකූර්ගේ ප්‍රධානත්වයෙන් ඔවුහු හටායි නගරයේ සුන්බුන් මතට නැග යකඩ කම්බිවල බැලුන් රැඳවූහ.

දකුණු දිග තුර්කියේ සහ උතුරු දිග සිරියාවේ සිදුවූ භූ කම්පනවලින් පුද්ගලයින්හතලිස් දහසකට වඩා ජීවිතක්ෂයට පත්වූහ.