මුදාගැනීමේ පිරිස් කුඩා පිරිමි දරුවෙකුට බෝතල් මූඩියකින් වතුර පොවන අවස්ථාවක්
මුදාගැනීමේ කණ්ඩායම් විසින්, භූ කම්පනයේ දරුණුතම ප්‍රහාරයට ලක්වූ තුර්කියේ පළාතක් වන හාටයිහි සුන්බුන් යට සිරවී සිටි මුහම්මද් නම් ළාබාල සිරියානු දරුවෙකු සොයාගෙන ඇත.
මහා භූ කම්පනයෙන් දෙදිනකට පසු, සුන්බුන් අතරින් ඔහු ඉවතට ඇදගැනීමට පෙර ඔවුහු ඔහුට බෝතල් මූඩියකින් බිමට ජලය ලබාදුන්හ.

